Top News

නව විදේශ විනිමය පනත ඔක්තෝබර් 17 සිට ක්‍රියාත්මකයි

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධානයන් 2017 ඔක්තෝබර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (14) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇත.

(0)Comments | September 15, 2017 11:49 am

හේලීස් – සිංගර් ශ්‍රී ලංකා ගනුදෙනුව සම්පූර්ණයි. වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි.

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි 61.73% ක කොටස් අයිතිය අද (15) පෙරවරුවේ දී මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් අයිතිය දරනු ලබන හේලීස් පීඑල්සී විසින් මිල දී ගනු ලැබීය. මේ සඳහා හේලීස් පීඑල්සී විසින් එක් කොටසකට රු. 47.00 බැගින් ගෙවනු ලැබූ අතර මිල දී ගත් කොටස් ප්‍රමාණය 231,864,362 කි. මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල්…

(0)Comments | September 15, 2017 10:37 am

ලිට්‍රෝ ගෑස් සඳහා අවශ්‍ය දියර පෙට්‍රෝලියම් ගෑස් මිල දී ගැනීමට තරඟකාරී ලංසු ක්‍රමයක්

80%ක වෙළඳපොළ කොටසක් හිමි, මෙරට විශාලතම එල්පී ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මඟින් බෙදාහැරීම සඳහා අවශ්‍ය එල්පී ගෑස් අන්තර්ජාතික තරගකාරී ලංසු ක්‍රමය මඟින් මිල දී ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, මෙට්‍රික් ටොන් 1ක් සවුදි ඇරැම්කෝ ගිවිසුම් මිලට ඇමරිකානු ‍ඩොලර් 47.50ක් එක්…

(0)Comments | September 14, 2017 5:29 pm

අඛණ්ඩව පස්වන වසරටත් ශ‍්‍රී ලංකාවේ වසරේ අපනයනකරු සම්මානය බ‍්‍රැන්ඩික්ස් දිනාගනී

ජාතික ආර්ථිකයට සිදුකළ අනගි දායකත්වය වෙනුවෙන් 2016 වසරේදී බ‍්‍රැන්ඩික්ස් සමූහයට ජනාධිපති අපනයන සම්මාන පහක් ශ‍්‍රී ලංකාවේ සමස්ත අපනයන ක්ෂේත‍්‍රයේ අංක එකේ සමාගම් සමූහය බවට අඛණ්ඩව පස්වන වතාවටත් පත්වීමට බ‍්‍රැන්ඩික්ස් සමූහය 2016 වසරේදී සමත්වී තිබෙන අතර ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අද පැවැත්වූ උත්සවයෙහි ‘වසරේ ශ‍්‍රී ලාංකේය අපනයනකරු’ සම්මානය බ‍්‍රැන්ඩික්ස් වෙත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා…

(0)Comments | September 14, 2017 2:35 pm

ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංවිධානයේ වාර්ෂික සමුළුව 28 දා ඇරඹේ

ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 30 වන වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ලබන 28 දා ශ්‍රී ලංකා මහාබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ සභාපති ලලිත් විජේතුංග මහතා පැවසීය. මෙම සමුළුව පිළිබඳ මාධ්‍ය දෑනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින්‍ ඒ මහතා මේ බව සඳහන් කළේය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙන…

(0)Comments | September 14, 2017 2:06 pm

ධම්මික රුපියල් බිලියන 12.5කට සිංගර් ශ්‍රී ලංකා මිලට ගැනීමට තීන්දු කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා පැරණිම පාරිභෝගික භාණ්ඩ කර්මාන්තයේ නිරත සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීමට ශ්‍රී ලංකාවේ තවත් දැවැන්ත සමාගම් සමූහයක් වන හේලීස් ඉදිරිපත් වී තිබේ. මේ සම්බන්ධ අවසාන තීන්දුවට සමාගම් ද්විත්වය විසින් අද (13) සවස් භාගයේ දී පැමිණ ඇත. ඒ අනුව සිංගර් ශ්‍රී ලංකා සමාගමේ බහුතර කොටස් හිමියා වන Retail Holdings…

(0)Comments | September 14, 2017 12:01 am

කොටස් වෙළෙඳපොළට ප්‍රාග්ධන බදු නැහැ – නව බදු අයකිරීම් 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මකයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දින සිට මුළුමනින්ම ක්‍රියාත්මක කරනු ලබන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017 ඔක්තෝම්බර් මස…

(0)Comments | September 13, 2017 4:44 pm

2018 අයවැය විවාදය වෙන්නේ මෙහෙමයි

2018 මුදල් වර්ෂය සඳහා වන අයවැය විවාදය සම්බන්ධයෙන් අපේක්ෂිත වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, අමාත්‍ය මණ්ඩලය විසින් එය සැලකිල්ලට ගන්නා ලදී. ඒ අනුව, 2018 මුදල් වර්ෂය සඳහා වන අයවැය කථාව 2017 නොවැම්බර් මස 09 වන දින පැවැත්වෙන අතර, විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු…

(0)Comments | September 13, 2017 2:30 pm

චාමර්ස් ධාන්‍යාගාරය ‘කොළඹ නගර පිවිසුම’ ලෙස සංවර්ධනය කෙරේ

සියලු ප්‍රවාහන මාදිලි ඒකාබද්ධ කරමින් කොළඹ කොටුව/පිටකොටුව ප්‍රදේශයේ බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීම පිණිස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති ‘චාර්මස් ග්‍රැනරීස්’ නැමැති අක්කර 9 රූඩ් 3 පර්චස් 27ක ප්‍රමාණයෙන් යුත් නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටස යොදා ගැනීමට තීරණය කර ති‍බේ….

(0)Comments | September 13, 2017 1:07 pm

2018 රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3,982 යි

2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2017 සැප්තැම්බර් මස අවසානය වන විට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. රජයේ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා පදනම් කර ගනිමින් 2018 – 2020 මධ්‍යකාලීන අයවැය රාමුව සඳහා සලසා ගත හැකි මුළු සම්පත් ප්‍රමාණය සැලකිල්ලට ගෙන මහා භාණ්ඩාගාරය විසින් මෙම අයවැය ඇස්තමේන්තු සකස් කරනු ලැබ ඇති අතර, අමාත්‍යාංශ…

(0)Comments | September 13, 2017 12:31 pm