ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) මගින් පිරිනමනු ලබන සතුන් ප්‍රවාහනය පිළිබඳ ‘Center of Excellence for Independent Validators (CEIV) Live Animals’ සහතිකය හිමිකරගත් දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් සේවය බවට පත්වෙමින් කලාපීය වශයෙන් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. සතුන් ගුවන් මගින් ප්‍රවාහනය කිරීමේ ඉහළම ගෝලීය ප්‍රමිතිය…
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය සඳහා මුල්‍යමය සහය සැපයීම පිණිස සහ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම මූලික අරමුණු කරගත් ශ්‍රම වාසනා අරමුදල, 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල් පනතේ විධිවිධාන අනුව පිහිටුවා ඇති අතර, වර්තමානයේ එය කම්කරු අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතී. රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන කමිටු…
ජාතික සෞඛ්‍ය ප්‍රධාන සැලැස්ම තුළ ආමන්ත්‍රණය කළ යුතු යැයි හඳුනාගෙන ඇති ප්‍රමුඛ ක්ෂේත්‍රයක් වන බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී අනුගමනය කරනු ලබන ප්‍රධාන ක්‍රියාකාරම්වලින් එකක් ලෙස හෘද කැතීටකරණය ඇතුළු හෘද ප්‍රතිකාර පහසුකම් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම හඳුනාගනු ලැබ ඇත. හෘද කැතීටකරණ පහසුකම් ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් කිහිපයක පමණක් දැනට ක්‍රියාත්මක වේ. හෘදවාහිනී රෝග,…
සැපයුම් හා ගබඩා ව්‍යාපෘතින්හි නියුතු සමාගමක් වන එම්.ඒ.එස්. කොන්සොලිඩේටඩ් (පුද්ගලික) සමාගම වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයෙන් අක්කර 3-4 ප්‍රමාණයෙන් යුතු ඉඩම් කොටසක් සැපයුම් ගබඩා සංකීර්ණයක් ස්ථාපිත කිරීම සඳහා ලබා දෙන ලෙස ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය සඳහා, කෙරවලපිටියෙහි පිහිටි ප්‍රමාණයෙන් අක්කර 03 රූඩ් 02 පර්චස් 25.63ක් වන ඉඩම් කොටස යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ශ්‍රී…
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව සතු වත්තල, කෙරවලපිටිය පිහිටි අක්කර 400ක පමණ වගුරු බිම් ප්‍රමාණයක් විශාල වියදමක් දරා මුහුදු වැලි පොම්ප කිරීමෙන් අනතුරුව සංවර්ධනය කරනු ලැබ ඇත. එකී සංවර්ධනය කරන ලද ඉඩමෙන් සැලකිය යුතු බිම් ප්‍රමාණයක් ජාතික වශයෙන් වැදගත්කමකින් යුත් රජයේ ආයෝජන මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත පෞද්ගලික ආයෝජනයන් සඳහා බැහැර කරනු ලැබ…
ඩිජිටල් ආර්ථික උපායමාර්ග (2025-2030) යටතේ වන ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය, ජාතික ප්‍රතිපත්ති ප්‍රමුඛතාවක් වන ඩිජිටල් ක්‍රමවේදයන් තුළින් කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුක්තව රාජ්‍ය සේවා සැපයීම නවීකරණය කිරීම අරමුණු කර ගනිමින් සකස් කරනු ලැබ ඇත. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ලබා ගැනීම සඳහා 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා…
ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වීය සංවර්ධන ආයතනවලින් ලැබෙන අතරමැදි මූල්‍ය පහසුකම් සලසා ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, ආර්ථික ප්‍රතිසාධනය සහ ස්ථාවරත්වය සඳහා වන මූලික ප්‍රතිසංස්කරණයන්ට සහායක් වශයෙන් ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ ඔරොත්තු දීම, ස්ථාවර හා ආර්ථික හැරවුම…
සන්නිවේදන පහසුකම් නොමැති ප්‍රදේශ හා අඩු සන්නිවේදන පහසුකම් සහිත ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල විදුලි සංදේශ සේවා වැඩිදියුණු කිරීම මඟින් ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි 4G පුළුල් පරාස සේවා පහසුකම් සැපයීම අරමුණු කරගත් ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය, 2004 අංක 11 දරන මුදල් පනතේ විධිවිධාන යටතේ 2021 වර්ෂයේ සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක…
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම (AASL) ඉතිහාසයේ එක් මාසයක් තුළ හැසිරවූ වැඩිම මගීන් සංඛ්‍යාව වාර්තා කීරීමට 2026 ජනවාරි මාසයේ දී සමත් වී ඇත. ඒ මගීන් 1,045,097 දෙනෙකුට සේවා සැපයිමත් සමගයි. මින් පෙර මෙම වාර්තාව තබා ඇත්තේ 2018 ජනවාරි මාසයේදී වන අතර එහි දී මගීන් 1,034,687 දෙනෙකුට සේවා සැපයීමට ගුවන් තොටුපළ සහ…
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් රජයේ නිලධාරීන් වෙනුවෙන් කෘතිම බුද්ධිය (AI) පිළිබඳ විශේෂ සතිඅන්ත කෙටි පාඨමාලාවක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක…
Video Story