Top News

ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි අරඹන්න කොරියන් ස්පා රු. මිලියන 1,200 ක් ආයෝජනය කරයි

මේ වන විට කිසිඳු නිෂ්පාදන කටයුත්තක් සිදු නොකරන ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාවේ යන්ත්‍ර සූත්‍ර සහ යටිතල පහසුකම් නවීකරණය කිරීමෙන් පසු නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා කොරියන් ස්පා ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව රුපියල් මිලියන 1,200ක ආයෝජනයක් සහිතව, ඇසුරුම් භාණ්ඩ නිපදවීමට අවශ්‍ය කඩදාසි නිෂ්පාදනය සඳහා, මෙම කම්හල කොරියන් ස්පා ආයතනය වෙත බදු පදනම…

(0)Comments | September 21, 2018 4:56 pm

නාගරික සංවර්ධනයේ ඉඩමක් රු. බිලියනයකට ඇක්සස් ට බදු දෙයි

සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම පිණිස කොළඹ 02, යූනියන් පෙදෙස, මුදලිගේ මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 114.56ක ඉඩම් කොටසක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,117.20ක මුදලකට සීමාසහිත ඇක්සස් රියල්ටීස් (පුද්ගලික) සමාගම වෙත වසර 99ක කාලයක් සඳහා බදු පදනම මත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය…

(0)Comments | September 21, 2018 4:41 pm

ශ්‍රී ලංකාවේ නවතම මූල්‍ය සමාගම – ෆින්ටෙ‍්‍රක්ස් ෆයිනෑන්ස් එළි දකී

ෆින්ටෙ‍්‍රක්ස්  ෆයිනෑන්ස්  (Fintrex Finance  Limited) සමාගම  ලෙස  නිල  වශයෙන්  හඳුන්වා දීම පසුගිය දා කොළඹ දී සිදුවිය. මෙල්ස්ටා  රීගල්  ෆයිනෑන්ස්  (Melsta  Regal  Finance) සමාගමේ  අයිතිය  Melstacorp  PLC සමාගමෙන්  Bluestone1 පුද්ගලික  සමාගම  අතට  පත්වීමෙන් පසුව, මෙලෙස Fintrex Finance  Limited යන නව සන්නාමයෙන් මෙලෙස හඳුන්වා දුනි. පසුගිය අප්‍රේල් මාසයේ දී මෙල්ස්ටා  රීගල්  ෆයිනෑන්ස්  සමාගම අත්පත් කර ගැනීම Bluestone1…

(0)Comments | September 21, 2018 2:04 pm

ඩොලරය රු. 170 යි

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල අද (21) දිනයේ දී රුපියල් 170 සීමාව ඉක්මවා ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 166.7839 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 170.6569 ක් ලෙසින් සටහන් විය. මේ අතර විනිමය අනුපාතික සීමවා ඉක්මවා උච්ඡාවචනය…

(0)Comments | September 21, 2018 12:18 pm

විදේශ විනිමය රටින් බැහැර වීම අවම කිරීමට රජය මැදිහත් වෙයි

ඩොලරය අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා වන රජයේ මැදිහත් වීමෙන් විදේශ විනිමය රටින් බැහැර වීම අඩුවනු ඇතැයි රජය අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. නිකුත් කළ නිවේදනය මෙසේ ය. ”ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රථවාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක (100% margin on LC) අවශ්‍යතාවයක්…

(0)Comments | September 21, 2018 10:32 am

2018 දෙවන කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි සහ ජුනි)     ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2018 අප්‍රේල්, මැයි සහ ජුනි මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව…

(0)Comments | September 21, 2018 9:43 am

ශ්‍රීලංකන් – සිංගප්පූරු ගුවන් වාර වැඩි කර හොංකොං ගමන් අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය මාර්ග ජාලය පුරාම වෙළෙඳපොළ අවස්ථා තවදුරටත් පුළුල් කරමින් එලඹෙන ශීත සෘතුවේ දී ගුවන් ගමන්  කාලසටහනට සැලකිය යුතු වෙනස්කම් රැසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව ජාතික ගුවන් සේවයට අයත් A330-300 යානා 2018 ඔක්තෝබර් 28 වන දින සිට දිනපතා මෙල්බර්න් මෙහෙයුම් සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබේ. මෙම…

(0)Comments | September 20, 2018 4:10 pm

කාන්දු වූ තෙල් ඉවත් කිරීමේ කටයුතු අවසන්

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ආරක්ෂක හමුදා සහ පොලීසිය එක්ව තෙල් කාන්දුව පාලනය කිරීම සඳහා ගත් උත්සාහයට ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් පැසසුම් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ලබා දී ඇති තොරතුරු අනුව, කාන්දු වූ තෙල් ඉවත් කිරීමේ ප‍්‍රධාන මෙහෙයුම් කටයුතු 2018 සැප්තැම්බර් 12 දින සාර්ථක ලෙස අවසන් වූ බවත්, වෙරළ පිරිසිදු කිරීම සඳහා කුඩා කණ්ඩායම් දිගින්…

(0)Comments | September 20, 2018 2:45 pm

ඩොලරය වාර්තාගත ලෙස අදත් ඉහළට. විකුණුම් මිල රු. 168 ඉක්මවයි

එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (20) දිනයේ දී වාර්තා විය. මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 165.0887 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 168.6341 ක් ලෙසින් සටහන් විය. එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 168 සීමාව ඉක්මවා ගිය  පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ. එසේම…

(0)Comments | September 20, 2018 1:22 pm

මෝටර් රථ ආනයනය සීමා කිරීමට මහ බැංකුව පියවර ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වහා ම ක්‍රියාත්මක වන පරිදි, මූලික වශයෙන් වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන හැර අනෙකුත් රථවාහන ආනයන සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පනවන ලදී.  මේ අනුව, එම රථවාහන කාණ්ඩ ආනයනය කිරීමේ දී ණයවර ලිපි විවෘත කිරීම සියයට සියයක…

(0)Comments | September 20, 2018 9:51 am