දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් පොළී, රාජ්‍ය භාග හා ලාභාංශ සහ නැව් සේවා මත ලාභ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විත්ව බදුකරණය හා බදු මඟහැරීම වැළැක්වීමට අදාළව ගිවිසුමකට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ශ්රී ලාංකිකයන් සතු ව්‍යවසායක නිපුණතාව ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායක පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැඟීම සඳහා 2018 අය-වැය තුළින් රජය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දෙනු ලැබූ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ බැංකු ශාඛා 55 කින් රජයේ පොලී සහනාධාර සහිත ණය ලබාදීම සිදුකෙරේ. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ මහජන බැංකු ශාඛා 14 ක්, ලංකා බැංකු…
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සීහි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2018…
එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල සංචාරකයින් අතර ශ්‍රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එම එක් එක් රටවලට විශේෂිත වූ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ කටයුතු කරනු ලැබ ඇත. ඒ අනුව එක්සත් රාජධානිය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන්…
ප්‍රශස්ත මට්ටමක ඛනිජතෙල් තොග පවත්වා ගැනීමේ අරමුණින් 2018 සැප්තැම්බර් 01 දින සිට 2019 ජුනි 30 දින දක්වා මාස දහයක (10) කාලයක් තුළ, පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු 02කට එළඹීම සඳහා තීරණය කරන ලදී. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එක්සත් අරාබි…
ශ්රී ලංකාව තුළ දුම්රිය හරස් මාර්ග 1,337ක් පිහිටා ඇති අතර, මින් 520ක ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මකව පවතියි. මීට අමතරව දුම්රිය හරස් මාර්ග 400ක ආරක්ෂණ පද්ධති සවි කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතියි. ඉතිරි දුම්රිය හරස් මාර්ග 417හි ආරක්ෂණ පද්ධති සැපයීම, සවි කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දීම පිණිස හංගේරියානු රජය විසින් සිය එකඟතාව…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිත කරමින් විදේශ රටවලට සංචාරය කරනු ලබන මඟීන්ගේ මූල්‍ය හා විදේශ විනිමය අවශ්‍යතා පහසුවෙන් සපුරා ගැනීමට හැකිවන පරිදි පිටත්වීමේ පර්යන්තය තුළ පිහිටුවා ඇති බැංකු සහ මූල්‍ය ආයතන විසින් පවත්වාගෙන යනු ලබන මුදල් හුවමාරු කවුළු සංඛ්‍යාව 06ක් දක්වා වැඩිකිරීම සහ 2019 වර්ෂයේ සිට ඉදිරියට එම සේවා පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා…
මෙරට ඇලූමීනියම් හැඩගැස්වීමේ නිෂ්පාදක ඇලූමෙක්ස් පසුගියදා මෙරට ප‍්‍රථම පූර්ණ ස්වයංක‍්‍රීය ඇලූමීනියම් හැඩගැස්වීමේ කම්හල සහ පේටන්ට් බලපත‍්‍ර සහිත SAT Travisan CUBE තාක්ෂණය සඳහා දකුණු ආසියාවේ ප‍්‍රථම සිරස් පවුඩර් ආලේපන පහසුකම ජා ඇල ඒකලදී විවෘත කරන ලදී. මිනුවන්ගොඩ පාරේ අංක 138/4 දරන ස්ථානයේ පිහිටා ඇති ශ‍්‍රී ලංකා රුපියල් බිලියන 2ක දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙය පරිමාණය සහ නිෂ්පාදනය…
ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපළ ගංවතුර ආපදා තත්වය හේතුවෙන් වසා දැමේ ශ්‍රීලංකන් ගුවන් සමාගම දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්වය මත එම ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් අගෝස්තු මස 18 වැනිදා වන තෙක් සිය ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර ඇත. අද දින සිට (අගෝස්තු 15 වැනිදා සිට) කොචින් ගුවන් තොටුපළෙහි පවතින අයහපත් ගංවතුර…
ස්මාට් සමාජ කව උතුරු නැගෙනහිර පළාත් වල ස්ථාපිත කිරීම ආරම්භ කෙරේ. එම දෙපළාතේ ස්ථාපිත කිරීමට නියමිත ස්මාට් සමාජ කව ගණන 114කි. මේ අනුව උතුරු පළාතේ යාපනය වව්නියාව කිලිනොච්චිය මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ස්මාට් සමාජ කව 53ක්ද නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ස්මාට් සමාජ කව 61ක්…
Video Story