Top News

රුපියලේ අවප්‍රමාණය 10% ඉක්මවයි

2018 වසරේ ඔක්තෝබර් 08 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 10.2 කින් අවප්‍රමාණය වී තිබේ. තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ඉන්දියානු රුපියල හැර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අවප්‍රමාණය විය. ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජනපද ඩොලරයෙහි ශක්තිමත් වීම,…

(0)Comments | October 9, 2018 10:37 am

2018 ජූලි මාසයේ දී වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් වෙයි

2018 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියනයකට වඩා වැඩි වුව ද, ඉහළ ආනයන වියදම නිසා පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සැසඳීමේ දී 2018 ජූලි මාසයේ දී වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් විය. මාසය තුළ දී වාර්ෂික පදනම මත සංචාරක ඉපැයීම් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා…

(0)Comments | October 9, 2018 10:24 am

දකුණු ආසියාව හා සිදුකරන අපනයන දෙගුණ කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු බව ලෝක බැංකු වාර්තාවකින් හෙළිවෙයි

වෙළඳාම සඳහා ඇති බාධක ජයගැනීමට හැකිනම් දකුණු ආසියානු රටවල් අතර වෙළඳාම තුන් ගුණයකින්, එනම් ඩොලර් බිලියන 23 සිට ඩොලර් බිලියන 57 දක්වා ඉහළ දැමිය හැකි බවට නව ලෝක බැංකු වාර්තාවක් පෙන්නුම් කරයි. මේ සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයක මෙසේ සඳහන් වේ. දකුණු ආසියාව හා දැනට සිදු කරන අපනයන ප්‍රමාණය දෙගුණ කිරීමේ …

(0)Comments | October 8, 2018 3:44 pm

රැකියා වියුක්තිය ඉහළට ?

2018 දෙවන කාර්තුව අවසානයේ දී ශ්‍රී ලංකාවේ රැකියා වියුක්ති අනුපාතිකය 4.6% ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවන් මූලාශ්‍ර කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2017 දෙවන කාර්තුවේ දී මෙරට රැකියා වියුක්තිය 4.5% ක් ලෙසින් සටහන්ව ඇති අතර 2017…

(0)Comments | October 8, 2018 2:21 pm

මහ බැංකුවේ සංචිත මාසයක දී ඩොලර් මිලියන 1,404 කින් පහළට

පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,404.46 කින් පහළ ගොස් තිබේ. 2018 අගෝස්තු 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති ජාත්‍යන්තර සංචිත හා විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලර් මිලියන 8,584.54 ක් ලෙසින් සටහන් වූ අතර එය 2018 සැප්තැම්බර් 28 දින…

(0)Comments | October 8, 2018 11:09 am

රාජ්‍ය සේවයේ කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය යෙදවීමට අවධානය

රාජ්‍ය සේවය සඳහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගැනීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ පිළිබඳ එම අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්  ඊයේ (05) එම අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ ඇමෙරිකාවේ විශේෂඥයකු වන සුමිත් ද සිල්වා මහතා මෙම වැඩමුළුව මෙහෙයවූයේය. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා දිස්ත්‍රික් ලේකම්වරු, ආයතන ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාවේ නියෝජිතයන් සහ…

(0)Comments | October 6, 2018 1:09 pm

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත ආරම්භ කිරීමට පෙර පූර්ව සූදානම් වී රැසක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. “මේ සඳහා සූදානම් වීමට කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. ආයෝජන හා ගනුදෙනු මාර්ගෝපදේශ ඇගයීම…

(0)Comments | October 5, 2018 1:11 pm

මාස 09 කදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහත්ලක්ෂය ඉක්මවයි

2018 වසරේ මුල් මාස 09 තුළ දී 1,731,922 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කරමින් අධිකාරිය වැඩිදුරටත් කියා සිටින්නේ මෙම ප්‍රමාණය පසුගිය වසරේ මුල් මාස 09 හා සැසඳීමේ දී 11.6% ක වර්ධනයක් බවයි. මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ දී 149,087 ක විදෙස්…

(0)Comments | October 5, 2018 11:13 am

අගමැති හෝර්ටන් නුවර පිහිටි කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ සංචාරයක

නෝර්වේ සමුද්‍රීය ගමනා ගමන මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 04 වැනි දා හෝර්ටන් නුවර පිහිටි කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය. කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස පිළිගනු ලැබූයේ එම ආයතනයේ උප සභාපතිවරුන් වන ලීනේ වෙස්ටර්ලොවාඩ් (Ms. Lene Vesterluad), බියොන් එල්වින් (Mr. Bjørn…

(0)Comments | October 5, 2018 10:40 am

ඩොලරය රු. 171 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (04) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 167.5521 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 171.4279 ක් ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර අද (ඔක්තෝබර් 04) දිනයේ දී…

(0)Comments | October 4, 2018 12:54 pm