Top News

ශක්තිමත් කර්මාන්ත සහභාගීත්වයක් තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තය ශක්තිමත් කිරීමේ ගමන් මඟ ඇරඹේ

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) විසින් සංවිධානය කරනු ලැබූ, තොරතුරු තාක්ෂණ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන වෙළඳපොළ සූදානම සහ ජාත්‍යන්තර වෙළඳපොළ ප්‍රවේශ වැඩමුළුව ඊයේ දින (16) ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. 2025 වසරේ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස සැලකෙන ඩිජිටල්-කර්මාන්ත ආරම්භ කිරීමේ වැඩපිළිවෙල යටතේ “…

(0)Comments | December 17, 2025 11:52 am

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

ආපදා තත්ත්වය හේතුවෙන් ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ට සිදුවූ ගමනාගමන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ කාලසීමාව 2025.12. 31 දක්වා දීර්ඝ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි. ඒ් අනුව ගොවීන්ට දෙසැම්බර් මස විශ්‍රාම වැටුප දෙසැම්බර් මාසය පුරාම වැඩකරන දිනයන්හි අදාළ තැපැල් කාර්යාලය හෝ උපතැපැල් කාර්යාලය මගින් ලබා ගත හැකියි….

(0)Comments | December 17, 2025 11:33 am

2025 සංචාරක පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව 2025 දෙසැම්බර් 15 වන විට මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 2,208,000ක් ලෙසයි.

(0)Comments | December 17, 2025 8:58 am

WealthTrust Securities හි මූලික මහජන කොටස් නිකුතුව අද විවෘත කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) ආයෝජන අවස්ථා පුළුල් කරමින්, WealthTrust Securities Limited (WTS) හි මූලික මහජන කොටස් නිකුතුව (Initial Public Offering – IPO) අද දින එනම් දෙසැම්බර් 17 විවෘත කිරීමට නියමිතය. WTS සමාගම විසින් සාමාන්‍ය ඡන්ද බලය සහිත කොටස් 71,548,244 ක්, එක් කොටසක් සඳහා රුපියල් 7.00 ක නිකුතු මිලකට මහජනතාවට අත්සන් තැබීම සඳහා ආරාධනා කර ඇත….

(0)Comments | December 17, 2025 8:36 am

සැබෑ නිර්මාණයක් හා AI නිර්මාණයක් හඳුනාගන්නා ආකාරය TikTok වෙතින් දැනගන්න

AI තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් පිළිබඳ පරිශීලක අවබෝධය ඉහළ නැංවීම හා ඔවුන්ගේ For You feed හි AIGC අන්තර්ගතයන් කොපමණ තිබේද යන්න දැන ගැනීම සඳහා නිර්මාණය කරන ලද නවතම විශේෂාංග කට්ටලයක් හඳුන්වා දීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. අද වන විට AI තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන අන්තර්ගතයන් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා…

(0)Comments | December 16, 2025 3:07 pm

ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් අංශයේ තිරසාර ව්‍යාපාර ශක්තිමත් කිරීමට විධිමත් වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ප්‍රධාන ජාත්‍යන්තර හවුල්කරුවන් මෙරට රෙදිපිළි හා ඇඟලුම් අංශය තුළ තිරසාර භාවිතයන් ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන වැඩසටහනක් පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්විණි. තිරසාර ව්‍යාපාර සඳහා විනිවිදභාවය වැඩිදියුණු කිරීම (ITSB) සදහා ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනට රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයේ පාර්ශ්වකරුවන්, කුඩා හා මධ්‍යම ව්‍යාපාර (SMEs) සහ සැපයුම් දාමයට සම්බන්ධ හවුල්කරුවන් රැසක්…

(0)Comments | December 16, 2025 2:58 pm

2026 ආසියානු කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව ශ්‍රී ලංකාවේ දී

ආසියානු සංවර්ධන බැංකුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන ආසියානු කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව මඟින් එම බැංකුවේ සාමාජික රටවල ණය කළමනාකරුවන්ට රාජ්‍ය ණය කළමනාකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් බෙදා ගැනීමට, අභියෝග සාකච්ඡා කිරීමට සහ කලාපීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසේ. 2026 ආසියානු කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව, ණය කළමනාකරණ මෙහෙයුම්, අභියෝග හා නව ප්‍රවේශයන් කෙරෙහි අවධානය යොමු…

(0)Comments | December 16, 2025 2:53 pm

2025 නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 55.5ක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඒ සඳහා සියලු උප දර්ශක ධනාත්මකව දායක වී ඇත. නව ඇණවුම්වල වර්ධනය සඳහා ආහාර හා පාන වර්ග, රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශවල ක්‍රියාකාරකම් ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය….

(0)Comments | December 16, 2025 9:58 am

අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

‘දිට්වා‘ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව මුහුණ පෑ ව්‍යසනකාරීත්වය පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත්වන බව ලෝක බැංකු සමූහය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයන් විසින් පෙන්වන ලද කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාව සහ ජීවිත බේරා ගැනීමට සහ යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන් දියත් කිරීමට රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ගය අගය කරන බව ලෝක බැංකුව…

(0)Comments | December 15, 2025 6:25 pm

ශ්‍රී ලංකාවට හදිසි සහනාධාර ප්‍රවාහනය කිරීම සඳහා එමිරේට්ස් සහ ඩුබායි හියුමැනිටේරියන් ඉදිරිපත් වෙයි

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට හදිසි සහනාධාර යවන ආයතන වලට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමට එමිරේට්ස්  ගුවන් සමාගම ඉදිරිපත් වී ඇත. ඩුබායි හියුමැනිටේරියන් සංවිධානය එක්ව සිදු කරන මෙම මෙහෙයුම හරහා ඉදිරි සති දෙක තුල එමිරේට්ස් ශ්‍රී ලංකාවට සිය දෛනික මගී ගුවන් ගමන් හරහා ටොන් 100 කට අධික භාණ්ඩ ඉඩක් නොමිලේ ලබා දෙන අතර, ඩුබායි හියුමැනිටේරියන්…

(0)Comments | December 15, 2025 5:02 pm