20 වන වරටත් සංවිධානය කර තිබෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය (CIBF) පැවැත්වෙන සැප්තැම්බර් 21-30 දින 10 ක කාලය තුළදී පොත් වලට ආදරය කරන මිලියන 1.5 ක පමණ ජනතාවක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයට (BMICH) පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සැප්තැම්බර් 21දා ඇරඹෙන මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයින් 200 කට වැඩි පිරිසක් සහභාගී වන අතර…
ශ්‍රී ලංකාව පුරා ඇති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ පෞද්ගලික ව්‍යවසායන්ට ඩොලර් මිලියන 9 ක් දක්වා දේශීය වශයෙන් අරමුදල් ලබා දීමට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය (USAID), එහි සංවර්ධන ණය අධිකාරිය (DCA)හැටන් නැෂනල් බැංකුව (HNB) හා සම්පත් බැංකුව සමඟ එක්ව නව සහයෝගීතා වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මෙම කණ්ඩායම්වලට ඔවුන්ගේ කටයුතු සඳහා මූල්‍ය පහසුකම්…
ශ්‍රීලංකන් කේටරින් සමාගම 2018 මාර්තු මස 31 වැනිදා අවසන් වූ මූල්‍ය වසර තුළ ස්ථාවර මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින් 26% වාර්ෂික මෙහෙයුම් ලාභ වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්වී ඇත. ඒ අනුව කේටරින් සමාගමෙහි මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 3.03 සිට රුපියල් බිලියන 3.81 දක්වා මෙම මූල්‍ය වසර තුළ වර්ධනය වී තිබේ. විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශ වලට අනුව…
ඉදිරි දෙසතිය තුළ පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. කෑගල්ල මහ රෝහලේ ඉදිකරන ලද මානසික රෝග ප්‍රතිකාර ඒකකය සහ සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. පැවැති උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය…
සංවර්ධනයේත්, සංහිඳියාවේත් අරමුණු ජය ගැනීමේ ශ්‍රී ලංකා ජනපතිගේ වෑයමට තම පූර්ණ සහය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයෝ පවසති. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එම නියෝජිතයන් අතර හමුවක් පසුගිය දා (05) ජනාධිපති නිල නිවසේ දී පැවැත්වුණු අතර එහිදී ඔවුහු මේ බව කියා සිටියහ. ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය, ලෝක බැංකුව, ආසියානු…
2018 අගොස්තු මාසය තුළ දී 200,359 ක විදෙස් සංචරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙය පසුගිය 2017 වසරේ අගෝස්තු මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 190,928 හා සැසඳීමේ දී 4.9% ක ඉහළ යාමකි. අගොස්තු මාසයේ මෙම දත්ත් සමඟින් වසරේ මුල් මාස 08 තුළ දී…
එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව සහ චීනය යන රටවල සංචාරකයින් අතර ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ප්රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම වැඩසටහන යටතේ ඉන්දියාව හා චීනය සඳහා වන ඩිජිටල් ප්රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස වන කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින්…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අවශ්‍ය විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් ටයර් කට්ටල මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,124.14ක මුදලකට, සිමාසහිත සියැට් කැලණි ඉන්ටර්නැෂනල් ටයර්ස් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත්…
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිරිල් සී. පෙරේරා මාවතේ නිවාස ඒකක 450ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,737.35ක මුදලකට සීමාසහිත ඇක්සස් ඉංජිනියරින් පොදු සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. සුමල් පෙරේරා…
සයිටම් වෛද්‍ය පීඨයේ දීර්ඝ කාලයක සිට පැවති අර්බුදයට පිළියමක් වශයෙන් එහි අධ්‍යාපනය ලබමින් සිටි 900 කට ආසන්න වෛද්‍ය සිසුන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරනු ලැබ තිබේ. සයිටම් වෛද්‍ය පීඨයට අනුබද්ධව ක්රිවාත්මක වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීම පිළිබඳව ඉදිරිපත් වී ඇති යෝජනාව සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් සාකච්ඡා…
Video Story