Top News

ඩොලරයේ වැඩිම විකුණුම් මිල අද වාර්තා වෙයි

එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (18) දින වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැණුම් හා විකුණුම් අනුපාත සහ සටහනට අනුව අද (09) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 158.1280 ක් හා විකුණුම් මිල රු. 161.3252 ක් ලෙසින් වාර්තා වී තිබේ. මීට පෙර ඩොලරයක් වෙනුවෙන්…

(0)Comments | August 9, 2018 3:27 pm

රටට වාසිදායක නිදහස් වෙළෙඳ ගිවිසුම් ගැන හොයන්න මලික්ගෙන් කමිටුවක්

අපනයන විවිධාංගීකරණය තුළින් රටට වඩා වාසිදායක වෙළඳ පොළවල් වෙත ප්‍රවේශ වීම සහ ඍජු විදේශීය ආයෝජන වැඩි වශයෙන් ආකර්ශනය කරගැනීම සඳහා විවිධ රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව එවැනි ගිවිසුම්වලට එළඹීමේදී රටට වඩාත් වාසිදායක කොන්දේසි සහිතව එවැනි ගිවිසුම්වලට එළඹීම සඳහා ආදළ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණතාවයක් සහිත නියෝජිතයින් 17…

(0)Comments | August 9, 2018 2:12 pm

හංගේරියාවෙන් පරිසර හිතකාමී බස්රථ 1,000 ක්

දෛනික මගී ප්‍රවාහන සේවය සැපයීම සඳහා බස්රථ 7,257ක් පමණ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් යෙදවිය යුතු වුවත්, මේ වනවිට එම මණ්ඩලය සතුව ඇත්තේ බස්රථ 6,540ක් පමණි. එමෙන්ම නියමිත ආයු කාලය අවසන් වීම හා බරපතල අනතුරුවලට ලක්වීම හේතුවෙන් රථ ඇණියෙන් ඉවත් වන බස්රථ සඳහා නව බස්රථ 500ක් පමණ වාර්ෂිකව රථ ඇණියට එක්කළ යුතු බවට හඳුනාගනු ලැබ…

(0)Comments | August 9, 2018 1:27 pm

ඖෂධ මිල අඩු කිරීමෙන් රෝගීන්ට රු. බිලියන 4.4 ක ප්‍රතිලාභයක් – රාජිත කැබිනට් මණ්ඩලයට කියයි

2016 ඔක්තෝබර් 21 දින අංක 1989/61 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පහත හෙළීම හේතුවෙන් සිදු වී ඇති බලපෑම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2016 සහ 2017 වර්ෂවල ඖෂධ වෙළඳ පොළ පිළිබඳ දත්ත විශ්ලේෂණයක් සිදු කරනු ලැබ තිබේ. එකී විශ්ලේෂණය අනුව අනාවරණය වී ඇති පහත සඳහන් කරුණු පිළිබඳ සෞඛ්‍ය,…

(0)Comments | August 9, 2018 12:53 pm

කිරි කර්මාන්තයේ ප්‍රවර්ධනයට ප්‍රංශයේ Netixis බැංකුවේ සහාය

ජාතික කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් කුඩා පරිමාණ කිරි නිපැයුම් මධ්‍යස්ථාන 06ක් සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. ඒ සඳහා ප්‍රංශයේ Netixis ආයෝජන බැංකුවේ අරමුදල් සහාය යටතේ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ බොකාඩ් සමාගම සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි…

(0)Comments | August 9, 2018 12:47 pm

සිගරට් අලෙවිය 6% කින් ඉහළට. මාස 06 කදී රජයට රු. බිලියන 63 ක බදු ආදායමක්.

ලංකා දුම්කොළ සමාගමේ 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය  ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. මෙහිදී ලංකා දුම්කොළ සමාගම පවසන්නේ 2018 ජූනි 30 න් අවසන් දෙවන කාර්තුව තුළ දී සිගරට් අලෙවිය 2.3% කින් වැඩි වී ඇති බවත්, එහිදී දේශීය සිගරට් අලෙවිය 6% කින් වැඩි වී ඇති බවත්ය. 2018 ජූනි 30…

(0)Comments | August 9, 2018 11:09 am

රාජ්‍ය ව්‍යාපෘති 561 ක භෞතික ප්‍රගතිය 75% ඉක්මවද්දී, ව්‍යාපෘති 444 ක ප්‍රගතිය 25%කට වඩා අඩුවෙයි

2017 වස‍රේ සිට රජයේ සත්‍ය වියදම සහ සත්‍ය ආදායම පිළිබඳ ත්‍රෛමාසික වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව 2018 මූල්‍ය වර්ෂයේ පළමුවන කාර්තුව තුළ රුපියල් බිලියන 403ක් වියදම් දරා ඇති අතර (රාජ්‍ය ණය සේවාකරණය හැර) එය එම කාර්තුවේ ඉලක්කගත වියදමෙන් 91%කි. රජය විසින් එම කාර්තුව තුළ රැස්කරගත් ආදායම රුපියල් බිලියන 469ක් වන අතර එයින්…

(0)Comments | August 8, 2018 12:42 pm

පොදු ප්‍රවාහනයට චම්පිකගෙන් A/C බස්

පොදු ප්‍රවාහන සේවා සඳහා වායු සමීකරණය කරන ලද වඩාත් සුව පහසු හා ආරක්ෂිත බස් රථ සේවයට යෙදවීමට බස් හිමියන් දිරිගැන්වීම සඳහා යෝජනාවක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. එම යෝජනාවෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. බස්නාහිර පළාත තුළ පවතින අධික මාර්ග තදබදය අවම කිරීමේ ප්‍රමුඛ පියවරක් ලෙස,…

(0)Comments | August 8, 2018 12:20 pm

මහනුවරටත් ගුවන්තොටක්

මහනුවර නගරය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සම්බන්ධ කරමින් මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා මෙහෙයවීම සඳහා දේශීය අභ්‍යන්තර ගුවන්තොටුපොළක් මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, මාබේරියතැන්න ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(0)Comments | August 8, 2018 11:51 am

ජූලි මාසයේ සංචාරක පැමිණීම 6% කින් ඉහළට – ඇමරිකානුවෝ 47% කින් වැඩිවෙද්දී චීනුන් 3.5% කින් පහළට

2018 ජූලි මාසය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 217,829 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙය 2017 වසරේ ජූලි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 205,482 හා සැසඳීමේ දී 6% ක වර්ධනයකි. මෙහිදී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. 31,032 ක් ලෙසින් සටහන් වන මෙම…

(0)Comments | August 8, 2018 9:37 am