Top News

නොමිලේ වයිෆයි යන්ත්‍ර 200 ක් කොළඹට

නිදහස් අන්තර්ජාල පහසුකම ලබාදීමේ යන්ත්‍ර 200ක් ඉදිරියේදී කොළඹ නගරය පුරා ඉදිකිරීමට නියමිත බවත් රටේ භාවිත කරන ජංගම දුරකථන ප්‍රමාණය රටේ ජනයගහණයට වඩා විශාල අතර ම අන්තර්ජාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව විශාල ඉල්ලුමක් රටේ ඇති ව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ, ගාලුමුවෙදාර පිටියේ දී, නොමිලේ වයිෆයි අන්තර්ජාල…

(0)Comments | September 27, 2017 11:02 am

රවීගේ ‘මහ බැංකු හොරු‘ කතාවට අධිපති ප්‍රතිචාර දක්වයි

පසුගිය අගෝස්තු මාසය අවසන් වන විට උද්ධමනය 7.9% දක්වා ඉහළ නැඟ තිබෙන බව නවතම මහ බැංකු වාර්තා සඳහන් කරනු ලබයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු මුදල් මෙන්ම හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා ද වූ රවී කරුණානායක මහතා පසුගිය සිකුරාදා (22) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ මහ බැංකුවේ සිටින ‘අදක්ෂ හොරු‘ මෙලෙස උද්ධමනය ඉහළ යාමට වගකිව…

(0)Comments | September 26, 2017 3:18 pm

මසුන් සහ ආහාර කල් තබා ගැනීමේ ජපන් තාක්ෂණය ශ්‍රී ලංකාවට

ශ්‍රි ලංකාවේ මසුන් සහ ආහාර කල් තබා ගැනීම සඳහා ජපානයේ ABI සමාගමේ CAS තාක්ෂණය ලබා දීමට එම සමාගමේ සභාපති NORIO OWADA මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එකඟත්වය පළ කර ඇත. ජපානයේ ආහාර කල් තබා ගැනීම පිළිබඳ ප්‍රමුඛ ආයතනයක් වන ABI පුද්ගලික සමාගම විසින් ලොවට ප්‍රථම වරට මෙම තාක්ෂණය හඳුන්වා දී තිබේ. CAS (Cells Alive System)…

(0)Comments | September 26, 2017 1:58 pm

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරය යෝග්‍ය බව මුදල් මණ්ඩලයෙහි අදහස වන අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින මට්ටමේ නොවෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කොට ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකා ආර්ථිකය…

(0)Comments | September 26, 2017 8:00 am

යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට

රේණුකා කැපිටල් පීඑල්සී විසින් කොළඹ 04, බම්බලපිටියෙහි පිහිටි ව්‍යාපාරික පරිශ්‍රයක් වන යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල අයත් සමාගම වන ON’ALLY HOLDINGS PLC හි 23.04% ක කොටස් අයිතිය අද (25) දින අත්පත් කර ගන්නා ලදී. රේණුකා කැපිටල් පීඑල්සී විසින් අද දිනයේ දී ON’ALLY HOLDINGS PLC හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 4,032,755 ක් මිල දී ගත් අතර එහිදී…

(0)Comments | September 25, 2017 6:41 pm

තුසිත හල්ලොලුව ජාතික ලොතරැයියට එයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් තුසිත හල්ලොලුව මහතා පත් කර තිබේ. 2017 සැප්තැම්බර් 21 දින ඒ මහතා අදාළ තනතුරේ වැඩ භාර ගැනීම සිදුකළේය.

(0)Comments | September 25, 2017 4:45 pm

බියර් හා වයින් බලපත්‍ර ලිහිල් කිරීමේ තීරණයක්

ඉදිරි මාස 3-4 ඉලක්ක කර ගනිමින් දැවැන්ත නිෂ්පාදනයකට බියර් සමාගම් මුලපුරා ඇති බවත් ඉදිරි අයවැයෙන් සංචාරක අමාත්‍යාංශයේ අනුදැනුම පරිදි බියර් එසේත් නැතිනම් soft liquor බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධ රෙගුලාසි ලිහිල් කිරීමට සැලසුම්ක් ඇති බවට ආරංචි වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා, සංචාරක අමාත්‍ය ජෝන්…

(0)Comments | September 25, 2017 4:14 pm

මංගලගේ මංගල අයවැයෙන් පොඩි කාර් මිල පහළට. ඉලෙක්ට්‍රික් කාර්වලටත් සහන

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එළඹෙන නොවැම්බර් 09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2018 අයවැය යෝජනා හරහා කුඩා මෝටර් රථ හා ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා ඇති නිෂ්පාදන බදු සුවිශේෂී ලෙසින් පහළ දමනු ඇතැයි වාර්තා වේ. මෙය සභාග රජයේ අභිනව මුදල් අමාත්‍යවරයා විසින් කරනු ලබන පළමු අයවැය කථාවයි. යහපාලන රජයේ පළමු අයවැය වූ…

(0)Comments | September 25, 2017 4:10 pm

මත්ස්‍ය තොග අපනයනය වැඩි කිරීමට ජපන් සහාය

ජපානයට අපනයනය කරන ශ්‍රී ලංකාවේ මත්ස්‍ය තොග ප්‍රමාණය වැඩි කිරීමට එරට උපරිම සහාය ලබා දෙන බව ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මසහිසා සාටෝ මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී ඇත. ජපානයේ නිල සංචාරයක නිතරත ව සිටින ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එරට විදේශ කටයුතු…

(0)Comments | September 25, 2017 4:00 pm

මුදල් ප්‍රතිපත්තිය විවරණය හෙට

2017 වසරේ සයවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට උදෑසන 7.30 ට නිවේදනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය පසුගිය අගෝස්තු 03 වැනි දින ප්‍රකාශයට පත් වූ අතර එහිදී මුදල් මණ්ඩලයේ අදහස වී ඇත්තේ පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බවයි. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය…

(0)Comments | September 25, 2017 2:22 pm