රජයේ උපායමාර්ගික දේපළ ගණයට අයත් නොවන හිල්ටන් සහ හයට් හෝටල් ව්‍යාපෘති පවරාදීමේ තීරණය ගන්නා ලද්දේ අමාත්‍ය මණ්ඩලය විසිනි. එය වාර්ෂික අයවැය කථා කීපයකදී ද යෝජනා කර ඇත. හයට් හෝටලයේ ඉදිකිරීම් කටයුතු අඩක් පමණ දැනට නිමකර ඇති අතර එහි වියදම දරා ඇත්තේ රාජ්‍ය ව්‍යවසායයන් වන අර්ථසාධක අරමුදල, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ලිට්ට්‍රෝ ගෑස් සමාගම විසිනි….
පෞද්ගලික රෝහල් විසින් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුන ද පෞද්ගලික රෝහල් නියාමනය කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිත හමුවට පසුගිය 19 දින එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. කොළඹ රාමඩා හෝටයේ දී අලෙවි නියෝජිත හමුව පැවැත්විනි. රාජ්‍ය ඖෂධ…
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී තිබේ. 2018-2024 කාලසීමාව තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ සමාරම්භය 2018-10-22 දින පෙ.ව 10.00ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට කටයුතු යොදා තිබේ. ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ…
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කළ මහජන මන්ත්‍රණ සභාව පසුගිය දා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දී පැවැත්විණි. සිංගප්පූරු ගිවිසුමේ ඇත්ත කතාව ලෙස නම් කරමින් සංවාද සම්මන්ත්‍රණය පැවැති අතර එහි මූලික දේශනය කරමින් අඳහස් දැක්වූ රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ දේශනය ඇසුරෙන් සකස් කෙරිණි. පරාක්‍රම යුගයක ඓතිහාසික ආර්ථික අද්දැකීම…….
කොළඹ වරාය තුළ කාර්යක්ෂම නාවික සේවාවක් සැපයීමට අවශ්‍ය වන නියමු යාත්‍රා දෙකක්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 3.12ක මුදලකට සීමාසහිත කොළඹ ඩොක්යාර්ඩ් සමාගම වෙත පිරිනැමීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත්…
ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ ගියද රටේ ජනතාවට බර පටවමින් ගෑස් මිල වැඩි කිරීමට ඉඩදිය නොහැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරීන් හා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් හමුවී කරන ලද සාකච්ඡාවේදීය. මෙහිදී ගෑස් සැපයුම්කරුවන් සඳහන් කර සිටියේ දැනට ක්‍රියාත්මක…
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දිනෙක පොරොන්දු වී පරිදි අද (18) දින මුල් වරට ඉන්ධන මිල සූත්‍රය මාධ්‍ය වෙත අනාවරණය කරන ලදී. ඉන්ධන මිල සූත්‍රය ගණනය කිරීම පහත පරිදි සිදුවේ. රථවාහන ඉන්ධන සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී පදනම් කරගන්නා සමීකරණය පිළිබඳ හැඳින්වීමක් 2018 මැයි මස 11 දින සිට බලපැවැත්වෙන පරිදි රථවාහන…
තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ව්‍යවසායකයින් බිහි කරමින් නව රැකියා අවස්ථා හා ආදායම් මාර්ග උත්පාදනය කර උතුරු ප්‍රදේශයේ තිරසර සංවර්ධනයක් සිදු කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව අපනයන වෙළඳපොළ කෙරෙහි ඉක්මණින් යොමු විය හැකි අන්දමින් වෘත්තීය සේවා ව්‍යාපාරවලට සහ ව්‍යවසායකයන්ට ඉතා පහසුවෙන් සහ පිරිවැය ඵලදායී අන්දමට සිය කාර්යාල ස්ථාපිත කර හැකි වන පරිදි අවශ්‍ය…
ඇතැම් අත්‍යාවශ්‍ය ඖෂධ ලංකාවෙන් ඉවත් වෙන බවට සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළවී ඇති වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය,රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා; “අද ඇතැම් ඖෂධ සමාගම් වල වුවමනාවට ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය…
බදු ගෙවීම සිය ආදායම මංකොල්ල කෑමක් ලෙස නොව, සමාජ වගකීමක් ඉටු කිරීමක් ලෙස දැකිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය, සමෘද්ධිය, පොහොර සහනාධාර ඇතුළු සියලු ම දේ ජනතාව ලබාදෙනු ලබන්නේ මෙම බදු ආදායමෙන් බව අමාත්‍යවරයා සඳහන් කරයි. එසේ ම නව දේශීය ආදායම් පනත මගින් බදු සහන ලබා දීම සඳහා විෂයභාර ඇමැතිවරයාට…
Video Story