ශ්‍රීලංකන් ගුවන් සේවය මෙල්බර්න් වෙත සෘජු ගුවන් සේවාවන් හඳුන්වාදීමේ පළමු සංවත්සරය සමරමින් ජාතික ගුවන් ප්‍රවාහන සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යන දෙඅංශයේම කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ. එමගින් ජාතික ගුවන් සේවය සංචාරක ක්ෂේත්‍රයට සහ ශ්‍රී ලංකාවට නව අවස්ථාවන් රැසක් උදා කර දී තිබේ. 2017 ඔක්තෝබර් මාසයේ මෙල්බර්න් වෙත ශ්‍රීලංකන් ගුවන් සේවය සෘජු ගුවන් ගමන්…
ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු, මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන්ම භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වූ එස්. ආර්. ආටිගල මහතා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසින් පත් කර තිබේ. එස්. ආර්. ආටිගල මහතා ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ විද්‍යාවේදී උපාධිධරයෙකු වන ආටිගල මහතා එක්සත් ජනපදයේ Warwick සරසවියේ…
ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 176 සීමවා අද (31) දිනයේ දී ඉක්මවා යන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 172.3605 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 176.2547 ක් ලෙසින් සටහන් විය. ඩොලරයක ගැණුම් මිල රුපියල් 172 සීමාව හා විකුණුම් මිල රුපියල්…
දැනට පවත්නා අස්ථාවර දේශපාලනික වාතාවරණය නිසි විසදුමකින් තොරව අඛණ්ඩව පවතින්නේ නම්, එමගින් ඉතා අහිතකර ප්‍රතිවිපාක රටතුල ඇතිවිය හැකිබවට පහත සදහන් වාණිජ මණ්ඩල බලවත් සැලකිල්ලට භාජනය කරණු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තුලින් යුහුසුළුව මෙම ගැටළු නිරාකරණය කරන ලෙස අපි ඉල්ලා සිටිමු. රටතුල නීතිය සහ සාමය තහවුරු කරමින් මහජනතාවගේ ජීවිත සහ දේපල හානිය වලක්වන ලෙස අප දේශපාලන පක්ෂ…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) දින ගනුදෙනු අතරවාරයේ දී ඒකක 6,000 සීමාව කරා පැමිණියේය. කෙසේවෙතත් වැඩි වේලාවක් එම කඩඉමේ රැඳී සිටීමට සියලු කොටස් මිල දර්ශකයට ඉඩ නොලැබුණු අතර අද දින පස්වරු 2.30 ට ගනුදෙනු අවසන් වන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5960.80 මට්ටමේ පැවතිණි. මේ අතර රුපියල් මිලියන 981.38…
මෙරට මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 175 සීමාව අද (30) දිනයේ දී ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 171.6722 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 175.5637 ක් ලෙසින් සටහන් විය. ඩොලරයක විකුණුම් මිල රුපියල් 175 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි….
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා යොදා ගනු ලැබූ ඉන්ධන මිල සූත්‍රය මින් මතු ක්‍රියාවට නංවන්නේ නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අද (30) පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය. “ජනතාව මින් පසු යක්ෂයාගේ දිනයට භය වෙන්න ඕනේ නැහැ. යක්ෂයාගේ දිනය 10 වෙනිදා. යක්ෂයාගේ දිනයට භය වෙන්න එපා,…
2018 අගෝස්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය මන්දගාමීව පැවතුණි. ආනයන වියදම්හි සිදු වූ වර්ධනය අභිබවා අපනයන ආදායම් ඉහළ යෑම හේතුවෙන් මාසය තුළදී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු විය. මේ අතර, සංචාරක ඉපැයීම්හි සිදු වූ සුළු වැඩි වීම හා විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සිදු වූ අඩු වීමත් සමඟ 2018 අගෝස්තු…
පසුගිය වසර 5 ක කොටස් වෙළෙඳපොළ ඉතිහාසය තුළ තනි දිනක් තුළ දී සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම වර්ධනය අද (29) දිනයේ දී වාර්තා විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 112.22 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය සටහන් වූයේ ඒකක 5,944.18 ක් ලෙසිනි. මෙය අවසාන කොටස් වෙළෙඳපොළ ගනුදෙනු දිනය වූ…
ලංකා IOC සමාගම 2018 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය වාර්තා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මෙම කාර්තුව තුළ දී රුපියල් මිලියන 207.31 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC සමත් වී තිබේ. 2017 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුවේ දී රුපියල් මිලියන 176.9 ක අලාභයක් වාර්තා කර…
Video Story