‘ගෝලීය දකුණ’ පුරා රටවල කෘතිම බුද්ධිය (AI) ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මෙම දශකය අවසන් වන විට ඩොලර් බිලියන 50 ක් ආයෝජනය කිරීමට සූදානම් බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි. රොයිටර් පුවත් සේවය මේ බව නිවේදනය කර සිටී. ලෝක නායකයින්, ගෝලීය AI දැවැන්තයින් සහ ඉහළ විධායකයින්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන AI සමුළුව අතරවාරයේ දී අද (18) දින මයික්‍රොසොෆ්ට් සමාගම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී ඊයේ (17) ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචාරයක නිරත වූවාය. ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා වසර 75ක් සැපිරීම මෙන් ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ 75වන සංවත්සරයට සමගාමීව මෙම සංචාරය සිදු විය. මහ බැංකු පරිශ්‍රයේ පැවති හමුවක දී…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය ඇතුළු දූත පිරිස අතර නිල හමුවක් ඊයේ (17) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ මෑතකාලීන ආර්ථික මෙන්ම ස්වාභාවික ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමට රජය දරන උත්සාහය මෙහිදී ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගේ ඇගයීමට ලක් විය. සහයෝගීතාවය සහ ආර්ථික…
Cinnamon Life at City of Dreams Sri Lanka හි සාමාන්‍යාධිකාරීවරයා ලෙස 2026 පෙබරවාරි 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි කමල් මුණසිංහ මහතා පත් කර ඇති බව නිවේදනය කර ඇත. මුණසිංහ මහතා Colombo Hotels at Cinnamon Hotels & Resorts හි ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස ඔහුගේ වත්මන් භූමිකාවේ ද අඛණ්ඩව කටයුතු කරනු ඇත. මෙම නව භූමිකාව තුළ…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව 2026 පෙබරවාරි 24 වන අඟහරුවාදා දින මාතරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් සවිබල ගැන්වීම සහ නව අවස්ථා ගවේෂණය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි. මෙම සමුළුව සඳහා ගාල්ල, මාතර, හම්බන්තොට සහ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. ජනාධිපතිවරයා සිය ඉන්දියානු සංචාරය සඳහා පිටත්ව යාමට පෙර මෙම හමුව සිදුව තිබේ. මෙහිදී මූල්‍ය අරමුදලේ ප්‍රධානී ජෝර්ජියේවා මහත්මිය, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කරමින්, එහි අඛණ්ඩ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ රට “බොහෝ දුරක් පැමිණ ඇති” බව සඳහන් කළාය. මෙම හමුව…
ශ්‍රී ලංකා – ජපාන ආර්ථික සබඳතා නව මාවතකට යොමු කෙරෙන යෝජිත ශ්‍රී ලංකා – ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජපානයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ. ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ…
අද (17) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ මන්දගාමී බවක් දිස්වුණි. දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 17.29 ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 1.62ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,882.82ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,708.71ක්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර අද (17) දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුර ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය. මෙම ජාතික ව්‍යසනයේදී ඉතාම සංවේදී කලාපයක් ලෙස සැලකූ මාවතුර ප්‍රදේශයේ නිවාස රැසක් නාය යාමට ලක්ව 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් හය දෙනෙකු…
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා නව මාවතකට යොමු කරමින් “ශ්‍රී ලංකා – ජපාන අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය” (Intergovernmental Economic Policy Dialogue) ඊයේ (16) මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස, දෙරටේ අදාළ අමාත්‍යාංශ අතර ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ සහයෝගීතා ගිවිසුමක් (Memorandum of Cooperation – MoC)…
Video Story