නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2021-2030 කාලපරිච්ඡේදය ආවරණය වන පරිදි සකස් කරනු ලැබ ඇති මහනුවර මහ නගර සභා බලප්‍රදේශ සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා තිබේ. ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සහ බන්ධනාගාර ගොඩනැගිලි හඳුනාගෙන ඇති අතර, එම පරිශ්‍රයන්හි…
ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමෙන් අනතුරුව මේ වන තෙක් මෙරටට ලැබීමට නියමිත 4 වන වාරිකය නොලැබීමට හේතුව මෙතෙක් IMF විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීම නොතිබීම බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ…
2025 අයවැය කථාවේදී ආයෝජන ප්‍රවර්ධනය සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය වෙනුවට විධිමත් නෛතික යාන්ත්‍රණයක් මත පදනම්ව නව ඒකකයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත්, එම ඒකකය නෛතිකව ස්ථාපිත කරන තෙක් එහි මූලික…
2025 මැයි මාසයේ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 132,919ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙතෙක් ඉතිහාසයේ වසරක් තුළ වැඩිම විදෙස් සංචාරක පැමිණීමක් වාර්තා වූ 2018 වසරේ මැයි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 129,466ක් ලෙස වාර්තා වූ අතර මෙම වසරේ මැයි මාසයේ එම සීමාව ඉක්මවීමට හැකි වී තිබීම දැකගත හැකියි. මෙය 2018 වසරෙන්…
ශ්‍රීලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය 2025 ජුනි 04 වන බදාදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පැරිස් සිට පැමිණෙන මෙම ගුවන් යානය, මෙරට ගුවන් යානා නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කිරීමක් සිදු කරනු ඇත. උදෑසන 8:00 සිට 9:00 දක්වා,…
2025 ජනවාරි සිට මැයි දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 5.71%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එහිදී වසර ආරම්භයේ දී ඒකක 15,944.61 ක් ලෙසින් සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක අගය 2025 මැයි 30 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 16,854.86 ක් දක්වා වර්ධනය වී ඇත. මේ අතර S&P SL20…
වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අග දී, දැනට දරන මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම ගන්නා බවත්, ඔහු ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (02) පෙරවරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති, ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට…
ජාතික බදු සතිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ විය. “බදු ශක්ති” නමින් ක්‍රියාත්මක මෙම බදු සතිය අද සිට ලබන 07වනදා දක්වා ක්‍රියාත්මක වෙයි. මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. මේ අතර, 2024 – 2025 තක්සේරු වර්ෂයේ සිට අදාල බදු…
මිචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත්ව තිබෙන කැම්සා සන්නාමය යටතේ වන Off-Highway ඉදිකිරීම් උපකරණ ටයර් සහ ට්‍රැක් නිෂ්පාදන ව්‍යාපාරය මිල දී ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ මුම්බායිහි පිහිටි සීමාසහිත සියැට් සමාගම, මිචලින් ලංකා (පුද්ගලික) සමාගම සමග නිශ්චිත ගිවිසුමකට එළඹී ඇති බව 2024 දෙසැම්බර් මස දී නිවේදනය කරන ලදි. එම ගිවිසුමට අනුව මිචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත් මිදිගම කර්මාන්තශාලාව,…
මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ජාතික ණය සුරැකුම් ආයතනය අද (02) නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතනය මගින් ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරිත ණය සඳහා දේපළ ඇපකර මතයැපීම වෙනුවට මුදල් ප්‍රවාහ මත පදනම්ව මූල්‍ය ශක්‍යතාවයක්…
Video Story