2025 දෙසැම්බර් 17 දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 115,616ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 2,219,209ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය දෙසැම්බර් 15 වන විට මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවීමට ද සමත් විය….
ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය සමඟ ලක්ෂ 15 කට අධික පාරිභෝගිකයන් පිරිසක් මේ වන විටත් සම්බන්ධ වී සිටියි මෙරට පළමු වරට 5G තාක්ෂණය වාණිජ වශයෙන් හඳුන්වාදෙමින්, දිවයින පුරා සජිවි 5G ආවරණ කලාප 220 ක් සමගින්, මීළඟ පරම්රාවේ සබඳතා සම්පාදනයේ ප්‍රමුඛයා ලෙසින් සිය කාර්යභාරය තවදුරටත් අවධාරණය කරයි මුළු දිවයිනම ආවරණය කිරීමේ හැකියාව සහිත, 3500 MHz සංඛ්‍යාත…
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින ශක්තිමත් හවුල්කාරීත්වය සහ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා වූ අඛණ්ඩ සහාය පළ කරමින් යුරෝ මිලියන 2.35කට අධික මානුෂීය ආධාර තොගයක් මෙරටට එවා තිබේ. මෙයට IFRC මගින් යුරෝ 500,000ක් සහ DG-European Civil Protection and Humanitarian Aid Operations (ECHO) හවුල්කරුවන්, WFP සහ UNICEF මගින් ලබා දුන් යුරෝ මිලියන 1.85ක්…
වර්තමානයේ ජංගම දුරකථනය යනු අපගේ ජීවිතයේ වටිනාම අංගයක් වන අතර එය නැතිවුවහොත් සිදුවන පාඩුව මුදලට පමණක් සීමා නොවී පෞද්ගලික දත්තවල ආරක්ෂාවටද දැඩිව බලපාන බැවින් දුරකථනය නැතිවීමට පෙර සූදානම් වී සිටීම අතිශයින්ම වැදගත් බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. ශ්‍රී ලංකා පොලීසිය සිය මුහුණු පොතේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ජංගම දුරකථනයක් නැති වූ විට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්…
NUWA Sri Lanka ප්‍රසංගයේ සමාරම්භය පිළිබඳ මාධ්‍ය දැනුවත් කරයි ශ්‍රී ලාංකේය සංගීත සංදර්ශන ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය වන ‘’ONE LOVE 2026 – A Tribute to Bob Marley” 2026 මාර්තු 27 සිට 29 දක්වා ආකර්ෂණීය බෙන්තොට වෙරළ තීරයේ දී පැවැත්වීමට නියමිතය. සංගීත ප්‍රසංගය දින 3ක් පුරා පැවැත්වෙනු ඇති අතර…
“වියට්නාමය අපට සමීප මිත්‍ර රටක්. අපේ රට වගේම අසීරු සහ අභියෝගාත්මක කාල පසු කරපු, ඒ වගේම අද වේගවත්ම ආර්ථික දියුණුවක් ලබමින් තිබෙන අපටත් ආදර්ශයක් ලබා ගත හැකි රටක්. එනිසාම වියට්නාමය සමග බලශක්ති ක්ෂේත්‍ර යේ නව ආයෝජන සහ තාක්ෂණ හුවමාරු හරහා සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම අපගේද බලාපොරොත්තුවයි.” යනුවෙන් බලශක්ති අමාත්‍යවරයා අදහස් පළකර සිටියේ ඊයේ (17)…
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත සහ ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය සියලුම බැංකුවල ඉහළ නිලධාරීන්, ණය අංශ වල නිලධාරීන්, මහ බැංකුවේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන අංශය සමඟ ඊයේ (17) විශේෂ හමුවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුනනෙත්ති මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී…
සුරැකුම්පත් කොමිසමෙන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් බ්ලූ ඕෂන් සිකියුරිටීස් නම් සමාගමක් විසින්, කොටස් වෙළෙඳපොළ ආයෝජනයන් සඳහා පහසුකම් සපයන මුවාවෙන් වට්ස්ඇප් සමූහ හරහා සාමාජිකයින් එක් කර ගනිමින් සිදුකර ගෙන යනු ලබන මහාපරිමාණයෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳ හෙලිදරව්වක් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් අද (17) සිදුකළේය. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ…
ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්වනු ඇති බව චීනයේ අපේක්ෂාවයි චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING මහතා හානි වූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැගීම වෙනුවෙන් චීනයේ තාක්ෂණික සහාය අපේක්ෂා කරනවා – ජනපති දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ දිමට සිදුවූ අභියෝග පරාජය කරමින්, ශ්‍රී…
WealthTrust Securities Limited (WTS) විසින් අද (17) පෙරවරුවේ දී මහජනයා වෙනුවෙන් විවෘත කරන ලද මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධි දායකත්වයක් ලැබී ඇති බව එම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. අද දින WealthTrust Securities Limited හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 71,548,244 ක්, එකක් රු. 7.00 බැගින් මහජනයා වෙත…
Video Story