පෑන් ඒෂියා බැංකුවේ දෛනික කොටස් ගනුදෙනු අද පස්වරු 12.45 ට යළි ආරම්භ කරනු ලබන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී. මේ අතර පෑන් ඒෂියා බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සිය ප්‍රාථමික අලෙවි කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බවත්, අදාළ තීරණය නිසා බැංකුවේ සාමාන්‍ය ගනුදෙනුවලට බලපෑමක් නොවන බව ට මහ…
පෑන්ඒෂියා බැංකුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට අද පෙරවරුවේ පියවර ගෙන තිබේ. මේ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශ කර සිටින්නේ සමාගමේ නිවේදනයක් ප්‍රකාශයට පත්වීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි. මේ අතර අද උදෑසන 10.00 සිට පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික අලෙවි කටයුතු මාස 06 කට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
පෞද්ගලික ඔසුසල් හිමියන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ සෞඛ්‍ය ආමාත්‍යාංශයේ දී පැවැත්විණි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ වර්ග 450 ක් ඔසුසල්වල අලෙව් කරන අතර, ඉන් ඖෂධ වර්ග 114 කට සියයට 18 ක වට්ටම් මුදලක් ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා…
එමිරේට්ස් ගුවන් සේවයට අයත් A380 වර්ගයේ එයාර්බස් යානයක් අද (14) පස්වරුවේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑවේය. මෙහි ඇති විශේෂත්වය නම් කටුනායක ගුවන්තොටුපළේ ධාවන පථය පුළුල් කිරීමේ නවීකරණ කටයුතුවලින් පසු ඊට ගොඩබෑ විශාලතම මගී ගුවන්යානය මෙය වීමයි. A380 යනු එයාර්බස් සමාගම විසින් දැනට නිපදවා ඇති විශාලතම මගී ගුවන් යානයයි. මෙය තට්ටු දෙකකින් යුක්ත වේ….
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2017 ජූලි 31 දින වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,708.72 ක් බව නවතම මහ බැංකු වාර්තාවක සඳහන් වේ. මෙය 2017 ජූනි මස අවසානය වන විට පැවති ඩොලර් මිලියන 6,959.03 ක නිල සංචිත ප්‍රමාණය හ සැසඳීමේ දී පහළ යාමකි. මෙසේ සංචිත ප්‍රමාණය පහළ යාමට මූලික වශයෙන්…
BMW, MINI හා Hyundai මෝටර් රථ වාහන අලෙවිය සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන Prestige Automobile (Pvt) Ltd විසින් නවතම BMW 5 series plug-in hybrid මෝටර් රථ මාදිලිය පසුගිය දා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. 8-speed Steptronic transmission, ABS, ASC හා DTC (Dynamic Traction Control), Cornering Brake Control (CBC), Dynamic Brake Control (DBC),…
2018 වසර සඳහා වන අයවැය, කාර්ය සාධනය පදනම් කරගෙන පිළියෙළ කිරීමට රජය තීරණය කර ඇති බැවින් සියලුම අමාත්‍යාංශ තම ව්‍යාපෘති යෝජනා මඟින් ප්‍රතිලාභීන්ට සහන සලසන්නේ කෙසේදැයි ව්‍යාපෘති නිමැවුම් පිළිබඳ දත්ත ඇතුළත් කොට ඒවා ඉදිරිපත් කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම, එම ව්‍යාපෘති ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPI) සහිතව ඉදිරිපත් කළ යුතුව ඇතැයි…
ශ්‍රීලංකන් ගුවන් සමාගම ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA – International Air Transport Association) ශ්‍රේණිගත කිරීම අනුව ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවත්වාගෙන යන ගෝලීය ගුවන් සේවා 51 අතරින් 8 වෙනි ස්ථානය දිනාගැනීමට සමත්ව තිබේ. පසුගිය මාස 22 ක කාලය තුළ ඉන්ධන දහනය අඩු කිරීම සඳහා ඉන්ධන කාර්යක්ෂමතාව සහ අරපිරිමැස්ම වෙනුවෙන් ගුවන් සමාගම විසින් දියත් කරන ලද…
කොළඹ කොටස් හුවමාරුවෙහි පුර්ණ හිමිකාරිත්වයක් සහිත සමාගමක් වන මධ්‍යම තැන්පතු ක්‍රම පුද්ගලික සමාගමෙහි (CDS) රාජගිරිය නගරයෙහි පිහිටා ඇති නව කාර්යාලය විවෘත කිරීමෙන් වැඩ ඇරඹීම පසුගිය 10 වන දින සිදු විය. M&M මධ්‍යස්ථානය පහළ මහළෙහි පිහිටි, අංක 341/5, කෝට්ටේ පාර, රාජගිරිය දරණ ස්ථානයෙහි පිහිටා ඇති මෙම පරිශ්‍රයේ කටයුතු කිරීම තුලින් අනාගතයේදී CDS ආයතනය ව්‍යාප්ත කිරීමට සහ…
පසුගිය කාලයේ දී පැවති ගංවතුර, අයහපත් කාළගුණික තත්ත්වයන් සහ ඊට සම්බන්ධ සිද්ධීන් නිසා හානියට පත් ණය ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර කටයුතු යළි නඟා සිටුවීමට හා ජීවන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කරලීම උදෙසා ඒ ඒ අවස්ථානුකූලව පහත සහනයන් ලබා දීමට සියලූම බලපත්‍රලාභී බැංකු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබා දී ඇත. මේ අනුව එකී බැංකු විසින්, එකී…
Video Story