ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ පහළ යාම අද වන විට සාමාන්‍ය ප්‍රවෘත්තියක් බවට පත් ව ඇත. එකම සිද්ධිය දිගින් දිගටම එයාකාරයෙන්ම සිදුවන්නේ නම්, එය සාමාන්‍ය සිදුවීමක් වන්නේ යම් සේද, ශ්‍රී ලංකා රුපියලේ කඩා වැටීම ද අද වන විට දිනපතා වාර්තා වන සාමාන්‍ය සිදුවීමක් තරමට ම සාමාන්‍යකරණය වී ඇත. ඩොලරයේ විකුණුම් මිල පසුගිය සිකුරාදා…
පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ ජාත්‍යන්තර අත්දැකීමක් පළමු වරට ශ්‍රී ලංකාවට ලබා දීමේ අරමුණින් ඇරඹි කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැඩකටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කොට්ටාව මාකුඹුරේ දී හයිලෙවල් මාර්ගයට සම්බන්ධ වන අතර එකම පර්යන්තයකින් එය කැලණිවැලි දුම්රිය මාර්ගය හා සම්බන්ධ වේ. මේ අනුව ලොව අනෙකුත් දියුණු රටවල මෙන් එක් ටිකට්…
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංචාරකයින්ගේ පැමිණීම් පහල මට්ටමක පවතින කාල වල දී ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම වර්ධනය කර ගැනීම සදහා රටේ ප්‍රධාන සංචාරක පාර්ශවකරුවන් සමග එක්ව පුරෝගාමී ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම නව ප්‍රවර්ධන වැඩසටහන මගින් එයට සම්බන්ද රට පුරා ඇති සංචාරක හෝටල් මගින් අමුත්තන්ට විශේෂ වරප්‍රසාද ලබා දීමට බලාපොරොත්තු වන අතර…
එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (17) දිනයේ දී වාර්තා විය. මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 161.8174 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 165.1490 ක් ලෙසින් සටහන් විය. එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 161.00 හා විකුණුම් මිල රු. 165.00 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය…
2015 වසරේ දී 5.7% ක්ව පැවති යාපනය දිස්ත්‍රික්කයේ රැකියා වියුක්ති අනුපාතිකය 2017 වසර අවසානය වන විට 10.7% ක් දක්වා වර්ධනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නවතම දත්ත වාර්තා පෙන්වා දේ. මේ අතර උතුරු පළාතේ මන්නාරම හා වවුනියාව යන දිස්ත්‍රික්කවල රැකියා වියුක්තිය පසුගිය වසරක කාලය තුළ දී සුවිශේෂී ලෙස පහළ ගොස් තිබේ. මෙහිදී 2016 වසරේ දී…
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කෙරෙන බව පසුගිය සිකුරාදා (14) නිකුත් කරන ලද අංක 2088/58 අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් වී තිබේ. මේ අනුව ප්‍රශ්න පත්‍ර 5 කින් සමන්විත ශ්‍රී ලංකා පරිපාලන සේවායේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පවත්වන ලිඛිත කරඟ විභාගයෙහි විෂය නිර්දේශය පහත ගැසට් පත්‍රය පරිදි වේ.
2019 වසරේ මැද භාගය පමණ වන විට පෝර්ට් සිටි මූල්‍ය නගරයේ වැඩ කටයුතු නිම කිරීමට හැකි වනු ඇතැයි CHEC පෝර්ට් සිටි කලම්බු (පුද්) සමාගමේ ප්‍රධාන විකුණුම් හා අලෙවි නිලධාරී Liang Thow Ming, පවසයි. ඊයේ කොළඹ දී ආරම්භ වූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018 සමග එක්වෙමින් ඔහු මේ බව පැවසීය. මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ව්‍යාපෘතියේ ගොඩ…
එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (14) දිනයේ දී වාර්තා විය. මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.9490 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 164.3781 ක් ලෙසින් සටහන් විය. එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 164 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ.
ඊයේ (13) පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 60 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ. මෙහිදී වසර 03 යි මාස 01 හා වසර 07 යි මාස 01 ක්වූ පරිණත කාල සඳහා රුපියල් බිලියන 30 ක් බැගින් වන පරිදි බැඳුම්කර නිකුත් කර ඇත. මේ පිළිබඳ…
ජනශක්ති පීඑල්සී අද දිනයේ දී ඩුනාමිස් කැපිටල් පීඑල්සී කොටස් ප්‍රාග්ධනයෙන් 31.14% ක ප්‍රමාණයක් මිල දී ගනු ලැබීය. මෙහිදී එක් කොටසක් රු. 36.60 බැගින් මිල දී ගත් අතර එහිදී ගනුදෙනු වූ සම්පූර්ණ කොටස් ප්‍රමාණය මිලියන 38.94 කි. මේ අනුව මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.4 ඉක්මවනු ලැබීය. මෙම කොටස් ගනුදෙනුවත් සමඟම ඩුනාමිස් කැපිටල් පීඑල්සී හි කොටසක…
Video Story