ඇස්බැස්ටොස් නිෂ්පාදන ලබන වර්ෂයේ සිට තහනම් කිරීමට ගෙන ඇති පියවර නිසා උළු සඳහා ඉල්ලුම ඉහළ යා හැකි යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ පසුගිය දා පැවති පිඟන් වීදුරු කර්මාන්තකරුවන්ගේ වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. දේශීය උළු සඳහා එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබා…
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඩිජිටල් පුස්තකාලය බැගින් ස්ථාපිත කෙරේ. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කර තිබේ. ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම තව දුරටත් සවිමත් කිරීමේ තවත් එක් අදියරක් වශයෙන් ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙන බවත් සමාජයේ තාක්ෂණික රුචිකත්වයන්ට…
නව බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ සාහිත්‍ය, සංගීත, වේදිකා හා සිනමා ක්ෂේත්‍ර ඇතුළුව කලා ක්ෂේත්‍රයේ නිරත වූවන් යම් නිෂ්පාදන කටයුත්තක් හෝ කලා නිර්මාණයක් සිදු කරන අවස්ථාවන්හී දි එවැනි නිර්මාණ වලින් ලබන වාර්ෂික ශුද්ධ ලාභය රු. ලක්ෂ 5ක් දක්වා බදු නිදහස ලැබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව තම නිර්මාණ වෙනුවෙන් නිර්මාණකරුවාට ගෙවිය යුතු පඩි…
විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට දේශීය නාලිකාවල පෙන්වීම හේතුවෙන් දේශීය ටෙලි නාට්‍ය හා ශිල්පීන්ට දැවැන්ත අභියෝගයක් එල්ල වී ඇති බවත් ටෙලි නාට්‍ය සඳහා නීති සකස් කර ප්‍රමිතියක් සකස් කළ යුතුව තිබෙන බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ලාංකික ටෙලි නාට්‍ය කලාව මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් වාචික…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති ආර්ථික තොරතුරු වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර සඳහා ලොව පුරා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ මුහුදු ආහාර අපනයන ආදායමේ ඉහළ වර්ධනයක් අත් කර ගැනීමට හැකි වී ඇතැයි අනාවරණය වේ. යුරෝපා සංගමය විසින් පනවා තිබු මත්ස්‍ය අපනයන තහනම රජයේ මැදිහත් වීම මත ඉවත් වීමත් සමඟ මුහුදු ආහාර…
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අත්සන් තැබූ පළමු රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුව, මුදල් අමාත්‍යවරයා වෙත පිරිනැමීම ඊයේ (21) දින මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා බලයලත් සමාගම වන De La Rue Holdings හි ප්‍රධාන විධායක නිලධාරී මාටින් සදර්ලන්ඩ් මහතා විසින් මෙම පිරිනැමීම සිදුකරන ලදී.
2017 ජූලි මාසයේ 6.3%ක් වූ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2017 අගෝස්තු මාසයේදී 7.9%ක් දක්වා වැඩි ව ඇතැයි ද ඒ සඳහා 2016 අගෝස්තු මාසයේ පැවැති අඩු මිල මට්ටම් හේතු වී ඇතැයි ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා සඳහන් කරයි. මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 5.3%ක…
තම නමින් ක්‍රියාත්මක ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පැමිණිලි කර තිබේ. මෙහිදී අරවින්ද ද සිල්වා මහතා අවධාරණය කර සිටින්නේ ෆේස්බුක් හෝ වෙනත් කිසිදු සමාජ ජාලයක තම නමින් ගිණුම් නොමැති බවයි. ජාතික ක්‍රිකට් පිලේ සිටිය යුතු ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තමා කළා යැයි කියන ප්‍රකාශයක් පසුගිය දිනවල සමාජ…
ඊයේ (20) දිනය තුළ දී සිය ග්‍රාහකයින් විසින් ලබා ගන්නා ලද දේශීය දුරකතන ඇමතුම්, අන්තර්ජාතික දුරකතන ඇමතුම්, රෝමිං සහ SMS සඳහා අය කරන ලද ගාස්තු සම්පූර්ණයෙන්ම කපා හරිනු ලබන බව ඩයලොග් ආසියාටා පීඑල්සී නිවේදනය කර සිටී. සිය පාරිභෝගිකයින් හට කෙටි පණිවුඩයක් මගින් මේ බව දැනුම් දෙමින් සමාගම වැඩි දුරටත් කියා සිටින්නේ ඊයේ (20) දිනය තුළ…
සෞඛ්‍ය ක්ෂේත්‍ර සංවර්ධනය සදහා වන ලෝක බැංකු (මූල්‍ය සහයෝගය මත) මගින් ක්‍රියාත්මක වන දෙවන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය (සංරචක II) යටතේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක්ව 2016 වසරේ දී දිවයින පුරා පවත්වන ලද ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමික්ෂණයේ අවසන් වාර්තාව 2017 සැප්තැම්බර් මස 18 වන දින එළිදක්වන ලදි….
Video Story