ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් 2017 වර්ෂයට අදාල දූෂණ සංජානන දර්ශකය (Corruption Perception Index) පෙබරවාරි 21 දින එළිදක්වන ලදී. එකී දර්ශකයට අනුව ශ්‍රී ලංකාව රටවල් 183ක් අතරින් 91 වන ස්ථානයට පත්ව ඇති අතර ලකුණු 38 ක් ලබාගෙන ඇත. 2016 අදාලව දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 176ක් අතරින් 95 වන ස්ථානයට පත්වූ අතර ලබාගත් ලකුණු සංඛ්‍යව වූයේ…
කොළඹ කොටස් වෙළෙඳපොළේ බලශක්ති කාණ්ඩය යටතේ ලැයිස්තුගත සමාගමක් වන Resus Energy PLC හි බහුතර කොටස් අයිතිය තහවුරු කර ගැනීමට Trydan Partners සමාගම අද (22) දිනයේ දී සමත් විය. Resus Energy PLC සමාගමේ දෙවැනියට විශාලතම කොටස්කරුවා වූ NDB Capital Holdings PLC සතුව තිබූ කොටස් 10,388,284 ක් Trydan Partners විසින් අද දිනයේ දී මිල දී ගනු ලැබූ…
විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මේ වන විට වේගවත් වී තිබෙන බවක් වාර්තා වේ. 2017 වසරේ දී සියයට 2.0 කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල, 2018 පෙබරවාරි 21 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 1.6 කින් තවදුරටත් අවප්‍රමාණය විය. මේ අතර ජපන් යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මි ලදර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 දෙසැම්බර් මාසයේ පැවති සියයට 7.3 ට සාපේක්ෂව 2018 ජනවාරි මාසයේ දී සියයට 5.4 ක් දක්වා පහළ ගියේය. මේ සඳහා 2017 ජනවාරි මාසයේ දී පැවති ඉහළ පදනම් අගය මෙන්ම 2018 ජනවාරි මාසයේ දී ආහාර මිල…
නවීන මෝටර් රථවල ඉදිරිපස පිහිටා තිබෙන සන්නිවේදන උපකරණවලට බාධා නොවන පරිදි සකස් කළ ඉදිරිපස අංක තහඩු නිකුත් කිරීමට, මෝටර් වාහන පනත යටතේ නියෝගය ගෙන ඒම මඟින් බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. මෝටර් වාහන පනත යටතේ නියෝගය ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය. විවාදයේ දී…
බස්නාහිර පළාතේ රෝහල්වල රෝගීන් සහ ශල්‍යකර්ම සඳහා භාවිතා කරන රෙදි ස්වයංක්‍රීය යන්ත්‍ර සුත්‍ර මගින් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) කොළඹ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඉන්දීය සමාගමක් විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක්…
කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලට සමගාමීව, විශේෂයෙන්ම බහු මහල් ගොඩනැඟිලිවල නිවැසියන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාව තහවුරු කිරීමේදී කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, දැනට විශාල වියදමක් දරමින් නඩත්තු කරනු ලබන එම දෙපාර්තමේන්තුව සතු ගිනි නිවීම් වාහන සංචිතය සඳහා නව ගිනි නිවීම් රථ හා…
මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටස වන පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක් දිගැති මාර්ග කොටස ඉදි කිරීම සඳහා ජපන් යෙන් බිලියන 100ක අරමුදල් සැපයීමට ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව, එම මාර්ග කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, ජපානයේ M/s Taisei Corporation ආයතනය වෙත පිරිනැමීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික…
කාලානුරූපී අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන, 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය හා ඒවායේ බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු අදාළ…
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිල ඉහළ දැමීම සඳහා මෙරට ගෘහස්ථ ගෑස් අලෙවියේ නිරත සමාගම් දෙක වන ලාෆ්ස් සහ ලිට්රෝ සමාගම් විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ. කෙසේ වෙතත් විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මේ සම්බන්ධයෙන් ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක දී කිටා සිටියේ, ගෑස් මිල ඉහළ දැමීම සඳහා මේ දක්වා තීරණයක් ගෙන නොමැති…
Video Story