Top News

2025 පළමු කාර්තුවේ දී ඩොලර් මිලියන 650ක සෘජු විදෙස් ආයෝජන ඇවිත් – ඇමති හඳුන්නෙත්ති

මෙම වසරේ පළමු කාර්තුව තුළ දී ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ ව්‍යාපෘති 64 ක් වෙනුවෙන් මෙම ඩොලර් මිලියන 650 ක ආයෝජන ප්‍රමාණය පැමිණ ඇති බවයි. අද (04) දින පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය. එහිදී…

(0)Comments | June 4, 2025 4:37 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 7 කට පසු ලබාගත් මුල්ම Wide-body වර්ගයේ ගුවන් යානය මෙරටට ළඟා වේ

ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා අලුතින් ලබාගත් Airbus A330-200 Wde-body ගුවන් යානය අද උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට ළඟා විය. 4R-ALT ලියාපදිංචි අංකය දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස්වීමට පෙර කොළඹ සහ කටුනායක ප්‍රදේශ හරහා පහතින් පියාසර කළේය. මෙම ගුවන් යානයත් සමග ශ්‍රීලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව 23 ක් බවට පත්…

(0)Comments | June 4, 2025 4:13 pm

මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් – ජනපති

ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුලුණු ත්‍රිත්වයම එකවර ඉහළට එසවිය යුතුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේදී අද (04) පැවැති සාකච්ඡාවේදීය….

(0)Comments | June 4, 2025 4:07 pm

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැන අද නැවත අලුත්වෙයි

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, අද (04) ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 138.66කින් ඉහළ ගොස් ඒකක 17,353.05 ක් ලෙසින් සටහන් වූ අතර එය ඊයේ (03) දිනයේ වාර්තා වූ මෙතෙක් ඉතිහාසයේ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වූ…

(0)Comments | June 4, 2025 3:52 pm

කොමර්ෂල් බැංකුව සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතමයන් ලෙස සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ කළමනාකරණය සඳහා හොඳම බැංකුව ලෙස ද එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද ඒෂියන් බෑන්කර් (TAB) සඟරාව විසින් සෑම වසර තුනකටම වරක් පිරිනමන කීර්තිමත් සම්මාන දෙකක් ද කොමර්ෂල් බැංකුවට පිරිනමා ඇත. 2022-2024 කාලපරිච්ජේදය වෙනුවෙන් මෙම සම්මාන පිරිනමන ලද්දේ, ආසියානු පැසිෆික් කලාපයේ මූල්‍ය සේවා…

(0)Comments | June 4, 2025 11:02 am

එක්සත් ජනපද බදු ප්‍රතිපත්තිය සහ රුපියලේ අධිප්‍රමාණය වීම ශ්‍රී ලාංකීය අපනයන අවදානමේ හෙලයි

මහාචාර්ය සිරිමල් අබේරත්න – විධායක අධ්‍යක්ෂ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය පසුගිය කාලවකවානුව පුරාම ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ආර්ථික අභියෝගයන්ගෙන් තරමක ජයග්‍රහන අත්කර ගනිමින් මෙරට ආර්ථිකය යළි නිසි මගට එළැඹීම සුභදායක බලාපොරොත්තුවක් රටවැසියා තුළ ඇති කළද ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීම සහ විහේෂයෙන්ම ඇමරිකානු ජනපති ‌ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුගමනය කරන ආරක්ෂණවාදී ඇමරිකානු ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී…

(0)Comments | June 4, 2025 10:38 am

කොළඹ වරාය නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානය ප්‍රධාන මෙහෙයුම්කරුවන් වෙත භාර දෙයි

පසුගිය මැයි 30 වැනි දා පැවති විශේෂ උත්සවයක් හරහා කොළඹ වරාය නගරයේ පිහිටා ඇති කාර්යාල සංකීර්ණය එහි ප්‍රධාන මෙහෙයුම්කරුවන් වෙත විධිමත් ලෙස භාර දීම උත්සවාකාරයෙන් සිදු කරන ලදි. මෙම විශේෂ උත්සවය සඳහා චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් ගෲප් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චෙන් ජොං මහතා ද, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති හර්ෂ අමරසේකර මහතා ද, චයිනා…

(0)Comments | June 4, 2025 10:30 am

දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක්

දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (03) පැවැත්විණි. දේශීය අවශ්‍යතාව සපුරාලීම සඳහා මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාර බවට පත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි….

(0)Comments | June 4, 2025 8:30 am

ඉතිහාසයේ ඉහළම තැනට කොටස් වෙළෙඳපොළ ළඟා වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) දිනයේ දී සමත්විය. අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් ලෙසින් සටහන් වූ අතර මෙය මීට පෙර ඉහළම අගය වූ, 2025 පෙබරවාරි 18 දින වාර්තා වුණු ඒකක 17,193.8 වාර්තාව බිඳහෙළීමකි. අද දින සියලු කොටස් මිල…

(0)Comments | June 3, 2025 3:24 pm

බස්නාහිර පළාතට මෙට්‍රෝ බස් රථ 100ක්

පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස සුවපහසු, දියුණු තාක්ෂණයක් සහිත බස් රථ ඇණියක් හඳුන්වා දීමට 2025 වර්ෂයේ අයවැය මඟින් යෝජනා කරනු ලැබ ඇත. ඒ යටතේ, බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව මාකුඹුර (කොට්ටාව), කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා සුවපහසු, පහත් පිවිසුම්…

(0)Comments | June 3, 2025 1:46 pm