Top News

මහ බැංකුවේ හොල්මන්කාරයෝ සිටිනතාක් රුපියල ස්ථාවර කරන්න බැහැ – රවී

මහ බැංකුවේ හොල්මන්කාරයෝ ඉන්න තාක් කල් රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. වර්තමානයේ දී රුපියලේ අගය සීඝ්‍රයෙන් පිරිහීමේ තත්ත්වයට විසඳුම් මොනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා…

(0)Comments | January 9, 2019 10:09 am

පොදු ප්‍රවාහනයේ පෙරළි රැසක්. පානදුරේ සිට වේයන්ගොඩට විදුලි දුම්රියක්. ලංගමට හයිබ්‍රිඩ් බස් දාහක්.

ලංගම බස් ඇණියට මෙම වසර තුළ දී නවීන බස් රථ 1,000 ක් එක් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “පාපුවරුව පහළින් තියෙන වායුසමීකරණය කරන ලද හයිබ්‍රිඩ් බස්රථ දාහකුත් සහ සාමාන්‍ය ඩීසල් බස් රථ දාහකුත් ගේන්න බලාපොරොත්තු…

(0)Comments | January 8, 2019 12:50 pm

විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය – 2019 සමස්ත රාජ්‍ය වියදම රු.බි. 4,470 යි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට 2019.01.07 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කල සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470 ක් වේ. ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් පමණ වේ. 2014…

(0)Comments | January 8, 2019 11:49 am

නීතිවිරෝධී දුම්වැටි හේතුවෙන් වාර්ෂිකව රජයට අහිමි වන ආදායම රු. බිලියන 18 ක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ආචාර්යවරුන් තිදෙනෙකු විසින් මෙරට නීතිවිරෝධී දුම්වැටි ජාවාරම සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයක වාර්තාව, පසුගිය ජනවාරි 07 වන දින ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සනාතන සභා ශාලාවේදී එළිදක්වන ලදි. ”ශ‍්‍රී ලංකාවේ නීතිවිරෝධී දුම්වැටි ජාවාරම හා එමඟින් අහිමි වන බදු මුදල් පිළිබඳ පදනම් අධ්‍යනය” (A Baseline Study on the Illicit Cigarette Market and the Resulting…

(0)Comments | January 8, 2019 10:52 am

මුළු ලංකාවෙම ක්‍රෙඩිට් කාඩ් ණය රුපියල් බිලියන 100 ඉක්මවයි

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත්වලට අදාළව 2018 නොවැම්බර් මාසය අවසාන වන විට පියවිය යුතු මුළු ණය වටිනාකම රුපියල් මිලියන 103,146 ක් ලෙසින් වාර්තා වේ. මෙම වටිනාකම පළමු වතාවට පසුගිය 2018 ඔක්තෝබර් මාසයේ දී රුපියල් මිලියන 100,000 සීමාව ඉක්මවා ගිය අතර ඔක්තෝබර් අවසානයේ දී එම අගය රුපියල් මිලියන 101,353 ත් ලෙසින්…

(0)Comments | January 7, 2019 4:42 pm

ඩිස්ටිලරිස් සහ මෙල්ස්ටාස්කෝප් සමාගම්වල සාංගමික කටයුතු සේවා සැපයීමට CDS ගිවිසුමකට එළඹෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) පුර්ණ හිමිකාරිත්වය සහිත සමාගමක් වන මධ්‍යම තැන්පතු ක්‍රම පුද්ගලික සමාගම (CDS) විසින් ඉටුකරනු ලබන සාංගමික කටයුතු සේවා සහ රෙජිස්ට්‍රාර් සේවා ලබාගැනීමට ඩිස්ටිලරිස් කොම්පැනි ඔෆ් ශ්‍රී ලංකා (DCSL) සහ මෙල්ස්ටාස්කෝප් (Melsta) පුද්ගලික සමාගම් ගිවිසුමකට එලඹී ඇත. මෙම සේවාව CDS ආයතනය විසින් 2018 වර්ෂයෙහිදී දියත් කල අතර වර්තමානයේදී කර්මාන්ත ක්ෂෙත්‍ර 8ක් නියෝජනය කෙරෙන…

(0)Comments | January 7, 2019 3:59 pm

තරු පහේ ආරක්ෂාවක් සහතික කළ ඉන්දියාවේ පළමු මෝටර් රථය බවට Tata Nexon පත්වෙයි

Global NCAP විසින් සිදුකරනු ලබන ඝට්ටන පරීක්ෂාවේ (crash test) දී තරු පහේ ආරක්ෂාවක් සහතික කරනු ලැබූ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද පළමු මෝටර් රථය ලෙසින් Tata Nexon රථය පිළිගැනීමට ලක්ව තිබේ. Global New Car Assessment Program (NCAP) විසින් 2004 වසරේ සිට ඉන්දියානු මෝටර් රථ සඳහා මෙම ඝට්ටන පරීක්ෂාවන් (crash test) සිදුකරනු ලබන අතර, එහිදී මේ දක්වා…

(0)Comments | January 7, 2019 3:09 pm

Hunas Falls නව අයිතිකරුවෙකු සොයයි. කොටස් මිල සතියක දී 100% කින් නගී

මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන හේලීස් සමූහයෙහි පරිපාලිත සමාගම් දෙකක් වන Carbotels (Pvt) Ltd හා Amaya Leisure PLC විසින් බහුතර කොටස් හිමිකාරීත්වය දරනු ලබන Hunas Falls Hotels PLC හෝටල් සමාගමේ සිය අයිතිය අලෙවි කිරීමට අදාළ සමාගම් ද්විත්වය සූදානමින් පසුවන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් දැනුම් දෙමින් Hunas Falls Hotels…

(0)Comments | January 7, 2019 12:33 pm

ගම්පෙරළිය යළි කරළියට

ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන වඩාත් පුළුල්ව යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව මෙතෙක් එක් මැතිවරණ කොට්ඨාසයක සංවර්ධන කටයුතු වෙනුවෙන් ගම්පෙරළිය යටතේ වෙන් කෙරුණු රුපියල් මිලියන 200 වෙනුවට 2019 වසරේ සිට රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන ලබා දීමට තීරණය කර තිබේ. ඒ වෙනුවෙන් මෙම වසර තුළ රුපියල් මිලියන 48,000ක් වෙන් කෙරේ….

(0)Comments | January 7, 2019 10:27 am

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය සම්මානයට පාත්‍රවේ

ඩිජිටල් තාක්ෂණික විශිෂ්ටතා ඇගයීමට ලක් කෙරෙන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙල වන SLT ZERO ONE AWARDS 2018 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සම්මාන ද්විත්වයකින්  පිදුම් ලැබීය. හොදම ඩිජිටල් තාක්ෂණික නිෂ්පාදන හා සේවා කාණ්ඩය (Best Digital-Enabled Product /Service Category) යටතේ වන  සමස්ත ජයග්‍රහනය (Overall Winner) නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක  ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය…

(0)Comments | January 7, 2019 10:09 am