Top News

අනිලානා පුද්ගලික නිකුතුවට කොටස්කරුවන්ගේ සහාය පතයි

අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී විසින් සිදුකිරීමට යෝජිත පුද්ගලික කොටස් නිකුතුව සඳහා, සමාගමේ කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට තීරණය තර තිබේ. මෙහිදී සමාගමේ සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් 513,443,555 ක් දක්වා ප්‍රමාණයක් නිකුත් කිරීමට යෝජිත අතර ඒ සඳහා කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට අතිවිශේෂ මහා සභා රැස්වීමක් 2018 පෙබරවාරි 27 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. සමාගමේ දැනට…

(0)Comments | January 30, 2018 12:49 pm

ඇලෝෂියස්ගේ සමාගම් 28 ක බැංකු ගිණුම් තහනම් වෙයි

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන වගඋත්තරකරු වන අර්ජුන් ඇලෝෂියස්ට අයත් පර්පචුවල් සමූහය සතු සමාගම් 28 ක බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර ඇති බව වාර්තා වේ. පර්පචුවෙල් ට්‍රෙෂරීස්, පර්පචුවෙල් කැපිටල් හෝල්ඩින්ස්, පර්පචුවෙල් ඇසට් මැනේජ්මන්ට්, ඩබ්. එම්. මෙන්ඩිස් යන සමාගම් ඇතුළුව සමාගම් 28 ක බැංකු…

(0)Comments | January 29, 2018 6:05 pm

බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා නව නීති සම්පාදනයට අවධානය

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. අදාළ නඩු පැවරීම් සහ රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සඳහා ගතයුතු කඩිනම් කි‍්‍රයාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. ඊට අදාළව මේ වන විට කි‍්‍රයාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳ…

(0)Comments | January 29, 2018 4:00 pm

අද බැඳුම්කර වෙන්දේසියක් – මහ බැංකුව රුපියල් මිලියන 80,000 ක් ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුව විසින් අද දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී රුපියල් මිලියන 80,000 ක වටිනාකමකින් යුතු බැඳුම්කර නිකුත් කර තිබේ. 2023 හා 2033 වසරවල කල්පිරෙන මෙම බැඳුම්කර සඳහා වෙන්දේසියේ දී ඉතා ඉහළ ඉල්ලුමක් ලැබී ඇත. පහත දැක්වෙන්නේ මෙම බැඳුම්කර නිකුතුව පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.

(0)Comments | January 29, 2018 3:52 pm

අයවැයේ වාහන මිල සහනයට රුපියලේ අවප්‍රමාණය හරස් වෙයි

2018 ජනවාරි 26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් මුදල් ඒකකවලට එරෙහිව රුපියලේ අවප්‍රමාණය හේතුවෙන් ආනයනික භාණ්ඩ සඳහා දැරීමට සිදුවන වියදම ඉහළ ගොස් තිබේ. මෙහිදී විශාල වශයෙන් බලපෑමක් වී ඇත්තේ ජපානයේ සිට ආනයනය කරනු ලබන මෝටර් රථවාහන ඇතුළු අනෙකුත් භාණ්ඩ සම්බන්ධවයි. මෙම දින 26 ක කාලපරිච්ඡේදය තුළ දී පමණක් ශ්‍රී ලංකා රුපියල ජපාන යෙන් මුදල් ඒකකයට…

(0)Comments | January 29, 2018 1:02 pm

සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනයට රුපියල් මිලියන 25 ක්

දිවයින පුරා විසිරී සිටින සාම්ප්‍රදායික හස්ත කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණින් හස්ත කර්මාන්ත සංවර්ධනය සඳහා මෙම වසරට රුපියල් මිලියන 25 ක් වෙන් කර ඇත. මේ වන විට මීට අදාළ ව්‍යාපෘති යෝජනා ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දන්වා යවා ඇත. මේ අනුව හදුනා ගන්නා ව්‍යාපෘති සදහා මෙම මුදල් වැය කෙරේ. මෙම ව්‍යාපෘතිය යටතේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත…

(0)Comments | January 29, 2018 10:37 am

සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක්- කෝටි 1,848 ක ආදායමක්

2017 වසරේදී ශ්‍රි ලංකා පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක් සිදු වූ බවත්, ඒ සඳහා හොඳ අපනයන වෙළෙඳපොළක් ඇති වූ බවත්, 2017 වසරේදී පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් රුපියල් මිලියන 18,480 ක් හෙවත් කෝටි 1,848 ක ආදායම් ලැබුණ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියිදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය. ශ්‍රි…

(0)Comments | January 26, 2018 12:08 pm

ජපාන වාණිජ හා කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිස අගමැති හමුවේ

ජපාන සහ තෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයන්හි නිලධාරීන් ඇතුලු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (25) අරලියගහ මන්දිරයේ දී හමුවී සාකච්ඡා පැවැත්විය. මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (H.E. Kenichi Suganuma)…

(0)Comments | January 26, 2018 11:06 am

ජපාන වාණිජ සහ කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් ජනපති හමුවෙති

ශ‍්‍රී ලංකාවේ නව ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා ශ‍්‍රී ලංකාවට පැමිණි ජපාන වාණිජ සහ කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් අද (25)පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවිය. වසර 140 ක දීර්ඝ ඉතිහාසයක් ඇති ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ටෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය නියෝජනය කරමින් 77 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක්…

(0)Comments | January 25, 2018 2:58 pm

ආනයන අපනයන බලපත්‍ර දැන් අන්තර්ජාලයෙන්

දේශීය හා ජාත්‍යන්තර වෙළෙද කටයුතු වල දී ලිපි ලේඛන අතර ප්‍රමුඛ වන ආනයන අපනයන බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම සැලසේ. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත. www.imexport.gov.lk සහ www.gov.lk යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගත හැකිවේ. මේ…

(0)Comments | January 25, 2018 12:20 pm