පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් ලෙස ස්ථාන ගත වී ඇති පැල්වත්ත කිරි සමාගම, මේ වන විටත් ලංකාව දේශීය කිරිවලින් ස්වයංපෝෂිත කරන ගමනේ අඛණ්ඩව ඉදිරියට ගමන් ගන්නා අතරම, කිරි නිෂ්පාදන සඳහා වෙනත් රටවලට ගිය විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළම ඉතිරි කිරීමට ඔවුන් දක්වන දායකත්වය ද අතිමහත් ය. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම, ලංකාවේ නිෂ්පාදිත කිරි…
ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය සහ නියාමන ක්‍රමවේදයේ සිදුකරන ලද සංශෝධන පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී සාර්ථකව පැවැත්විය. මෙම වැඩසටහන සංවිධානය කළේ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ජාතික කාබනික පාලන ඒකකය (NOCU) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සහ එක්සත් රාජධානියේ වෙළඳ හවුල්කාරිත්ව වැඩසටහන (UKTP) යටතේය. මෙම වැඩසටහන සදහා සහභාගීවෙමින්…
ප්‍රධාන ආයතන හතරකට මූල්‍ය හා තාක්ෂණික සහාය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ගෝලීය වෙනසක් සඳහා වන ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) පැවැත්විණි. නව රජයේ වැඩපිළිවෙළෙහි ප්‍රමුඛතා හඳුනා ගෙන ඊට සහයෝගය පළ කිරීම මෙම හමුවේ අරමුණ විය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය…
ලොව ප්‍රධාන පෙළේ මිල අඩු ගුවන් සේවයක් (Budget Airline) ලෙසින් සැලකෙන Jetstar සිය ආසියානු කලාපයේ මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වන බව නිවේදනය කර සිටී. ඔස්ට්‍රේලියාවේ Qantas සමූහයට අනුබද්ධිත ගුවන් සේවාවක් වන මෙය, සිය ආසියානු මෙහෙයුම් තුළින් අලාභදායීත්වයක් වාර්තා කිරීම මෙම තීරණයට හේතු වී තිබේ. ගුවන්තොටුපළ ගාස්තු ඉහළ යාම, ඉන්ධන පිරිවැය ඉහළ යාම ආදී කරුණු හේතුවෙන් එම…
DFCC බැංකුව ඉන්දියාවේ ගුජරාට් ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණ නගරයේ (GIFT නගරය) පිහිටි ජාතික කොටස් හුවමාරුවේ – ජාත්‍යන්තර හුවමාරුවේ (NSE IX) බැඳුම්කර ලැයිස්තුගත කළ පළමු විදේශීය සමාගම බවට පත්ව ඇත. එය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළවල සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර තිරසර මූල්‍ය ක්ෂේත්‍රයේ කලාපීය ප්‍රමුඛයෙකු ලෙස DFCC බැංකුවේ පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරයි. ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ…
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් සහ වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා හමුවේ වුවද 2025 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහයේ මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශයේ කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර 2025 මූල්‍ය වර්ෂයේ සමූහයේ සමස්ත…
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව කාන්තාවන්ගේ රැකියා ප්‍රවර්ධනය කරන සහ ගෞරවනීය සේවා ස්ථාන නිර්මාණය කිරීමට සහාය වන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මෙම හවුල්කාරිත්වය IFC හි Facility for Investment Climate Advisory Services (FIAS) වැඩසටහනේ කොටසකි. මෙම වැඩසටහන හරහා සන්ෂයින් සමූහය තුළ කාන්තාවන් රැකියාවට බඳවා ගන්නා සහ…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා වන ප්‍රධාන සැලැස්ම සකස් කිරීම පිණිස උපදේශක ආයතනයක් තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුව යෝජනා කැඳවා ඇත. එම යෝජනා ඇගයීමෙන් අනතුරුව, එකී කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ සමාගම විසින් කොන්දේසි ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාළ කොන්ත්‍රාත්තුව අවලංගු කර, ප්‍රසම්පාදන කාර්යය නැවත ආරම්භ කිරීමට සීමාසහිත ගුවන්තොටුපොළ සහ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (11) දිනයේ දී රු. මිලියන 175,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ. එහිදී දින 91, දින 182 හා දින 364 යනව පරිණත කාලවලට අදාළව පිළිවෙලින් රු. මිලියන 25,000ක්, රු. මිලියන 60,000 ක් සහ රු. මිලියන 90,000 ක් බැගින් වන බිලපත්, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත….
Video Story