Top News

ඩොලරය රු. 173 සමීපයට පැමිණෙයි

දිගින් දිගටම ශක්තිමත් වෙමින් පවතින එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිල අද (11) දිනයේ දී යළිත් වරක් ඉහළ ගියේය. එහිදී ඩොලරයක විකුණුම් මිල රු. 173 ආසන්නයට පැමිණ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 169.0186 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 172.9000 ක්…

(0)Comments | October 11, 2018 11:56 am

”ඉන්දියානු සාගරය” සමුළුව අද කොළඹදී ආරම්භ වෙයි

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගරය විශාල වශයෙන් භාවිත කරන රටවලට පොදු වූ අභිලාෂ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කොට ගත් “ ඉන්දියානු සාගරය : අපගේ අනාගතය නිර්වචනය කිරීම” සමුළුව අද (11) කොළඹ අරලියගහ මන්දිරයේ දී ආරම්භ වෙයි. මෙම සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවත්වනු…

(0)Comments | October 11, 2018 11:12 am

මධුසමයට ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය යුවළ, බමන මතින් පදම් වී නැවතී සිටි හෝටලය මිල දී ගනී

2017 දෙසැම්බර්යේ දී  මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය පැමිණි යුවළක්, තමන් නැවතී සිටි හෝටලය මිල දී ගැනීමට තීරණය කිරීමේ අපූරු පුවතක් බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ. Mirror පුවත් සේවය පරිදි 33 හැවිරිදි Gina Lyons සහ 35 හැවිරිදි Mark Lee විවාහ පත්වන්නේ 2017 ජූනි මාසයේ දීය. පසුගිය ඔවුන් 2017 දෙසැම්බරයේ මධුසමය සඳහා ශ්‍රී ලංකාවට…

(0)Comments | October 10, 2018 1:53 pm

රුපියල කඩාවැටීම කියන්නේ ආර්ථිකය කඩා වැටීම නෙවෙයි – මංගල

2015 වසරේ දී ආණ්ඩුවට ලැබුණේ රාජ්‍ය මූල්‍ය කාල බෝම්බයක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. කඩා වැටුණු රාජ්‍ය ආදායමක් අපනයනයක් පමණක් නොව පහළ යමින් තිබූ ආර්ථික වර්ධන වේගයක් සමග භාර ගත් ආණ්ඩුව මේ වන විට සියලු අර්බුදයන්ට මුහුණ දෙමින් ශක්තිමත් වෙමින් පවතින බව අමාත්‍යවරයා කියා සිටියි. ඊයේ (09) සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා…

(0)Comments | October 10, 2018 11:39 am

නිපුණතා සංක්‍රමණිකයින්ට මෙල්බර්න්, සිඩ්නි ඇතුලු ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර තහනම්?

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව නිපුණතා සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යොමු කරවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බව SBS පුවත් සේවය වාර්තා කර සිටී. ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නව අමාත්‍යධුරයක් වන නගර සහ ජනගහනය සම්බන්ධ අමාත්‍යධුරය හොබවන Alan Tudge විසින් මේ බව ඊයේ (09) දින මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත. එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් මෙසේ…

(0)Comments | October 10, 2018 6:42 am

ශ්‍රීලංකන් දෙවැනි වරටත් APEX Four Star ඇගයුම් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රීලංකන් ගුවන්  සමාගම සිය  විශිෂ්ටත්වය නැවත වරක් විදහා දක්වමින් දෙවැනි වරටත් ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත  ඇගයුම් කර සම්මාන ලබාදීමේ  වැඩසටහන වන ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ  (Airline Passenger Experience Association (APEX)  සම්මාන උළෙලේ දී   තරු හතර පංතියේ  (Four Star) සේවා ඇගයුම් (Four Star) ලැබීමට  පසුගියදා සමත් විය.  APEX  සංවිධානය (www.apex.aero)  යනු ලෝකයේ  ලාභ  ඉපයීම අරමුණු…

(0)Comments | October 9, 2018 5:51 pm

රුපියල ගලවා ගැනීමේ මග

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා විසිනි ශ්‍රී ලංකා රුපියල/ඇමරිකානු ඩොලරය: කරුණාකර මේ ප්‍රස්ථාර දෙස බලන්න. මේ තුළින් අපගේ රුපියල මත පීඩනය ඇතිවීමට දිගුකාලීනව හේතුවූ කරුණු අවබෝධකර ගැනීම පහසු වනු ඇත. මෙම දත්ත මගින් පෙන්වන්නේ 1970 වසරේ සිට ශ්‍රී ලංකාව සිදුකළ වෙළඳ අපනයන සහ විදේශීය ජංගම ගිණුමේ ශේෂයයි. මෙහි ප්‍රවණතාවය…

(0)Comments | October 9, 2018 4:14 pm

වාහන ආනයන වියදම 120% කින් ඉහළට

පසුගිය 2018 ජූලි මාසයේ දී පෞද්ගලික රථ වාහන ආනයනය සඳහා දරා ඇති මුළු පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියන 137 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2017 වසරේ ජූලි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 62.2 හා සැසඳීමේ දී 120.4% ක ඉහළ යාමකි. මේ අතර 2018 වසරේ මුල් මාස 07 තුළ වාහන ආනයනය වෙනුවෙන් දරා…

(0)Comments | October 9, 2018 2:36 pm

ඩොලරය රු. 172 කඩුල්ල පනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (09) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 168.4701 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 172.3491 ක් ලෙසින් සටහන් විය. ඩොලරයක විකුණුම් මිල රුපියල් 172 සීමාව අභිබවා ගිය පළමු අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල…

(0)Comments | October 9, 2018 12:46 pm

අගමැති රනිල් ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සමාරම්භයට එක්වෙයි

ගෝලීය හා දේශීය ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා ශක්තිමත් පදනමක් සකසා ගැනීමට හැකි වීම අතිශය අගය කළ යුතු කරුණක් බවත්, ශ්‍රී ලංකාවේ අනාගත යටිතල පහසුකම් හා ආයෝජන සඳහා සහය ලබාදීමට ලන්ඩන් කොටස් වෙළඳපොළ සූදානම් බවත්, ලන්ඩන් කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂ්විමර් (Mr. David Schwimmer) මහතා පැවසීය. ෂ්විමර්…

(0)Comments | October 9, 2018 11:03 am