ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් හංගේරියාවෙන් ගෙන්වීමට යන වායු සමනය කරන ලද බස්රථ 1000 ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ඒවා සපයන හංගේරියානු සමාගම එක්ව පිහිටුවනු ලබන හවුල්කාර සමාගමක් මඟින් මඟී ප්‍රවාහනය සඳහා යොදා වනු ඇත. විදුලියෙන් ධාවනය කෙරෙන බස්රථ 250ක් සහ හයිබ්‍රිඩ් බස්රථ 750 ක් මෙම බස්රථ 1000ට අයත් වේ. මෙයින් විදුලි බස්රථ 250…
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයේ ආරෝග්‍යශාලා හස්තය වන ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී, 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා ඊයේ (13) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තාවලට අනුව ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ බදුගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 417.19 සිට රු. මිලියන 411.25 ක් දක්වා 1.4% කින් සුළු පසුබැස්මක්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී 2018/19 පළමු කාර්තුව තුළ දී රු. බිලියන 50.6 ක ආදායමක් වාර්තා කර තිබේ. මෙය පූර්ව වර්ෂයේ සමාලෝචිත කාර්තුව හා සැසඳීමේ දී 74% ක වර්ධනයකි. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවූයේ සමූහයේ පාරිභෝගික හා සිල්ලර වෙළෙඳ අංශය වෙතින් ලබා දී තිබෙන ආදායම් දායකත්වය රු. බිලියන 1.2…
අද (13) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රු. මිලියන 98,000 ක වටිනාකමකින් යුතු බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 2023 හා 2028 වසරවල දී කල්පිරෙන අයුරින් නිකුත් කරන ලද මෙම බැඳුම්කර සඳහා ලැබුණු ලංසුවලින් පිළිවෙලින් රු. මිලියන 45,000 හා රු. මිලියන 53,000 බැගින් අනුමත කරන ලදී….
තරුණ දිනය වෙනුවෙන් ගමට කෝටියේ වැඩසටහන යටතේ 1,500 ක පිරිසකට මුදල් ලබා දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2018 ජාත්‍යන්තර තරුණ දින සැමරුම වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති උත්සවයක් අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. මෙහිදී යොවුන් නව නිපැයුම්කරුවන්ගේ ප්‍රදර්ශනයක් ද පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය…
පෞද්ගලික රෝහල්වල විවිධ අයකිරීම් 46 ක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ කළුතර දිස්ත්‍රික් සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර “පැනරාමා” හෝටලයේ දී පසුගිය දා පැවති අතර අමාත්‍යවරයා එහිදී මේ බව කියා සිටියේය….
පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් පැදවීමට විශේෂ පිටසනක් (endoresement) ලබා ගත යුතු බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙහි සඳහන් පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් එම කාර්ය උදෙසා රියැදුරු බලපත්‍රය මත පිටසන් කරන ලද විශේෂ පිටසන හැර, එකී…
වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති සම්බන්ධ නියෝග ඇතුළත් ගැසට් නිවේදනය තවදුරටත් සංශෝධනය කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන වාහන හා එන්ජින් සඳහා සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන හෝ එකලස් කරනු ලබන වාහන සහ එන්ජින් සඳහා අදාළ වන විමෝචන පරිදි පහත පරිදි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින්…
1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ, අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන පිළිබඳ අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ අත්සනින් යුතුව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් ඊයේ (09) ප්‍රකාශයට පත් වී තිබේ. මීට අනුව 2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි කිරීම හා පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත්…
Airbnb සහ ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ශ‍්‍රී ලංකාව තුළ Airbnb Experiences දියත් කිරීමසඳහා සහ රට පුරා දේශීය, සැබෑ හා තිරසර සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ක‍්‍රමෝපායාත්මක හවුල්කාරිත්වයක් ඇති කර ගන්නා බව ඊයේ (09) දින නිවේදනය කළේ ය. ආසියාව තුළමෙවැනි හවුල්කාරිත්වයක් ඇති කර ගැනෙන ප‍්‍රථම අවස්ථාව මෙය යි.මේ යටතේ Airbnb සහ SLTDA දේශීය අත්දැකීම්…
Video Story