එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය අද (19) නිව්යෝර්ක් නුවරදී ආරම්භ කෙරෙන අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිය ඊයේ (18) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි. මෙම සැසිය සඳහා රාජ්‍ය නායකයින් පමණක් සහභාගී වූහ. ලෝක රාජ්‍යයන්ගේ සාමුහික සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරි ගමන…
ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදල් (venture-capital) සම්පාදන සමාගමක් වන Social Capital හි නිර්මාතෘ චමත් පලිහලිටිය විසින් දියත් කරනු ලැබූ මූලික මහජන කොටස් නිකුතුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් එක්රැස් කර ගෙන තිබේ. ලන්ඩලයේ තවත් මෙවැනිම ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදල් සම්පාදන සමාගමක් වන Hedosophia හා ඒකාබද්ධ වෙමින් ස්ථාපිත කරන ලද Social Capital Hedosophia Holdings Corp විසින් දියත් කරනු…
පොලිස් සුරාබදු දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල් ධූරයට ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් පත් වී තිබේ. ඒ අනුව හෙලේනා මීගස්මුල්ල මහත්මිය අදාළ තනතුරේ අද (18) දින වැඩ භාර ගන්නා ලදී. ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.
අද (18) දින කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ඇරඹි විනීත රියැදුරයන් තෝරා ගැනීමේ වැඩසටහන යටතේ තෝරා ගත් රියැදුරන් හට වවුචර පත් ප්‍රදානය කර තිබේ. මාර්ග නීති පිළිපදිමින් විනීත ලෙස රිය පදවන ලද අහඹු ලෙස තෝරා ගනු ලැබූ රියැදුරන් හට පොලිස්පතිවරයා විසින් මෙම වවුචර පත් පිරිනමනු ලැබීය. අදාළ වවුචර පත් භාවිතා කොට ආසිරි රෝහල තුළින් නොමිලේ…
මුදල් මණ්ඩලය විසින් 2017 අගෝස්තු මස 31 වැනි දින පැවති රැස්වීමේ දී කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය, එස් ගුණරත්න මහත්මිය, එන්.ඩබ්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා, ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය, ජේ.පී.ආර්. කරුණාරත්න මහතා සහ කේ. ගුණතිලක මහත්මිය යන මාණ්ඩලික පන්තියේ IV වන ශ්‍රේණියේ නිලධාරීන් සහ දෙනා 2017 අගෝස්තු මස 31 වැනි දින සිට සහකාර අධිපති තනතුරට උසස් කරනු ලැබ තිබේ.
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 ජුනි මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 ජුනි මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…
පසුගිය සතිය තුළ ලංකෙම් ඩිවලොප්මන්ට්ස් සමාගමේ කොටස් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ලංකෙම් ඩිවලොප්මන්ට්ස් පීඑල්සී වෙතින් කරුණු විමසීමක් කර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සමාගම විසින් පසුගිය සැප්තැම්බර් 15 වන දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, කොටස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් අනාවරණය නොවූ කිසිදු මිල සංවේදී තොරතුරක් නොමැති බවයි. තවද කොළඹ…
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අවශ්‍ය ටයර් කට්ටල සැපයීම හා බෙදාහැරීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම පිණිස විවෘත තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසුකරුවන් දෙදෙනෙකු විසින් ඒ සඳහා මිලගණන් ඉදිරිපත් කරනු ලැබ තිබිණ. එම මිල ගණන් ඇගයීමට ලක් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය…
2016 වසර සඳහා ඉහළම අගය එකතු කළ මුහුදු ආහාර අපනයනකරුවාට හිමි ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලැබූමට Global Seafoods (පුද්) සමාගම පසුගිය දා සමත්විය. ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පවත්වන ලද ජනාධිපති අපනයනය සම්මාන 2016 ප්‍රදානෝත්සවයේ දී මෙම සම්මානය Global Seafoods (පුද්) සමාගමට හිමිවිය. ශ්‍රී ලංකාවේ විශාලතම මුහුදු ආහාර අපනයනකරුවකු වන Global Seafoods (පුද්) සමාගම,…
ලංකා බැංකු ආඥාපනතේ 7 වැනි වගන්තියේ 2 වැනි උපවගන්තියේ මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ලංකා බැංකුවේ ගෙවා නිමි ප්‍රාග්ධනය රුපියල් බිලියන 10 සිට රුපියල් බිලියන 15 දක්වා වැඩි කළ යුතු බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිශ්චය කර තිබේ. මේ සම්බන්ධයෙන් අංක 2036/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.
Video Story