Top News

ආයෝජන සඳහා බදු සහන වැඩපිළිවෙළක්

ආයෝජකයන් දිරි ගැන්වීමේ අපේක්ෂාවෙන් ඔවුන් වෙනුවෙන් සහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආයෝජනය කරනු ලබන මුදල, උත්පාදනය වන රැකියා අවස්ථා සහ ආයෝජන ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශය අනුව මෙම සහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. මෙමගින් රැකියා දශලක්ෂයක් ඇති කිරීම, වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන…

(0)Comments | May 15, 2017 5:08 am

2017 වසර සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයට නව අධ්‍යක්‍ෂක මණ්ඩලයක්

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලය 2017 වසර සඳහා නව අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත්කරගැනීමේ කටයුත්ත දින කිහිපයකට පෙර සිදු විය. එහිදී සාමාජිකයින් 47 කින් යුත් කණ්ඩායමක් වෛද්‍ය උපකරණ කර්මාන්තය වෙනුවෙන් පත් කරන ලදී. ප්‍රතිපත්තිමය මුලාරම්භයන් මෙන්ම කර්මාන්තය නගා සිටුවීම පිලිබඳ සැලසුම් සම්බන්ධව ක්‍රියාකිරීම නව අධ්‍යක්‍ෂක මණ්ඩලයේ වගකීම වේ. නව අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සභාපති තනතුර ලෙස ඩිලිගන්ස් හෙල්ත්…

(0)Comments | May 15, 2017 4:14 am

“නැවුම් පළතුරු අපනයනය” පිළිබඳ එක් දින වැඩසටහනක්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සීග්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් වඩාත් ඵලදායී හා පුළුල් සේවාවන් රැසක් කර්මාන්තහිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත. ඒ යටතේ “නැවුම් පළතුරු අපනයනය ”පිළිබඳ එක් දින වැඩමුළුවක් 2017 මැයි 25 දින පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා තාක්ෂණික…

(0)Comments | May 12, 2017 8:30 am

ඕස්ට්‍රේලියානු වීසා ගාස්තු ඉහළට

2017 මැයි 09 වන දින ප්‍රකාශයට පත් කරන ලද 2017/18 අයවැයට අනුව තම රටට පැමිණෙන විදේශිකයින්ගෙන් අයකරනු ලබන වීසා ගාස්තු ඉහළ නැංවීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ. මේ අනුව සංචාරක, ශිෂ්‍ය හා රැකියා ඇතුළු සියලුම කාණ්ඩවල වීසා ගාස්තු ඉහළ නංවා ඇත. මෙම නව වීසා ගාස්තු එළඹෙන ජූලි 01 වැනි දින සිට ක්‍රියාවට නැංවීමට නියමිතය. පහත…

(0)Comments | May 12, 2017 7:29 am

ශ්‍රී ලංකාවේ GSP+ බදු සහනයට අනුමැතිය

ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය ලබාදීමට යුරෝපා වෙළෙඳ සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය කමිටුව අද (11) දින තීරණය කර ඇත. ශ්‍රී ලංකාව GSP+ බදු සහනය ලබාදීම සඳහා සිදුවන ක්‍රියාදාමයේ අවසාන අදියර වූයේ මෙම යුරෝපා අමාත්‍ය කමිටුවේ අනුමැතිය ලබාදීමයි. ඊට පෙර යුරෝපා කොමිසම හා යුරෝපා පාර්ලිමේන්තුව මේ සඳහා අනුමැතිය ලබාදී තිබුණි. මෙම තීරණය හා සම්බන්ධ ඉදිරි…

(0)Comments | May 11, 2017 8:03 pm

5000 නෝට්ටුවට වෙන දේ මෙන්න

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් අත්සන් තබා නිකුත් කර ඇති රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවල වලංගුභාවය පිළිබඳ විමසීමක් අද (09) පැවති මාධ්‍ය හමුවක දී වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වෙත යොමු විය. එහිදී වත්මන් අධිපතිවරයා මෙසේ කියා සිටියේය. “ලංකාවේ පළමුවැනි මහ බැංකු අධිපතිවරයා ඇමරිකානු පුරවැසියෙක්. එක්සත් රාජධානියේ මහ බැංකු අධිපතිවරයා කැනේඩියානු ජාතිකයෙක්….

(0)Comments | May 9, 2017 11:33 am

රට රැකියාවලට මේ අය ගියාට ආර්ථිකයට වැඩක් නැහැ

වෘත්තිකයින් පිටරට රැකියා සඳහා යාමෙන් මෙරට ආර්ථිකයට කිසිදු දායකත්වයක් නොලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය. අද (09) පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව පැවසීය. රට රැකියා සඳහා පිටත්ව යන කාණ්ඩයන් අනුව වෘත්තිකයින්ගේ විගමනය සියයට 5.1 කින් වර්ධනය වී ඇති බවත්, පුහුණු ශ්‍රමික, අර්ධ පුහුණු ශ්‍රමික, නුපුහුණු ශ්‍රමික හා ගෘහ…

(0)Comments | May 9, 2017 11:19 am

අර්ථසාධකේ ට පාඩු කළ අයගෙන් නිදහසට කරුණු විමසයි

සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් රජයේ සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳපොළ තුළ කර ඇති ආයෝජනවලින් සිදුවී ඇතැයි පැවසෙන රුපියල් බිලියන 9.5 ක අලාභය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදුකරමින් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (09) දින මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් කරනු ලැබූ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මේ…

(0)Comments | May 9, 2017 8:18 am

නිදහසින් පසු ශ්‍රී ලංකාව ණයකාරයෙක් වුණේ මෙහෙමයි

1948 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස් වූයේ පළමු වරට මෙරට අග්‍රාමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු රජයක් පිහිටුවමිනි. මෙම රජය යටතේ 1950 වසර වන විට රුපියල් මිලියන 654 ක ණයක් පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් ගෙවීමට පැවති අතර එය රුපියල් මිලියන 529 ක දේශීය ණයවලින් සහ රුපියල් මිලියන 125 ක විදේශීය ණයවලින් සංයුක්ත විය. 1954…

(0)Comments | May 9, 2017 5:30 am

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් පවත්වා ගැනීම යෝග්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර තිබේ. 2017 වසර සඳහා වන තෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය සිදුකරමින් මහ බැංකුව අද උදෑසන මේ බව නිවේදනය කළේය. මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 7.25 ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8.75 ක් ලෙසින් පවතින…

(0)Comments | May 9, 2017 4:38 am