රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් හට බිල්පතක් නිකුත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ. මෙහිදී රෝගීන්ගෙන් කිසිදු මුදල් අය කිරීමක් සිදුනොවන අතර අදාළ ප්‍රතිකාර සඳහා රෝහල මගින් දරන ලද වියදම දැන ගැනීම සඳහා මෙයාකාරයෙන් බිල්පත් නිකුත් කිරීමක් සිදුකෙරේ. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලද රෝගියෙකුට නිකුත් කරන ලද…
සුපිරි බද්ද ගැනීමෙන් එහි වාසිය රටේ පොදු ජනතාවට හිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. අමාත්‍යවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය. සුපිරි වාසි බද්ද ගෙවූ සම්පූර්ණ සමාගම් ගණන 538ක් වන අතර සුපිරි වාසි බද්ද නොගෙවූ කිසිදු සමගමකින් මූල්‍ය අපරාධ කොට්ඨාශය…
2017/18 මූල්‍ය වර්ෂය තුලදී සාර්ථකත්වය යළිත් තහවුරු කරයි සමූහයේ සියලූම සාමාජික සමාගම් අඛණ්ඩව ධනාත්මක ප්‍රතිඵල අත්පත් කරගනී MillenniumIT ESP සමාගම අත්පත් කර ගැනීමෙන් සමූහයට රුපියල් මිලියන 1.5 ක ආදායමක් ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය කරනු ලැබූ සමාගම් අතුරින් බහුවිධ සංයමයකින් යුතු සමාගම් සමූහයක් වන Ambeon Group 2017/18 මූල්‍ය වර්ෂය සඳහා තිරසාර වර්ධනයක් සමඟින් විශිෂ්ට කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත්…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 ජුනි මාසයේ දී පැවැති සියයට 2.5ට සාපේක්ෂ ව 2018 ජූලි මාසයේ දී සියයට 3.4ක් දක්වා ඉහළ ගියේ ය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් පෙර වසරේ පැවති පහළ පදනම සහ ආහාර නො…
කොළඹ මහ නගර සභාව විසින් නිකුත් කරන ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කෙරේ. මේ අනුව මෙම ගොඩනැගිලි ඉදිකිරීම් බල පත්‍රය දෙසතියකින් පමණ බලපත්‍ර අයදුම්කරුට ලබා ගත හැකි බවත් ඒ සදහා වන ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට හැකි බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. සිය අයදුම්පත ඇතුළු ලිපි ලේඛන…
ශ්‍රී ලංකා රජය විසින් 2017 වර්ෂයේ සිට වාර්ෂික අයවැය මූල්‍යයනය කීරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරනු ලබන අතර 2018 වර්ෂය දක්වා නිකුත් කරන ලද එකී බැඳුම්කර එක්සත් ජනපද ඩොලරවලින් නිකුත් කරනු ලැබ ඇත. වර්තමාන ආර්ථික ක්‍රියාකාරකම් තුළ අපනයන විවිධාංගීකරණය, විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම, අඩු පිරිවැයක් සහිතව අයවැය මූල්‍යයනය කළමනාකරණය අපේක්ෂාවෙන් යෙන්, රෙන්මිඹි…
සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා සැප්තැම්බර් මාසයට අවශ්‍ය කරන රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 54,000 ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 305 ක මුදලකට හා යූරියා (ප්‍රිල්) මෙට්‍රික් ටොන් 6,500 ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් වර්ගීකරණයට අනුව වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් විශාලම සමාගම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ලංකා දුම්කොළ සමාගම (Ceylon Tobacco Company PLC) සමත් වී තිබේ. ඒ මෙතෙක් අංක එකේ සිටි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී අභිබවා යමිනි. ඊයේ (21) දිනයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී ලංකා දුම්කොළ සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 243.67 ක් ලෙසින්…
කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාර දහසක් බලගැන්වීමේ අරමුණින් ස්ථාපිත කළ business Desk මෙහෙයුම් මැදිරිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා විවෘත කරන ලදී. මීට සමගාමීව business Desk වෙබ් අඩවිය ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් විවෘත කෙරෙණි. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 2025 වන විට ආසියාවේ ප්‍රමුඛ ජනාවාසය කිරීමේ අරමුණින් දිස්ත්‍රික්කය තුළ අවම වශයෙන් රැකියා 5 ක් බිහිකළ හැකි ව්‍යවසායකයන් 1000 ක්…
සෞඛ්‍ය සේවා කර්මාන්තය වෙත යොමු වීමට තීරණය කර ඇති බව මෙල්ස්ටාකෝප් පීඑල්සී නිවේදනය කර සිටී. ආරෝග්‍යශාලා කළමනාකරණය, රෝග විනිශ්චය මධ්‍යස්ථාන හා සෞඛ්‍ය ආශ්‍රිත වෙනත් සේවා සඳහා යොමුවීම මේ අනුව සිදුවේ. එහිදී මූලාරම්භයක් ලෙසින් තෝරා ගත් ආරෝග්‍යශාලා කළමනාකරණයට හා රෝග විනිශ්චය යටිතල පහසුකම් සම්පාදනයට පියවර ගැනේ. මේ සම්බන්ධයෙක් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් මෙල්ස්ටාකෝප් පීඑල්සී…
Video Story