මුතූර් නගරයේ ලංකා සතොස ආරම්භක දිනයේ දී ම රුපියල් ලක්ෂ හයක වාර්තාගත ආදායමක් ලබා ඇති බවත් 325 වැනි ලංකා සතොස සුපිරි වෙළෙඳ සැල පසුගිය 12 වැනිදා මුතූර්හි විවෘත කළ බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම ලංකා සතොස සුපිරි අලෙවි සැළ විවෘත කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ ලංකා සතොස අළෙවි…
2017 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ එක් එක් කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ක්‍රීඩක වෙන්දේසිය ලබන 20 වැනිදා බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිතය. මෙවර වෙන්දේසියේ දී ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ මෙන්ම නවක ක්‍රීඩකයින් රැසකටම ඉහළ පෙළේ ලංසු නියම වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී. මෙහිදී ඉහළම ලංසු නියම වූ ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකා…
සිය සමාගමේ කටයුතුවලට සීමාවන් පනවමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. මෙහිදී වැඩිදුරටත් සමාගම විසින් දන්වා ඇත්තේ මහ බැංකුව විසින් ගෙන ඇති මෙම පියවර හේතුවෙන් සමාගමේ ව්‍යාපාරික කටයුතුවලට බාධා ඇතිවන බවත් එම නිසා සමාගම බංකොලොත් තත්ත්වයට පත්විය හැති බවත්ය. ශ්‍රී…
හොන්ඩා සමාගම විසින් එළිදක්වනු ලබන නවතම මෝටර් රථය වන 2017 City sedan අද (14) දිනයේ දී ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. මෙය 2014 වසරේ හඳුන්වා දෙන ලද Honda City මාදිලියේ තවත් දිගුවකි. වේග හයක ගියර් පද්ධතියකින් යුතු මෙම මෝටර් රථය පෙට්‍රල් හා ඩීසල් මාදිලි දෙකෙන්ම මිල දී ගැනීමට හැකිය. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටින්නේ ඉන්දියානු…
දෙරට පවතින ද්විපාර්ශවික වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තබන බව බංග්ලාදේශ වාණිජ අමාත්‍ය ටොෆේල් අහ්මඩ් ප්‍රකාශ කර සිටී. පසුගිය ඉරිදා (12) ඩකා නුවර දී බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපතිනි යසෝජා ගුණසේකර සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වාණිජ අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය. පසුගිය මූල්‍ය වර්ෂය තුළ දී…
කුඩා තේ වතුහිමියන්ගේ මුල්‍ය කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා ඉදිරියේ දී රජය විසින් තේ බැංකු ක්‍රමයක් හඳුන්වා දීමට ක්‍රියා කරන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දෙවගෙදර මහතා සඳහන් කරයි. මේ වන විට ඒ සඳහා ක්ෂෙත්‍රෙය් විද්වතුන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය. රට තුළ කුඩා තේ වතු හිමියන් මේ…
මෙරට ප්‍රමුඛ පෙළේ දුරකතන සේවා සැපයුම් සමාගමක් වන ඩයලොග් ආසියාටා පීඑල්සී හි 2016 දෙසැම්බර් 31 න් අවසන් සිව්වන කාර්තුව සඳහා වන ශුද්ධ ලාභය රුපියල් බිලියන 1.25 ක් දක්වා වර්ධනය වී තිබේ. මෙය පූර්ව වර්ෂයේ අදාළ කාර්තුව හා සැසඳීමේ දී සියයට 102 ක වර්ධනයකි. මේ අතර ඩයලොග් සමූහයේ වාර්ෂික ලාභය 2016 දෙසැම්බර් 31 දින වන විට…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බුරුසු නිෂ්පාදකයෙකු හා සැපයුම්කරුවකු වන B P P L Holdings Ltd සමාගමට කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ. මේ අනුව සමාගම විසින් මූලික කොටස් නිකුතුවක් සිදුකරනු ලබන බව නිවේදනය කර සිටින අතර රු. 12.00 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 30.685 ක් එහිදී නිකුත්…
2017 ජනවාරි මාසය අවසාන වන විට ඇමරිකානු ඩොලර් මිලියන 567.5 කින් මෙරට නිල විදෙස් සංචිතය පහළ ගොස් ඇති බව වාර්තා වේ. 2016 දෙසැම්බර් 31 වන විට ඩොලර් බිලියන 6.01 ක්ව පැවති විදෙස් සංචිතයේ වටිනාකම 2017 ජනවාරි 31 වන විට ඩොලර් බිලියන 5.45 ක් දක්වා මේ අනුව පහළ ගොස් ඇත. මේ අතර පසුගිය දා පැවති මාධ්‍ය…
ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිලිබඳ තොරතුරු ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජංගම දුරකථනයට හෝ ටැබ් පරිගණකයට ලබා ගැනීමට පහසුකම ජනතාවට උදා වී තිබේ. ඉ-උරුමය ව්‍යාපෘතිය (e-Heritage project) යටතේ මෙය ක්‍රියාවට නංවා තිබෙන අතර තම ස්මාට් දුරකථනයට හෝ ටැබ් පරිගණකයට මේ සදහා සකස් කර තිබෙන තොරතුරු තාක්‍ෂණ යෙදවුම ස්ථාපනය කර ගැනීමෙන් මෙම පහසුකම අත්විද ගැනීමට ඉඩ…
Video Story