ජංගම ගිණුම් අතිරික්තයක් අඛණ්ඩව මාසිකව වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2025 වසරේ මැයි මාසයේ දී තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 මැයි මාසය වෙනුවෙන් විදේශීය අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව නිකුත් කරමින් මේ බව සඳහන් කරන මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වැඩිදියුණු වූ අතර එමගින් පුළුල්…
ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගමක් වන Colombo Dockyard PLC හි පාලක කොටස් අයිතිය, දැනට එහි 51% ක කොටස් හිමිකාරීත්වය දරනු ලබන ජපානයේ Onomichi Dockyard Company Limited වෙතින් මිල දී ගැනීමට ඉන්දියාවේ Mazagon Dock Shipbuilders Limited තීරණය කර තිබේ. ඉන්දියාවේ බොම්බේ කොටස් හුවමාරුවේ (BSE) සහ ජාතික කොටස් හුවමාරුවේ (NSE) ලැයිස්තුගත කර ඇති සමාගමක් වන Mazagon Dock Shipbuilders Limited, එරට…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. 2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි. මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31…
ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරී (CEO) දූත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජුනි 30 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය. විශේෂයෙන් ම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ වර්ධනය කිරිම සඳහා දෙරටේ පවතින අඛණ්ඩ සහයෝගිතාව පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිය ප්‍රසාදය පළ කළා ය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෑතකාලීන ඉන්දීය සංචාරය…
ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මැයි මාසයේ දී දර්ශකාංක 59.7ක් දක්වා වර්ධනය විය. අප්‍රේල් මාසයේ උත්සව සමය හමුවේ මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්ත්වයට පත් වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කරන කළහ. ප්‍රතිචාර දැක්වූවන් විසින් වාර්තා කළ…
කැබිනට් අනුමැතියෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට පියවර – කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ දකුණු කොරියාවේ සෘතුමය රැකියා සදහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සදහන් කරයි. මේ සදහා වන යෝජනාව කැබිනට් අනුමැතියට යොමුකර ඇති අතර, එම අනුමැතිය ලැබීමෙන් අනතුරුව…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මැයි මාසයේ වාර්තා වූ –0.7% සිට 2025 ජුනි මාසයේ දී –0.6% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජුනි මාසයේ දී 4.3% ක් දක්වා අඩු වී ඇති අතර 2025 මැයි…
ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 18,000 සීමාව ඉක්මවීමට සමත් විය. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 153.98 කින් ඉහළ ගොස් ඒකක 18,014.86ක් ලෙසින් දැක්වුණි. එහි දී සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ බුකිට් ඩාරා යන සමාගම්වල කොටස්…
ලෝක ප්‍රසිද්ධ ඉන්දීය සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත කිරීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහායි. City of Dreams Sri Lanka නිල ෆේස්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් ඉඟි පළ කරමින් සටහනක් පලකර තිබුණි….
දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන සමාගමක් වන ATUM Beverages Pvt Ltd, එහි ජනප්‍රිය පාන වර්ග පරාසය මෙරටට හඳුන්වාදීමට සහ දේශීය නිෂ්පාදනය මෙරට ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා වෙළඳපොළට පිවිසෙන බව ATUM Beverages Pvt Ltd සමාගම නිවේදනය කරයි. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC Sri Lanka) මහලේකම් නීතිඥ ශනිල් ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ ICC…
Video Story