Top News

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. මිලියන 75 ක්

ශ‍්‍රී ලංකා රජය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය මාලා ව්‍යාපෘතියේ ක‍්‍රියාකාරකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඇ.ඩො. මිලියන 75 ක අතිරේක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් වන ණය ගිවිසුම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ශ‍්‍රී ලංකා රජය වෙනුවෙනුත්, ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල…

(0)Comments | February 17, 2018 9:40 am

2017 දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 762ක්

2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 762.06කට අධික බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි. දේශීය සංචාරකයින් පැමිණීම නිසා රුපියල් මිලියන 177.42ක්ද , විදේශීය සංචාරකයින්ගේ පැමිණීම නිසා මිලියන 564.25ක් ද උපයාගෙන ඇති අතර වෙනත් කටයුතු හේතුවෙන් රුපියල් මිලියන 20.39ක ආදායමක් ද උපයාගෙන ඇත. ඒ අනුව 2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන වෙත…

(0)Comments | February 17, 2018 9:36 am

රාජ්‍ය කළමනාකරණ සේවයට අලුතින් 6000ක පමණ පිරිසක්

රාජ්‍ය කළමනාකරණ සේවයට අලුතින් 6000ක පමණ පිරිසක් බඳවාගැනීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් කේ. බී. පී. එම්. ජේ. ගමගේ මහත්මිය පවසයි. ඒ අනුව විවෘත හා සීමාත ධාරාවන්ගෙන් සුදුසුකම් ලැබු පිරිස සඳහා එළැඹෙන මාර්තු මස 05දා සිට සම්මුඛ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත් ඉන් අනතුරුව ඔවුන් සේවයේ පිහිටුවීමේ කටයුතු සිදුකෙරෙන බවත් ගමගේ…

(0)Comments | February 17, 2018 9:15 am

හමුදාවේ බූට් සපත්තු කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 232 කට ඉරෝෂාට දෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවශ්‍ය කළු උස බූට් සපත්තු (Boot High Leg) යුගල 75,000ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි රුපියල් මිලියන 232ක මුදලකට M/s Irosha International (Pvt) Ltd වෙත පිරිනැමීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය…

(0)Comments | February 16, 2018 2:05 pm

මුදල් කොමිෂන් සභාවේ 2016 වාර්ෂික වාර්තාව ජනපතිට පිළිගන්වයි

මුදල් කොමිෂන් සභාවේ 2016 වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම ඊයේ (15) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. මුදල් කොමිෂන් සභාවේ සභාපති උදිත එච්. පලිහක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව…

(0)Comments | February 16, 2018 12:42 pm

ධීවර අංශය තුළින් නව රැකියා අවස්ථා 50,000ක්

ධීවර අංශය තුළින් 2020 දී නව රැකියා අවස්ථා 50,000 දක්වා වර්ධනය කිරීම අපේක්ෂිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 2017 ප්‍රගති වාර්තාව පෙන්වා දෙයි. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය 2016 – 2017 වසරේ සැප්තැම්බර් දක්වා කාලපරිච්ඡේදයේ දී ධීවර අංශ තුළින් නව රැකියා අවස්ථා 8665ක් උත්පාදනය කර ඇති අතර 2020…

(0)Comments | February 16, 2018 11:48 am

ධම්මික ලංකාවට ගෙන්වූ ලොව මිල අධිකම වාහනයේ තොරතුරු මෙන්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන තිබූ Bentley Mulsanne Hallmark මෝටර් රථය මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 160 ක් හෙවත් රුපියල් කෝටි 16 ක් පමණ වන බව වැඩිදුරටත් සඳහන් වේ. මේ බව අනාවරණය කරමින් අද (15) දින Daily FT පුවත්…

(0)Comments | February 15, 2018 4:27 pm

පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවිකාර තහනම දීර්ඝ කෙරේ

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් අඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, 2018 පෙබරවාරි මස 14 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී හි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු…

(0)Comments | February 15, 2018 3:10 pm

අක‍්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරින් පත්වීම් ලබයි

ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස්, සී/ස ශී‍්‍ර ලංකන් කේටරිං සහ සි/ස මිහින් ලංකා යන සමාගම්වල 2006 ජනවාරි මස 06 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලය තුළ සිදුවූවා යැයි සැලකෙන අක‍්‍රමිකතා පිළිබඳ විමර්ශන හා පරික්ෂණ කොට වාර්තා කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරින්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ඊයේ (14) පෙරවරුවේ…

(0)Comments | February 15, 2018 12:54 pm

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව ඊයේ (14) පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ පතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය වී තිබේ. මේ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත පරිදි වේ.

(0)Comments | February 15, 2018 12:36 pm