Top News

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 ඔක්තෝබර් මස 01 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ ම පවත්වා ගැනීමට තීරණය කළේ ය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මැදිකාලීන වශයෙන් උද්ධමනය…

(0)Comments | October 2, 2018 10:13 am

EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි

සමස්තයක් ලෙස 2016 වර්ෂය තුළ දී අයෝජන කළඹ තුළ ප්‍රධාන මූලාශ්‍රය වන රජයේ සුරැකුම්පත්වල ආයෝජනයන් පහළ බැසීම හේතුවෙන් ඉදිරි වර්ෂවල දී දිගුකාලීන වශයෙන් අරමුදලේ ආයෝජන ආදායම් අඩුවීමේ ප්‍රවණතාවයක් පවතින බව 2016 සේවක අර්ථසාධක අරමුදල් වාර්ෂික වාර්තාව පිළිබඳ විගණන වාර්තාව මගින් හෙළිදරව් කර තිබේ. එබැවින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 14 වන වගන්තිය…

(0)Comments | October 1, 2018 3:03 pm

රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

මෙරට ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් ආචාර්ය රාධිකා කුමාරස්වාමි පත්කර තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම් ලේකම්වරයා විසින් වැඩිදුරටත් කියා සිටින්නේ අද (01) දින සිට මෙම පත්වීම බලපැවැත්වෙන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛ පෙළ් තනතුරු කිහිපයක්ම හොබවා ඇති ඇය 2003 සිට 2006…

(0)Comments | October 1, 2018 1:35 pm

EPF අරමුදෙලන් රුපියල් බිලියන 5 ක් ගිල්ල බහිරවයා මෙන්න

සේවක අර්ථසාධක අරමුදල වෙනත් රාජ්‍ය ආයතන දෙකක් සමඟ එක්ව රු. බිලියන 12 ක මුළු පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ අලුතින් ඉදිකිරීමට නියමිත හෝටල් සංකීර්ණයක ආයෝජන කටයුත්තකට සම්බන්ධ වී තිබුණු අතර 2013 වර්ෂය අවසානයේ දී අරමුදලෙන් රු. බිලියන 5 ක් ඒ සඳහා යොදවා තිබුණි. ඒ වෙනුවෙන් 2013 ජූනි 04 දින අත්සන් කරන ලද කොටස් හිමියන්ගේ ගිවිසුම අනුව මෙම…

(0)Comments | October 1, 2018 1:08 pm

මහ බැංකු නිලධාරීන්ගේ රු. මිලියන 17 ක PAYE tax අර්ථසාධක අරමුදලෙන් ගෙවලා

සේවක අර්ථසාධක අරමුදලට අනුයුක්ත කර සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සේවා නියුක්ති ආදායම මත වූ උපයන විට බදු ගෙවීම් අදාළ නිලධාරීන්ගෙන් අය නොකර සමාලෝචිත වර්ෂයේ දී රු. 17,571,467 ක් සේවක අර්ථසාධක අරමුදල විසින් ගෙවා තිබේ. මේ බව 2016 සේවක අර්ථසාධක අරමුදල් වාර්ෂික වාර්තාව පිළිබඳ විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත. උපයන විට ගෙවීම් බදු,…

(0)Comments | October 1, 2018 10:43 am

මාස 9 කදී කොටස් වෙළෙඳපොළ 8% කින් කඩා වැටෙයි

2018 වසරේ මුල් මාස 09 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 7.96% කින් පහළ ගොස් තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6,369.26 ක් ලෙසින් සටහන් වූ මෙම අගය පසුගිය සැප්තැම්බර් 28 දින ගනුදෙනු අවසානයේ දී සටහන් වූයේ ඒකක 5,862.18 ක් වශයෙනි. මේ අතර වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඇතුළු නිර්නායක කිහිපයක් මත පදනම්ව කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ඉහළ…

(0)Comments | October 1, 2018 7:33 am

සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි

තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනයේ සාකච්ඡා පැවැත්වීම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2018 සැප්තැම්බර් 13 – 27 කාලය තුළ දී කොළඹට පැමිණි අතර, සිය සංචාරය අවසානයේ දී ගොරෙති මහත්මිය විසින් පහත ප්‍රකාශය සිදු කරන ලදි. “විස්තීර්ණ ණය…

(0)Comments | September 28, 2018 12:40 pm

උඩින් යන මහපාරකට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300 ක ණයක්

නව කැලණි පාලම හා ගෝල්ෆේස් අතර ඉදිවන කිලෝමීටර 5.3 කින් යුතු ඉහළින් දිවෙන මහාමාර්ගය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ. සිය අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී මෙම තීරණය ගනු ලැබූ බව ඊයේ (27) දිනයේ දී ආසියානු සංවර්ධන බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි. මෙම…

(0)Comments | September 28, 2018 11:39 am

ඩොලරය ශක්තිමත් වීමෙන් යළිත් අවධාරණය කෙරෙන්නෙ ශ්‍රී ලංකාව අපනයනය පදනම් කරගත් ආර්ථිකයකට යායුතු බවයි

පෞද්ගලික පංති මත පදනම් වූ අධ්‍යාපනය ක්‍රමය තුළ කිසිදු නිර්මාණශීලිත්වයකට ඉඩක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. වහලුන් සේ අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලය වෙත පිවිසීම හැර රාමුවෙන් පිටට ගොස් නව නිර්මාණ බිහි කිරීමට එමගින් දරුවන්ට අවස්ථාව හිමි නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සදහන් කර සිටියේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන Spark…

(0)Comments | September 28, 2018 10:32 am

විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය – ඇත්ත කියන්නේ කවුද?

ශ්‍රී ලංකාව තුළ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා Ceylon High Speed Railways Ltd නම් සමාගමක් විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව අනුමත කිරීම සඳහා කොමිස් මුදල් ලබා ගැනීමට තැත් කිරීම පිළිබඳ සිදුවීමක්, අදාළ සමාගම විසින් අනාවරණය කර සිටී. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමට ද Ceylon High Speed Railways Ltd පියවර…

(0)Comments | September 27, 2018 4:51 pm