Top News

කොළඹ කොටස් දෛනික පිරිවැටුම රු. බිලියන 3 ½ ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 100 ක් ඉක්මවා වර්ධනය වූ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම අද (29) දහවල් 12.20 පමණ වන විට රුපියල් බිලියන 3.6 සීමාව පසුකර ගියේය. මෙය 2018 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී තිබෙන දෛනික සාමාන්‍ය පිරිවැටුම වන රුපියල් මිලියන 768.2 හා සැසඳීමේ දී පස් ගුණයකට ආසන්න අගයයකි. මේ සඳහා…

(0)Comments | October 29, 2018 12:58 pm

ආණ්ඩු පෙරළියෙන් පසු කොළඹ කොටස් ඒකක 100 කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ගනුදෙනු අතරවාරයේ දී පෙරවරු 11.00 පමණ වන විට ඒකක 114 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 78 කින් ඉහළ යන ලදී. මේ අතර පසුගිය සිකුරාදා (26) දිනයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 63 කින් ඉහළ ගියේය. සිකුරාදා (26) දිනයේ දී…

(0)Comments | October 29, 2018 11:16 am

EAP ගනුදෙනුව දූෂිතයි – ඉදිරියේ දී පරීක්ෂණයක්

අර්බුදයට ලක්ව ඇති EAP ආයතනය විදේශ ව්‍යාපාරිකයෙකුට පැවරීම ඉතා දූෂිත ගනුදෙනුවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (28) දින සිදුකරන ලද විශේෂ ප්‍රකාශය අතරතුර දී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා EAP ගනුදෙනුව සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය. “ඔබ මාධ්‍ය තුළ දැක්කා පසුගිය දිනවල EAP ආයතනයේ ගනුදෙනුවක් පිළිබඳව. ඒ ආයතනය විදේශීය ව්‍යාපාරිකයෙකුට බාරදුන්නා….

(0)Comments | October 29, 2018 6:12 am

බල පෙරළියෙන් කොළඹ හෝටල්වලට වුණු දේ

පසුගිය දා මෙරට දේශපාලන කරළියෙහි සිදුවූ පෙරළියත් සමඟම ක්ෂේත්‍ර කිහිපයකටම එහි ආනුශංගික ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුව ඇති බව අද දෙරණ Biz වෙත වාර්තා වේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම මෙම සතිය සහ එළඹෙන සතිය තුළ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ ඉසව් ගණනාවක්ම අවලංගු කිරීමට සිදුවීම මීට හේතු වී තිබේ. නොවැම්බර් 05 දින මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කථාව ඉදිරිපත්…

(0)Comments | October 29, 2018 6:06 am

රුපියල් බිලියන 310 ක් ණය ගන්න පාර්ලිමේන්තුවේ සම්මත වුණු අවසන් යෝජනාව

2018 අංක 8 දරන, සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ විධිවිධානයන්හි විශේෂිතව සඳහන් කර ඇති අරමුණු උදෙසා, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී, ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 310 නොඉක්මවූ මුදලක් ණයක් වශයෙන් ලබාගැනීමට එම පනතේ 3 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසින්, 2018.10.26 වැනි දින යෝජනා සම්මත කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ සම්බන්ධයෙන්…

(0)Comments | October 29, 2018 5:15 am

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල බසී

පෙට්‍රල් 13% කින්, ඩීසල් 8% කින්, භූමිතෙල් 6% කින් අඩුවෙලා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් මේ වන විට සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබේ. 2018 ඔක්තෝබර් 05 දින සිට අද (ඔක්තෝබර් 26) දින දක්වා පසුගිය දින 21 ක කාලපරිච්ඡේදය සැලකීමේ දී Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.47 සිට ඩොලර් 76.77 දක්වා ද, OPEC Basket බොරතෙල් බැරලයක මිල ඩොලර්…

(0)Comments | October 26, 2018 5:20 pm

2017-18 වසරේදී ශ‍්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ අපනයන වලින් හතරෙන් එකකට, එමිරේට්ස් ස්කයිකාර්ගෝ දායක වෙයි

නැවුම් මත්ස්‍ය අපනයනවල සිට මල් දක්වා ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන ලෝකය වෙත රැගෙන යාමට එමිරේට්ස් ස්කයිකාර්ගෝ සහාය වෙයි   එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් ලබාදෙන ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සේවාව හමුවේ ශ‍්‍රී ලංකාවේ ගුවන් අපනයන භාණ්ඩ කලට වේලාවට නැවුම් තත්ත්වයෙන් අදාළ ගමනාන්ත වෙත ප‍්‍රවාහනය කිරීමේ පහසුකම මෙරට බොහෝ අපනයන කරුවන්ට හිමිවී තිබේ. සම්මානනීය ගුවන් සමාගමේ කොළඹ කාර්යාලය විසින් නිකුත්…

(0)Comments | October 26, 2018 5:14 pm

පළාත් හතරක සෞඛ්‍ය සේවා නංවන්නට ඩොලර් මිලියන 50 ක ADB ආධාර

ශ්‍රී ලංකාවේ මධ්‍යම, උතුරු මැද, සබරගමුව, හා ඌව පළාත් වල රෝහල් ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඇ.ඩො.මි. 50 ක මූල්‍ය ආධාර ලැබී ඇත. මේ සඳහා වන ගිවිසුම් දෙකකට අද දින (26) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි. ණය සහ ප්‍රදාන වශයෙන් පිළිවෙලින්  ඇ.ඩො.මිලියන 37.5 ක් සහ  ඇ..ඩො.මිලියන 12.5 ක් ලබාගැනීම…

(0)Comments | October 26, 2018 2:25 pm

ටයිල් සහ සනීපාරක්ෂක උපාංග කර්මාන්තය අධි ආරක්ෂණයෙන් අවසානයේ පීඩා විඳින්නේ පාරිභෝගිකයාද?

මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ පිරිවැය ස්ථාවර කිරීම පිළිබඳ සාකච්ඡාව ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමය (TSIA) ටයිල් සහ සනීපාරක්ෂක උපාංග මත මෙතෙක් පවත්වාගෙන ආ ආරක්ෂණ බද්ද හේතුවෙන් පැන නැගී ඇති ගැටළු රැසක් පිළිබඳ අවධාරණය කරයි. ක්ෂේත්‍රයේ පවතින දුෂ්කරතා මගහරවා ගනිමින් සාධාරණ ව්‍යාපාරික ප්‍රතිපත්තියකට අනුව සිය ව්‍යාපාරික කටයුතු සිදුකර ගැනීමේ අවස්ථාව සිය සාමාජිකයන් හට ලබාදීමේ අරමුණින් යුතුව…

(0)Comments | October 26, 2018 12:19 pm

කොළඹ ඉඩම් මිල සියයට 16 කින් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිශ්චල දේපොළ අංශයෙහි ප්‍රවණතා අධීක්ෂණය කිරීමේ අරමුණින් දර්ශක කිහිපයක් සම්පාදනය කිරීම සහ විශ්ලේෂණය කිරීම සිදු කරයි. මේ අනුව, කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉඩම් මිල දර්ශකය, 1998 වසර පදනම් වර්ෂය කර ගනිමින් 1998 සිට 2008 වසර දක්වා වාර්ෂිකව සහ 2009 සිට 2017 වසර දක්වා අර්ධ වාර්ෂිකව, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් ආවරණය…

(0)Comments | October 26, 2018 11:44 am