Top News

2020 වන විට දුම්කොළ වගාව තහනම් කරනවා – ඇමැති රාජිත කියයි

මේ වන විට දුමිවැටි භාවිතය 46%  කින් අඩු වී තිබෙන අතර ම දුම්කොළ වෙනුවෙන් ඉදිරියටත් නීති රීති ගෙන එන බවත් පාසල් අවට සිගරට් විකිණීම තහනම් කිරිම, තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීම සහ ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වා දීම ඒ අතර ප්‍රධාන වන බවත්  වසර 2020 වනවට දුම්කොළ වගාව ශ්‍රී ලංකාවේ තහනම් කරන බවත්  සෞඛ්‍ය, පෝෂණ හා…

(0)Comments | September 11, 2017 4:28 pm

ඉදිරියේ දී පිහිටුවන ආර්ථික කවුළු මෙන්න

රජය විසින් ආර්ථික කවුළු පිහිටුවීමට කටයුතු යොදවමින් පවතිනු ලබන බව පසුගිය දා එළිදක්වන ලද ‘V2025 පොහොසත් රටක්’ ආර්ථික දැක්ම ප්‍රකාශ කර සිටී. මෙමඟින් ආර්ථික පුනර්ජීවනය හ සියලුම ජන කොටස්වල සෞභාග්‍ය සහතික කරනු ලබන බව එහි වැඩිදුරටත් සඳහන් වේ. නිරිතදිග ආර්ථික කවුළුව, අධිවේගී මාර්ග ජාලය ප්‍රෙයා්ජනයට ගනිමින් ගාල්ල, හම්බන්තොට හා මොණරාගල, මහනුවර හා කොළඹ සම්බන්ධ කෙරයි….

(0)Comments | September 11, 2017 3:43 pm

එක් ආරෝපණයකින් සැතපුම් 200 ක් යන නිසාන් ලීෆ් මෝටර් රථයක් 2019 දී

ඉලෙක්ට්‍රික් මෝටර් රථ කර්මාන්තයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකරමින් නිසාන් ලීෆ් 2018 මාදිලිය පසුගිය දා එළිදැකීය. මෙය 2017 ඔක්තෝබර් 02 දින සිට ජපාන වෙළෙඳපොළට පිවිසෙන අතර 2018 මුල් භාගයේ දී ඇමරිකානු වෙළෙඳපොළට පිවිසීමට නියමිතය. හැච්බැක් මාදිලියේ මෙම මෝටර් රථය 40-kilowatt-hour බැටරියකින් යුක්ත වේ. එය එක් වරක් ආරෝපණයකින් සැතපුම් 150 ක් ඉක්මවා ධාවනය කළ හැකි බව නිසාන්…

(0)Comments | September 11, 2017 2:52 pm

ත්‍රීවීල් මට්ටු කරන්න සිරිපාල තෙවැනි උත්සාහයත් ගනී

මාස 08 ට ගැසට් 3 යි. තාමත් නීතිය ක්‍රියාත්මක නැහැ. මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන ත්‍රීරෝද රථ සඳහා අනුගමනය කළ යුතු නව නීති මාලාවකින් සමන්විත අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ අත්සනින් යුතුව 2017 සැප්තැම්බර් 08 වන දින ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ නිවේදනයෙහි දැක්වෙන්නේ මෙම…

(0)Comments | September 11, 2017 11:48 am

අන්තර්ජාල සුරක්ෂිතතාව ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්

අන්තර්ජාල සුරක්ෂිතතාව පිළිබඳව දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු නිලධාරීන් දැනුවත් කිරිමේ  වැඩසටහන් මාලාවක්  පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර තිබේ. එහි ප්‍රථම වැඩසටහන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභපතිනි මරිනිද ලිවේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට ( 11) ගාල්ල හොල් ඩී ගොල් ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. සමාජ ජාලා වෙබ් අඩවි මගින් සිදුවන අපයෝජන, අසභ්‍ය  වෙබ් අඩිවි පිළිබඳව දැනුවත් කිරීම…

(0)Comments | September 10, 2017 7:34 pm

මනෝ සේකරම් ලංකා බැංකුවෙන් යයි

ලංකා බැංකුවේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ මනෝ සේකරම් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ලංකා බැංකුවේ සමාගම් ලේකම්වරිය වන ජානකි සිරිවර්ධන කියා සිටින්නේ 2017 සැප්තැම්බර් 08 වන දින සිට මෙම ඉල්ලා අස්වීම බලපැවැත්වෙන බවයි. මනෝ සේකරම් මහතා ලංකා බැංකුවේ අධ්‍යක්ෂ තනතුරට…

(0)Comments | September 8, 2017 5:43 pm

ලක්ෂ විසිපහේ සංචාරක ඉලක්කය තව දුර වෙයි. මුල් මාස 08 ට ආවේ ලක්ෂ 14 යි

2017 වසරේ මුල් මාස 08 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදේශිකයින් ගණන 1,406,854 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නවතම වාර්තාවක් මගින් ප්‍රකාශ කර සිටී. මෙය 2016 වසරේ මුල් මාස 08 හි මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන වූ 1,359,906 හා සැසඳීමේ දී සියයට 3.5 ක වර්ධනයකි. මේ අතර අගෝස්තු මාසය තුළ දී පැමිණි…

(0)Comments | September 8, 2017 4:48 pm

රවී මාධ්‍යවල වත්කම් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට සිය වත්කම් බැරකම් ලබා දී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. මන්ත්‍රීවරුන් විසින් තම වත්කම් හා බැරකම් ලබාදී නැතැයි පුවත්පතක් කළ වාර්තා කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් කතානායකවරයා මෙසේ සඳහන් කළේය. මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේ මාධ්‍යයේ…

(0)Comments | September 8, 2017 12:12 pm

මෙරට වරායන් දියුණු කිරීමෙන් දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගෙනවා – අගමැති

ඉන්දියන් සාගරයේ විශාලම වරාය ලෙස කොළඹවරායත්, දෙවන විශාල වරාය ලෙස ත්‍රිකුණාමලය වරායත් සංවර්ධනය කළ හැකි බවත් හම්බන්තොට වරායද තවත් දියුණු කළ යුතු අතර රටේ දියුණුවට මීටත් වඩා දෙයක් අවශ්‍ය වන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම වරායන් තුන සංවර්ධනය කිරීම මගින් සිංගප්පූරුව දියුණු වූවා සේම ශ්‍රී ලංකාවටත් දියුණු කරා ළඟා විය හැකි බව…

(0)Comments | September 8, 2017 10:52 am

PAYE බදු නිදහස් සීමාව ඉහළට

යෝජිත නව බදු පනත මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට අයත් කිසිදු නිලධාරියෙකුගේ රැකියාවේ සුරක්ෂිතතාවයට කිසිදු හානියක් සිදු නොවන බව අවධාරණය කෙරේ. එමෙන්ම, මෙම නව බදු පනත ක්‍රියාත්මක වූවාට පසුව වුවද සේවක අර්ථසාධක අරමුදල් ලාභීන්ට හා විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන මුදල් සඳහා අමතර කිසිදු බදු පැනවීමක් සිදු නොවන බව ද…

(0)Comments | September 7, 2017 11:39 pm