Top News

ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරින් ශ්‍රී ලංකාව මුලික ස්ථානයට නම් කිරීම අපේ සංචාරක ව්‍යාපාරය ලත් ජයග්‍රහණයක් – අගමැති

ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරින් ශ්‍රී ලංකාව මුලික ස්ථානයට නම් කිරීම අපේ සංචාරක ව්‍යාපාරය ලත් ජයග්‍රහණයක් බවත්, ඒ ජයග්‍රහණයෙන් උදම් නොවී අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් සංවර්ධනය කරලීම සඳහා නව මංපෙත් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික උරුමයන් වෙත මෙන්ම තවත් නවාංග වෙත සංචාරකයන්…

(0)Comments | October 26, 2018 11:32 am

එකතු කළ අගය වැඩි නිෂ්පාදන වලට යා යුතුයි – එරාන්

මුදල් පනත් කෙටුම්පතක් සහ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් තුනක් අද (25) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පනත් කෙටුම්පත හා නියමයන් පිළිබඳ විවාදය ආරම්භ කළේ ය. විවාදයේ දී අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා; අද අපේ ආර්ථිකය ජාත්‍යන්තර බලපෑම්වලට මුහුණ දෙනවා. අභ්‍යන්තර ප්‍රතිපත්ති තිබෙනවා. ජාත්‍යන්තර රටවල්වල ප්‍රශ්න තිබෙනවා. අපි ජාත්‍යන්තරව සම්බන්ධතාවයන් ගොඩ…

(0)Comments | October 25, 2018 1:16 pm

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පැමිණිලි හා විමසීම් – 1925 අමතන්න

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම, පැමිණිලි ඉදිරිපත් කිරීම ඇතුළු සේවා සඳහා 1925 ඍජු දුරකතන අංකය හඳුන්වා දෙයි. භාෂා තුනෙන් ම ක්‍රියාත්මක මෙම ඍජු දුරකතන සේවය  වෙත ඕනෑම දුරකතන ජාලයක් ඔස්සේ නොමිලේ ඇමැතිය හැකි ය. මෙම අංකය වෙත ලැබෙන පැමිණිලි විද්‍යුත් තැපෑල මගින් පැමිණිල්ලට අදාළ බැංකු ශාඛාව වෙත…

(0)Comments | October 25, 2018 1:09 pm

ලංගම තෙල් කොන්ත්‍රාත්තුවට සංස්ථාව නැහැ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ සඳහා තෙල් හා ලිහිසි ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Lanka IOC PLC, M/s. Cheveron Lubricant Lanka PLC සහ M/s. McLarens Lubricants Ltd. යන ආයතන වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද…

(0)Comments | October 25, 2018 9:54 am

පලාලි ගුවන්තොටේ වැඩි දියුණුවට රු. බිලියන 2 ක ආයෝජනයක්

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව කාල සටහනක් අනුව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදා ගැනීමටත්, ඒ සඳහා පලාලි ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු රුපියල් මිලියන 1,965ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කඩිනමින් සිදු කර ගැනීමටත්, ජාතික…

(0)Comments | October 25, 2018 9:50 am

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ශක්තිමත් කරන්න ඩොලර් මිලියන 50ක්

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 50ක අරමුදල් සහයක් සහ එම බැංකුවේ මෙහෙයුම් ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් දරිද්‍රතාවය අවම කිරීමේ ජපන් අරමුදල හරහා ඇමරිකානු ඩොලර් මිලියන 01ක ප්‍රදානයක් ද ලබා දීමට එකඟ වී ඇත. ඒ සඳහා වන ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස සහ…

(0)Comments | October 25, 2018 9:44 am

මහ බැංකු නි. අධිපති දේශීය ආදායම් මුල් පුටුවට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 32කට වැඩි අත්දැකීම් ඇති පළපුරුදු නිලධාරියකු වන ඒ මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශයක් මත මෙම නව තනතුරට පත් කරනු ලැබ ඇත.

(0)Comments | October 25, 2018 9:34 am

ඩොලරය 174 ඉක්මවයි

ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 174 සීමවා අද (23) දිනයේ දී ඉක්මවා යන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 170.2356 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 174.1217 ක් ලෙසින් සටහන් විය. ඩොලරයක ගැණුම් මිල රුපියල් 170 සීමාව ඉක්මවා…

(0)Comments | October 23, 2018 2:12 pm

උද්ධමනය 1 න් පහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 අගෝස්තු මාසයේ දී පැවැති සියයට 2.5 ට සාපේක්ෂ ව 2018 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.9 ක් දක්වා පහළ ගියේ ය. මෙම පහළ යෑම සඳහා පදනම් බලපෑම සහ ආහාර මිලෙහි වූ මාසික පහළ…

(0)Comments | October 23, 2018 9:24 am

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් – ගැසට් නිවේදනය නිකුත් කරයි

විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් හට විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථා තිබෙන නමුදු විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට එසේ භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මෙතෙක් අවස්ථාවන් ලැබී නොමැත. ඉහළ යන ඉල්ලුම…

(0)Comments | October 22, 2018 3:18 pm