කොළඹ කොටස් හුවමාරුව හා ගෝලීය හුවමාරු සංසඳය අතර පවතින සුවිශේෂ සබඳතාවය සහ කොළඹ කොටස් හුවමාරුව විසින් කලාපීය වශයෙන් ප්‍රාග්ධන වෙළෙපොළ සංවර්ධනය සඳහා ලබා දෙනු ලබන දායකත්වය අගය කරන බව ගෝලීය හුවමාරු සංසදයෙහි ප්‍රධාන විධායක නිලධාරී නන්දිනී සුකුමාර් මහත්මිය පසුගිය දින කොළඹ කොටස් හුවමාරුවෙහි පැවති දෛනික ගනුදෙනු ඇරැඹීමේ සීනුව නාද කිරීමේ උත්සවයට එක්වෙමින් සදහන් කලාය. “කොළඹ…
මෙරට ප්‍රමුඛ පෙළේ රජයේ බැංකු දෙකක් සහ රක්ෂණ සමාගමක් එළඹෙන වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට නියමිත බව වාර්තා වේ. රජයේ නියාමන නිලධාරීන් මූලාශ්‍ර කරගනිමින් රොයිටර් පුවත් සේවය මෙම පුවත වාර්තා කර තිබෙන අතර මෙකී සෑම රාජ්‍ය සමාගමකින් ම, සියයට 10 බැගින් වූ කොටස් අයිතියක් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට සූදානම් බව එහි…
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන ලංකා සිමෙන්ට් පීඑල්සී හි කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. ඊයේ (19) දිනයේ දී ලංකා සිමෙන්ති කොටසක මිල රු. 4.40 සිට රු. 5.10 දක්වා 16% කින් ඉහළ ගිය අතර අද (20) දිනය තුළ දී රු. 5.10 සිට රු. 6.30 දක්වා 23.5% කින් කොටසක මිල ඉහළ යන ලදී. අද…
හේලීස් පීඑල්සී විසින් සිංගර් ශ්‍රී ලංකා හි පාලක කොටස් අයිතිය අත්පත් කර ගැනීමත් සමගම එහි ශ්‍රේණිගත කිරීමෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති බව ෆිච් රේටිංග්ස් කියා සිටී. මේ අනුව A-(lka)/Stable මට්ටමේ සිංගර් ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම නොවෙනස්ව පවතී.
චෝදනාවන් වළක්වා නිවැරදි ටෙන්ඩර් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට නම් නවීන තාක්ෂණයෙන් යුතු ටෙන්ඩර් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම අතිශය වැදගත් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. ලංකාවේ ටෙන්ඩර් ක්‍රමවේදයන්ගේ විනිවිදභාවය පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රාජ්‍ය යාන්ත්‍රනය තුළ ටෙන්ඩර් ක්‍රමවේදය ඔස්සේ ගනුදෙනු කිරීම් විශාල ලෙස සිදුවේ. එබැවින්…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම්වලින් ලැබෙන පොලී ආදායමට ද බදු අය කරන බවට විවිධ ප්‍රචාරයන් ගෙන ගිය බවත් ඒවායෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මුදල් අමාත්‍යාංශය අවධාරණය කර සිටී. මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටින්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් මත වන පොලී ආදායම මසකට රු.125,000 දක්වා බදුවලින් නිදහස් කොට ඇති බවයි. එසේම ඊට වැඩි පොලී ආදායමක් ලබන්නට…
රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පෙර ඒවායේ සාර්ථක විය හැකි බව පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරයක් (Social Innovation Lab) පිහිටුවීමට යෝජනා වී තිබේ. ඒ අනුව, ක්‍රියාශීලී ප්‍රතිපත්තීන් නිර්මාණය කිරීමට මෙන්ම ප්‍රතිපත්තීන්හි ස්ථිරභාවය හරහා ඵලදායී රාජ්‍ය සේවාවක් සැපයීම ඉලක්ක කරගනිමින් යෝජිත සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය යටතේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ…
ඉදිරියේ දී ඒක පුද්ගල දළ දේශීය ආදායම වැඩිවන ප්‍රතිශතයටම දුම්වැටිවල මිල වැඩි වීමට හැකි බව වෙරිටේ පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන් ද මෙල් මහතා පැවසීය. අද (19) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති දුම්කොළ, බදු හා මිල නියම කිරීමේ නියෝග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගිවෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේ දී දුම්වැටිවල මිල…
මෝටර් වාහන (සංශෝධන ) පනත් කෙටුම්පත අද (19) විවාදය සඳහා ඉදිරිපත් කෙරිණි. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ අමාත්‍යවරයා; මෙම පනතින් බලාපොරොත්තු වන්නේ,වාහන නියාමනය කිරීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම හා දේශීය අත්දැකීම් මත නීතිය යතාවත් කිරීමට අවශ්‍ය වෙනවා. මේ පිළිබඳව දීර්ග…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ නිෂ්පාදන ප්‍රවේශය යොදාගෙන ඇස්තමේන්තු කරන ලද දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ප්‍රකාශයට පත් කොට ඇත. ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, 2017 වර්ෂයේ දෙවන කාර්තුවේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය සියයට…
Video Story