එක්සත් ජනපද ඩොලර් හෝ ජපන් යෙන් හෝ යූරෝ හෝ ඒවායේ සංයෝජනයකින් නාමනය කරන ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 1000 ක ප්‍රමාණයක් දක්වා වූ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2018 මාර්තු මාසයේ දී දේශීය සහ විදේශීය බැංකු සහ ආයෝජන ආයතනයන්ගෙන් යෝජනාවන් කැඳවන ලදී. ඒ අනුව, දේශීය සහ විදේශීය බැංකු සහ…
ඖෂධ කර්මාන්තයේ නියැලී සිටින සමාගම් විසින් ආනයනික ඖෂධ 13ක් වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නා බව ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල අවප‍්‍රමාණය වීම සමග ඖෂධ නිෂ්පාදන සඳහා සාධාරණ මිල පාලනයක් සිදු කරන මෙන් මෙම ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් විසින් ශ‍්‍රී ලංකා රජයට ඉල්ලීම් ඉදිරිපත් කළද රජය මෙම ගැටලූවට…
ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචාරණය කිරීම සඳහා පුළුල් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, වෙළඳ ප්‍රචාරක ආයතන 06ක් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇත. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ…
සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේ දී මුහුණදීමට සිදුව ඇති අභියෝග ජය ගැනීමට තම දැනුම සහ අත්දැකීම් ජාතිය වෙනුවෙන් කැපකරන්නැයි ජනාධිපතිවරයා සමස්ත ඉංජිනේරුවන්ගෙන් ඉල්ලයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම ඉල්ලීම සිදු කළේ අද (17) පෙරවරුවේ කොළඹ දී පැවති ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මේලනය අමතමිනි. “තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ සැලසුම් සහ අභියෝග” මැයෙන් ශ‍්‍රී ලංකා…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර 10කට වරක් පවත්වනු ලබන ජනසංගණනය 2021 වර්ෂයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජන හා නිවාස සංගණනයේ ලැයිස්තුගත කිරීමේ අදියර 2020 වර්ෂයේදී සහ ගණන් ගැනීමේ හා දත්ත ප්‍රචලිත කිරීමේ අදියරයන් 2021 වර්ෂයේදී සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය…
මට්ටක්කුලිය කාකදූපත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ මහජන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ලබා දීම පිණිස එහි ඉදි කර ඇති වෙරළ උද්‍යානයට යාබදව බහුකාර්ය ගොඩනැඟිල්ලක් ලෝක බැංකු ආධාර මත ඉදි කිරීමට යෝජනා වී ඇත. පර්චස් 65ක වපසරියකින් යුත් භූමි භාගයක වර්ග අඩි 14,500ක් පමණ ඉඩ ප්‍රමාණයක් සහිතව මෙම බහු කාර්යය ගොඩනැඟිල්ල ඉදි කිරීම පිණිස වැඩබලන මහානගර හා…
මෙගාවොට් 100ක සුළං බලාගාරයක් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඩෙන්මාර්කයේ M/s Vestas Asia Pacific A/S ආයතනය වෙත පිරිනැමීම පිණිස සහ ඒ සඳහා වන ගිවිසුම්වලට එළඹීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා…
පසුගිය සැප්තැම්ර් මාසයේ දී ලියාපදිංචි කර ඇති එංජින් ධාරිතාව 1000cc ට වඩා අඩු වාහන සංඛ්‍යාව 2018 අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 40.5 කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ. JB Securities සමාගම විසින් මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන මෙරට මෝටර් රථ ලියාපදිංචි කිරීම් පිළිබඳ සංඛ්‍යා වාර්තාව මගින් මේ බව අනාවරණය කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ…
ලෝක වෙළෙඳපොළ තුළ දැනට උද්ගතව ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස, ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දෙයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික ආර්ථික සභාව ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16)…
තානාපති, මහකොමසාරිස් වැනි රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලවල වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රු. 128.00 ක් විය යුතු බව ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන පිරවුම්හල වෙත දැනුම් දී තිබේ. මෙය පෙර පැවති රු. 122.00 සිට රු. 6.00 ක වැඩි වීමකි. එසේම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 134.00 සිට රු. 8.00…
Video Story