Top News

මහ බැංකු අධිපති වැඩ කළේ රාජ් රාජරත්නම් ළඟ – රවී කියයි

වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, තමන්ට නිදොස් කොට නිදහස් වූ විදේශ විනිමය නඩුවේ චෝදනා ලැබූ රාජ් රාජරත්නම් ලඟ සේවය කළ අයෙකු බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. සිය ඉල්ලා අස්වීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී සිදුකරමින් කරුණානායක මහතා මේ බව අනාවරණය කළේය. මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින්…

(0)Comments | August 10, 2017 4:44 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුමට ඕසෝන් මිතුරු තේ ලාංඡනය එක්වෙයි

ඕසෝන් ස්ථරයට හානිකර මීතයිල් බ්‍රෝමයිඩ් (Methyl Bromide) හෙවත් බ්‍රෝමොමීතේන් (Bromo-methane) රසායනික ද්‍රව්‍යය භාවිතය සීමා කළ යුතු බවට ඕසෝන් වියන සුරැකීම සඳහා වූ මොන්ට්‍රියල් සන්ධානය විසින් 1992 වසරේදී තීරණය කරන ලදී. ඒ අනුව, විකල්ප තාක්ෂණික ක්‍රම වෙත යොමුවීම මඟින් විශේෂයෙන්ම තේ වගාව තුළ පළිබෝධනාශකයක් වශයෙන් භාවිත කරන ලද එම රසායනික ද්‍රව්‍ය මුළුමනින්ම භාවිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී…

(0)Comments | August 10, 2017 4:34 pm

මහබැංකුව විනිවිදභාවයෙන් කටයුතු කරනවා – අමාත්‍ය කබීර් හෂීම්

එක්සත් ජාතික පක්ෂය යහපාලනයට බැදී සිටින පක්ෂයක් බවත් බැඳුම්කර නිකුත් කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කර බැදුම්කර නිකුත් කිරීමට න්‍යායාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බවත් මහබැංකුව විනිවිදභාවයෙන් කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. සභාව කල්තබන අවස්ථාවේ යෝජානාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය. ජනාධිපති කොමිෂන් පත් කරලා,…

(0)Comments | August 10, 2017 4:24 pm

මත්තල ගුවන්තොටෙන් ලාභ ගන්න ඉන්දියාව සමඟ හවුලක්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මෙහෙයුම් කටයුතු රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට රජයේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් අද පැවති කැබනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශයට පත්කරන ලද නිවේදනය පහත දැක්වේ. වර්තමානයේ අලාභ ලබමින් පවත්වා ගෙන යනු ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ 2016 දෙසැම්බර් 31 දින වන විට සමුච්චිත…

(0)Comments | August 10, 2017 2:49 pm

කටුනායක ගුවන්තොටේ හෝටලයක් හදන්න ආයෝජකයෙකු සොයයි

ගුවන් මගීන්ට සහ සංචාරකයින්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක අවම වශයෙන් කාමර 100ක් සහිත තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා ආයෝජකයන් දෙදෙනෙකු වෙත ඉඩම් කැබලි වෙන් කර දෙනු ලැබ තිබේ. එහෙත් ඉන් එක් ආයෝජකයෙකු සිය යෝජනාව අනුව ඉදිරි කටයුතු…

(0)Comments | August 10, 2017 2:16 pm

කන්තලේ සීනි කම්හල ගැන රජයෙන් තීරණයක්

දැනට අවුරුදු 23කට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබෙන සීමාසහිත කන්තලේ සීනි කර්මාන්තායතනයේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ නැවත ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා අදාළ කර්මාන්තශාලා භූමිය නිදහස් කිරීමට ප්‍රථම එහි ඇති ඉවත් කළ යුතු සියලුම ගොඩනැඟිලි කඩා ඉවත් කිරීම සහ භාණ්ඩ හා යන්ත්‍රෝපකරණ…

(0)Comments | August 10, 2017 2:10 pm

රවී ඉල්ලා අස්වෙයි – ආඩම්බරයෙන් ගත් තීරණයක්

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය තනතුරින් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. මෙහිදී හිටපු කරුණානායාක මහතා වැඩිදුරටත් කියා සිටියේ තමන් පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරනු ලබන බවයි. තමන්ට එල්ල වී ඇති චෝදනා හරහා එක්සත් ජාතික පක්ෂය හා යහපාලන රජය බිඳහෙලීමේ කුමන්ත්‍රණයක් දියත් වන බවත් එබැවින්…

(0)Comments | August 10, 2017 1:55 pm

මෙන්ඩිස්ට නියෝගයක්

ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ 2013 වසරේ සිට මේ දක්වා විගණනය කරන ලද සියලූම ගිණුම් හා බැංකු වාර්තා වහාම ඉදිරිපත් කරන ලෙස භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් හෝල්ඩිංග්ස් වෙත දැනුම් දී ඇත. ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන කොටස්කරුවා, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වන අතර කොමිසමේ මෙම නියෝගය…

(0)Comments | August 10, 2017 11:34 am

ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනය මිලියන 8.6 යි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 වසරේ පළමුවන කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කොට ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් රටේ රැකියා නියුක්තිය, රැකියා වියුක්තිය හා ශ්‍රම බලකාය වැනි සංඛ්‍යාති රැසක උපනතිය පිළිබඳ කාලීන දත්ත ඉදිරිපත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණය පවත්වනු ලබයි. මෙම සමීක්ෂණය 1990…

(0)Comments | August 10, 2017 11:02 am

පානීය නොවන ස්ප්‍රීතු සඳහා බදු පැනවේ

පානීය නොවන ස්ප්‍රීතු ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50,000 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවකට යටත් කර ඇති අතර, ඒ අනුව මෙතනෝල් ස්ප්‍රීතු ලීටර් 01 ක් සඳහා රුපියල් 25 ක නව බද්දක්ද, මහා භාණ්ඩාගාරය විසින් පනවා ඇත. මෙම නව බදු පැනවීම අගෝස්තු 01දා සිට ක්‍රියාත්මක වන අතර මෙම නව බදු පැනවීම සම්බන්ධයෙන් අංක 2029/50 සහ 28.07.2017…

(0)Comments | August 10, 2017 10:30 am