Top News

ඉහළ ශ්‍රේණියක් වෙනුවෙන් සමාගම් පනත සංශෝධනය කෙරේ

කාලීන ප්‍රවණතා සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධන කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව, ලෝක බැංකුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ පහසුව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ ඉහළ ශ්‍රේණිගත කිරීමක් ළඟා කරගැනීමට හේතු වන පරිදි, අලුත් සමාගමක් සංස්ථාගත කිරීම පිළිබඳ පොදු මහජනතාවට නිවේදනය කිරීම සඳහා රෙජිස්ට්‍රාර්වරයා වෙත හැකියාව…

(0)Comments | September 5, 2018 12:48 pm

ධම්මික ලංකා සෙරමික් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ලංකා සෙරමික් පීඑල්සී හි සභාපතිවරයා හ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ ධම්මික පෙරේරා මහතා, අදාළ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මේ අනුව 2018 අගෝස්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරුවලින් ඒ මහතා ඉවත් වී ඇත. ධම්මික පෙරේරා මහතාගේ මෙම ඉවත් වීමත් සමඟම සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා වන ඒ.එම්. වීරසිංහ…

(0)Comments | September 5, 2018 12:29 pm

ඉතිහාසයේ මුල් වරට ඩොලරයේ ගැණුම් මිල රු. 160 හා විකුණුම් මිල රු. 163 ඉක්මවයි

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය අද (05) දිනයේ දී වාර්තා විය. මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.1636 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 163.3676 ක් ලෙසින් සටහන් විය. එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160 හා විකුණුම් මිල රු. 163 සීමාවන් ඉක්මවා ගිය  පළමු අවස්ථාව ලෙසින් මෙය…

(0)Comments | September 5, 2018 11:48 am

අසාමාන්‍ය කොටස් මිල උච්ඡාවචනය ගැන MTD Walkers කරුණු පහදයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන MTD Walkers PLC හි කොටස් මිල පසුගිය දින කිහිපය තුළ අසාමාන්‍ය ලෙස උච්ඡාවචනය වීම සම්බන්ධයෙන් සමාගමේ ලෙකම්වරිය වන පී.එස්. ආටිගල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ. 2018 අගෝස්තු 31 දින කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් සිදුකළ ලිඛිත විමසීමකට ප්‍රතිචාර දක්වමින් සමාගම මෙම කරුණු දැක්වීම සිදුකර ඇත….

(0)Comments | September 5, 2018 11:03 am

ඇමරිකන් පියස මාතර යයි

නවතම ඇමරිකන් පියසක් මාතර නගරයේ විවෘත කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක් එක්සත් ජනපද තානාපති කාර්යාලය, මාතය කර්මාන්ත හා වාණිජ මන්ඩලය සමඟ පසුගිය අගෝස්තු 30 වන දා අත්සන් කරන ලදී. එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන මහජන කටයුතු නිලධාරිනී නැන්සි වැන් හෝන් මහත්මිය හා වාණිඩ මණ්ඩලයේ මෙත්තා විදානගමආරච්ඡි මෙම ගිවිසුම අත්සන් කළෝය. මාතර හක්මන පාරේ අංක 149…

(0)Comments | September 5, 2018 9:58 am

Aeroflot මොස්කව් සිට කොළඹට සෘජු ගුවන් ගමන් අරඹයි

රුසියානු ගුවන්සේවයක් වන Aeroflot, කොළඹ සහ මොස්කව් නුවර අතර සෘජු ගුවන් ගමන් අරඹන බව නිවේදනය කර සිටී. මේ අනුව කොළඹ සිට මොස්කව් දක්වා Aeroflot පළමු ගුවන් ගමන එළඹෙන ඔක්තෝබර් 28 දින ක්‍රියාත්මක වීමට නියමිතය. Aeroflot ගුවන් සේවය සිය නවතම එයාර් බස් A330 යානා මගින් සතියකට 5 වතාවක් කොළඹ හා මොස්කව් අතර පියාසර කරනු ඇත. Aeroflot…

(0)Comments | September 4, 2018 3:42 pm

මූල්‍ය පාලනය සාර්ථකව නිම කළ රාජ්‍ය ආයතන 101කට සම්මාන

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩසටහන හෙට (5) පෙ.ව. පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා පවසයි. රාජ්‍ය ආයතන 837ක් පිළිබඳව විමර්ශන කටයුතු සිදු කර තිබේ. 2016 වර්ෂයේ ගිණුම්…

(0)Comments | September 4, 2018 2:36 pm

2018 ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ශ්‍රිලංකන් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම හොංකොං හි InterContinental Grand Standford හි පැවැත්වූ ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී (World Travel Awards 2018 Asia and Australasia ) සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට ඊයේ (4) සමත් වීය. ශ්‍රීලංකන් ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාඩම්බර සාමාජික ගුවන් සේවයකි. ගුවන් සමාගම ඕස්ට්‍රේලියාව…

(0)Comments | September 4, 2018 2:17 pm

ඩොලරය 163 ට කිට්ටු කරයි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේ දී රු. 163.00 සීමාව වෙත ආසන්න විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 159.7943ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රු. 162.9973 ක් ලෙසින් සටහන් විය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටින්නේ, මේ වන විට…

(0)Comments | September 4, 2018 10:46 am

දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියට සමගාමීව දැනුම්වත් කිරීමේ වැඩසටහන්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ප්‍ර‍ධාන තොරතුරු තාක්ෂණ  ආයතන එක්ව දකුණු පළාත් තොරතුරු තාක්ෂණ  හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. එය 2018 සැප්තැම්බර් (4) අද  හා (5 ) හෙට වන දිනවල මාතර දී පැවැත්වේ. මෙහි දී තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) කර්මාන්තයේ විශේෂඥයන් රුහුණ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් 350 ක් සහ…

(0)Comments | September 4, 2018 10:20 am