නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 අගෝස්තු මස වාර්තා කළ 58.2ක අගයට සාපේක්ෂ ව 2018 සැප්තැම්බර් මාසයේ දී 54.1ක දර්ශක අගයක් දක්වා අඩු විය. මෙම අඩු වර්ධනය සඳහා, විශේෂයෙන් ම ආහාර සහ පාන අංශය ඇතුළු ව නව ඇණවුම් සහ නිෂ්පාදනවල වර්ධනය අඩු වීම හේතු විය. නිෂ්පාදන හා සේවා කටයුතුවලට අදාළ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණයට ප්‍රතිචාර…
2018 වසරේ ගත වූ මුල් මාස 06 තුළ නව අයවැය යෝජනා සම්බන්ධ ප්‍රගතිය මන්දගාමී බව අධ්‍යයනයකින් හෙළි වී ඇත. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදුකරන ලද “අයවැය පොරොන්දු – මැති සබයෙන් ඔබ්බට“ වාර්තාව මගින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත. මෙම වාර්තාව තවදුරටත් මෙම නිරීක්ෂණ අනාවරණය කර සිටී. නව වැය යෝජනාවලින් 8% ක් පමණක් ඉලක්කයන්ට සාපේක්ෂව…
ඊයේ (15) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදු වූ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී කොටස් ගනුදෙනුවත් සමඟින් 2018 වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් ආයෝජකයින් විසින් විකුණා ඇති කොටස්වල ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 8.3 ක් ලෙසින් වාර්තා වේ. හේලීස් පීඑල්සී විසින් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී අත්පත් කර ගැනීමේ දී ඉතිරිව තිබූ කොටස් මිලියන 35.56 ක් ඊයේ දින…
ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුකූල ව ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ මෙහෙයුම් අංශයන් හා බැඳුණු ක්‍රියාවලියන්හි විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර කිරීමේ අභිලාෂයෙන් ආරම්භ කරන ලද්දා වූ සහ ක්‍රියාවට නැංවූ පියවර පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක වන නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කිරීම සඳහා, පියවර…
දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ පහළ යමින් තිබෙන මෙම වකවානුවේ දී රුපියල් බිලියන 2 ක සමාගම් කොටස් තමා විසින් මිල දී ගනු ලැබූ බව මෙරට කොටස් වෙළෙඳපොළේ ප්‍රමුඛතම ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි. මෙරට ව්‍යාපාරික ප්‍රවෘත්ති සඳහා වෙන්වුණු එකම දිනපතා පුවත්පත වන Daily FT සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කර ඇත. ඔහු මෙහිදී…
ශ්‍රී ලංකා රුපියල අද (15) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව දැවැන්ත වර්ධනයක් වාර්තා කරනු ලැබීය. විදුලි පණිවුඩ පැවරුම් සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගන්නා ලද ප්‍රධාන වාණිජ බැංකු විසින් එදින පෙරවරු 9.30 ට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ව්‍යවහාර මුදල්වල ගැණුම් හා විකුණුම් විනිමය අනුපාතයන්හි සාමාන්‍ය අගය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු…
සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි තවත් කොටස් මිලියන 35.56 ක් මිල දී ගැනීමට හේලීස් සමූහය අද (15) දින පියවර ගනු ලැබීය. අද පෙරවරුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කළ සුළු මොහොතකින් සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 35,562,883 ක් මේ අනුව ගනුදෙනු වූ අතර එහිදී රු. 47.00 බැගින් එක් කොටසක් ගනුදෙනු විය. මෙම…
දිනෙන් දින පහළ බසින රුපියලේ වටිනාකම පාලනය කිරීම සඳහා රුපියල් ඩොලර් බවට හරවමින් අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ. මේ පිළිබඳව වාණිජ බැංකු වැනි බලයලත් මුදල් වෙළෙඳ ආයතන වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, විශේෂයෙන් සඳහන් කරන ලද ලැයිස්තුවේ දැක්වෙන අත්‍යාවශ්‍ය නොවන…
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාවය තවත් වැඩි කිරීමේ අරමුණින් ඉදිකරන ලද නව ඖෂධ කර්මාන්ත ශාලාව අද (ඔක්තෝම්බර් මස 12) දින පස්වරු 4.00 ට විවෘත කිරීමට කටයුතු යොදා ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමට නියමිතය. රත්මලාන…
රාජ්‍ය හිමිකාරීත්වය සහිත හෝටල් දෙකක් මීළඟ මාස 06 ක කාලය තුළ විකුණා දැමීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවක දී රාජ්‍ය අමාත්‍යවරයා විසින් මේ බව අනාවරණය කර ඇත. මේ අනුව දැනට ඉදිකිරීම් සිදුවෙමින් පවතින කොළඹ හයට් හෝටල් ගොඩනැගිල්ල සහ හිල්ටන් හෝටලයේ රජයේ හිමිකාරීත්වය මෙයාකාරයෙන් විකුණා දැමීමට…
Video Story