Top News

මුදල් නීති පනත සංශෝධනයට IMF නීති විශේෂඥයින්ගේ සහාය

ශ්‍රී ලංකා මහ බැංකුවේ යහපාලනය වැඩිදියුණු කිරීම, මූල්‍ය අංශයේ අධීක්ෂණය සවිමත් කිරීම සහ රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අමතරව, විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය වැඩිදියුණු කිරීම සහ මුදල් ප්‍රතිපත්ති රාමුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව හඳුන්වා දීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස මුදල්…

(0)Comments | January 2, 2019 2:57 pm

2018 දී කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වුණු වැදගත් සිදුවීම් මෙන්න

රටක කොටස් වෙළෙඳපොළ යනු එම රටේ ආර්ථිකයේ හරස්කඩකි. ශ්‍රී ලංකාවට ද එය එලෙසින්ම අදාළය. මෙවර අප සූදානම් වන්නේ 2018 වසරේ දී ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ වන ‘කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව‘ හෙවත් ‘කොළඹ කොටස් වෙළෙඳපොළ‘ හැසිරුණේ කෙසේදැයි යන්න පිළිබඳව ආපසු හැරී බලන්නටය. සාමාන්‍යයෙන් වසරක පළමු දිනය එනම් ජනවාරි 01 දා කොටස් වෙළෙඳපොළට නිවාඩු දිනයකි. අද…

(0)Comments | January 2, 2019 4:52 am

සුසන්ත, ජෝන් කීල්ස් මුල් පුටුවට සමුදෙයි. නව සභාපති ක්‍රිෂාන්

ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති ධූරයෙන් සුසන්ත රත්නායක මහතා ඊයේ (31) දින සමුගත්තේය. රත්නායක මහතා 2006 වසරේ දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සභාපති තනතුර සඳහා පත් වූ අතර ඔහුගේ සමුගැනීමත් සමඟම සමාගමේ උපසභාපති ක්‍රිෂාන් බාලෙන්ද්‍ර මහතා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපතිවරයා වශයෙන් අද (01) දින සිට වැඩ භාර…

(0)Comments | January 1, 2019 1:49 pm

2019 අභියෝගාත්මකයි – මුදල් අමාත්‍යාංශ ලේකම්

ණය කළමනාකරණයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක 2019 වසර සඳහා දිරියෙන් මුහුණ දිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි. මීට අමතරව මූල්‍ය විනය පවත්වාගෙන යාම කෙරෙහි ද මෙම වසර තුළ දී අවධානය යොමු කළ යුතු බව හෙතෙම සඳහන් කරයි. නව වසරේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීම සහ රාජ්‍ය…

(0)Comments | January 1, 2019 1:26 pm

2018 දී කොළඹ කොටස් 5% කින් පසු බසී

2018 වසර තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 4.98% ක පහළ යාමක් වාර්තා කර තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6,598.73 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (31) දින ගනුදෙනු අවසානයේ දී සිටහන් වූයේ ඒකක 6,052.37 ක් ලෙසිනි. මේ අතර 2018 වසර පුරාවට විදෙස් ආයෝජකයින් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ…

(0)Comments | January 1, 2019 10:01 am

ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ්‍රී ලංකාවේ රුපියලත්..

2018 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 19% කින් අවප්‍රමාණය වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකා රුපියල, ආසියාවේ දුර්වලම විනිමය අතරට එක්ව ඇති බව රොයිටර් පුවත් සේවය කියා සිටී. ඊයේ (31) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 180.7202 ක් ලෙසින්…

(0)Comments | January 1, 2019 9:54 am

මෙරට ඩිජිටල් යටිතල පහසුකම් තව දුර යා යුතුයි – මහාචාර්ය සමරජීව

ඉහළ ගුණාත්මක මට්ටමේ ඩිජිටල් යටිතල පහසුකම් ලබා ගැනීමෙහි ලා ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා ඇතත් තව යායුතු දුර බෝහෝ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි. රොහාන් සමරජීව මහතා මෙම අදහස් පළ කළේ ඩිජිටල් තාක්ෂණික විශිෂ්ටතා ඇගයීමට ලක් කෙරෙන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙල වන SLT ZERO ONE…

(0)Comments | December 31, 2018 11:18 am

ආචාර්ය සමරතුංග යළි මුදල් අමාත්‍යාංශයට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා යළි පත් කර තිබේ. ඒ මහතා අද (31) උදෑසන මුදල් අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය.

(0)Comments | December 31, 2018 10:34 am

හරීන්ගෙන් ‘ඩිජිටල්‘ හැලෙයි. මලික්ගෙන් ‘විද්‍යා තාක්ෂණ‘ ගැලවෙයි

පසුගිය දා දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයේ සාමජිකයන් වන හරීන් ප්‍රනාන්දු හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් යටතේ තිබූ අමාත්‍යංශ කිහිපයක් ඉවත් කර තිබේ. මේ අනුව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය ද, සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ…

(0)Comments | December 29, 2018 2:56 pm

Ease of Doing Business Index දර්ශකයේ ශ්‍රී ලංකාවේ තැන ඉදිරියට ගෙන ඒමේ වගකීම රවීට පැවරෙයි

පසුගිය දා දිවුරුම් දෙනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලයේ එක් එක් අමාත්‍යවරයා භාරයේ පැවතිය යුතු විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන දැක්වෙන අති විශේෂ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. ඊට අනුව නව අමාත්‍ය මණ්ඩලයේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතාගේ විෂයය පථයට අයත්වන කාර්යයන් හා කර්තව්‍යයන් දක්වා…

(0)Comments | December 29, 2018 1:31 pm