2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 අගෝස්තු 01 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. රක්ෂණ අංශයට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ, අවදානම මත පදනම් කරගත් අධීක්ෂණ තුළින් අනාවරණය වූ…
2018 වසරේ අගෝස්තු 27 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 5.0 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම වාර්තාවකින් පෙන්වා දේ. තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල් යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන් සහ කැනේඩියානු ඩොලරයට…
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික ආරෝග්‍යශාලා ජාලයට හිමිකම් කියනු ලබන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් විසින් මෙරට සිසුන් හට විදේශීය වෛද්‍ය උපාධියක් දැරිය හැකි මිලකට හැදැරීමේ අවස්ථාව ලබා දීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව එහි සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි. 2017/18 වාර්ෂික වාර්තාව මගින් ඔහු මේ බව හෙළිදරව් කර ඇත. මේ අනුව MBBS උපාධි පාඨමාලාවක් හඳුන්වා දීම සඳහා…
බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා ඇති ඇළ මාර්ග හරහාත්, බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වාත්, කැලණි ගඟ හරහා සහ අනෙකුත් ජලමාර්ග ඔස්සේ මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වාත්, රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ජල මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. රාජ්‍ය…
විදුලි බල පද්ධතියේ ජාතික සම්ප්‍රේශණ හා බෙදා හැරීමේ ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සංරචක 04කින් යුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. මෙහි දෙවන සංරචකය යටතේ කිරිඳිවෙල, බත්තරමුල්ල, බියගම, කොත්මලේ, වේයන්ගොඩ, පාදුක්ක, කොස්ගම, සීතාවක, තුල්හිරිය, රත්මලාන, පන්නිපිටිය, කොළොන්නාව, අතුරුගිරිය, පොල්පිටිය, උකුවෙල සහ නාවුල ප්‍රදේශවල ග්‍රිඩ් උපපොලවල් ආශ්‍රිත ඉදි කිරීම් සහ වැඩිදියුණු කිරීම්…
රුපියල් බිලියන 2,000ක් පමණ වූ සේවක අර්ථසාධක අරමුදල් රැස් කිරීම, ගිණුම් පවත්වාගෙන යාම, ප්‍රතිලාභ ගෙවීම, අතිරික්ත අරමුදල් ආයෝජනය හා ගිණුම් පොත්පත් පවත්වාගෙන යාම ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදු කරනු ලබයි. අරමුදලේ ගිණුම්කරණ හා භාණ්ඩාගාර කළමනාකරණ කටයුතු සඳහා මෙහි දැනට පවතින පරිගණක ආශ්‍රිත පද්ධතිය වෙනුවට නව පද්ධතියක් ස්ථාපිත කිරීම වඩාත් යෝග්‍ය බව හඳුනාගනු ලැබ ඇති…
2019 වසර සඳහා අතිරේක බැංකු නිවාඩු දින තුනක් ප්‍රකාශයට පත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පියවර ගෙන තිබේ. මේ අනුව 2019 වසරේ අප්‍රේල් 15, මැයි 20 හා නොවැම්බර් 11 යන සඳුදා දිනයන් බැංකු නිවාඩු දින ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 2019 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය…
රටේ ඛනිජ තෙල් සම්පත් වෙනුවෙන් ස්වභාවික ගෑස් යොදා ගැනීමේ වැඩ පිළිවෙලක් ද ආරම්භ කර තිබෙනවා.ඉදිරියේ අප හමුවේ තිබෙන විශාලම කාර්ය වන්නේ ස්වභාවික ගෑස් නිෂ්පාදනය කර ගැනීමයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දීර්ඝ කාලයක් සේවය කළ සේවකයින් සඳහා උපහාර පිදීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…
දකුණු කොරියාවේ ගුවැන්ජු මෙට්ට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මෙරට අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඇති අවබෝධතා ගිවිසුමට අනුව තොරතුරු තාක්ෂණ ගුරුවරුන් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට සති 02 ක විෂයානුබද්ධ පුහුණුවක් ලබාදීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා අනුග්‍රහය දක්වන්නේ දකුණු කොරියානු ගුවැන්ජු මෙට්ට්‍රොපොලිටන් ආයතනයයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලීම මත දකුණු කොරියාව විසින් මෙරට තොරතුරු තාක්ෂණ ගුරුවරුන්…
ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේ දී රු. 162.00 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (24) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 158.9162 ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රු. 162.1162 ක් ලෙසින් සටහන් විය. විදුලි පණිවුඩ…
Video Story