Top News

කොටස් ගනුදෙනු මිල ගණන්වල පමාවක්

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියේ අද (13) දින ගනුදෙනු අවසානයේ දී යාවත්කාලීන කරන ලද මිල ගණන් දැක්වීම ප්‍රමාද වන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී. මේ අතර හදිසි විමසීම් සඳහා 0112356518 හෝ 0112356525 අංක අමතන ලෙස කොළඹ කොටස් වෙළෙපොළ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

(0)Comments | February 13, 2017 10:29 am

අලුත් බිස්නස් ගැන වෙල්ගම මෙසේ කියයි

පොඩි රථවාහන සඳහා වූ බදුවල සංශෝධන හේතුවෙන් එම ක්ෂේත්‍රයට විශාල ප්‍රහාරයක් එල්ල වී ඇති බව අයිඩියල් මෝටර්ස් සමාගමේ සභාපති නලින් වෙල්ගම මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පවතින තත්ත්වය තුළ නව උපක්‍රම කෙරෙහි අවදානය යොමු කළ යුතු බවයි. “අපේ ක්ෂේත්‍රෙය්, විශේෂයෙන්ම පොඩි ට්‍රක් රථවලට විශාල ප්‍රහාරයක් මෙම බදු…

(0)Comments | February 13, 2017 10:22 am

ශ්‍රී ලාංකිකයින්ට ඇමරිකාවේ free visa කතාව අතේ රෝලක්

ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලාංකිකයින් හට ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීම සඳහා දින 180 ක වීසා රහිත කාලයක් වෙනුවෙන් විධායක නියෝගයකට අත්සන් තැබූ බව usa television වෙබ් අඩවිය පසුගිය දා වාර්තා කරනු ලැබීය. මෙහි වැඩිදුරටත් සඳහන් වූයේ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින වෙළෙඳ සබඳතා වැඩිදුරටත් ශක්තිමත් කරගැනීම වෙනුවෙන් මෙම…

(0)Comments | February 13, 2017 6:28 am

විස්සයි විස්සට දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවෙන් අනුග්‍රාහකයින් පතයි

2017 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දේශීය විස්සයි-20 ක්‍රිකට් තරඟාවලියක් සඳහා උනන්දු වන ශ්‍රී ලාංකික අනුගාහක ආයතන සඳහා ආරාධනය කරමින් Cricket South Africa විසින් මෙරට පුවත්පත්වල ටෙන්ඩර් දැන්වීමක් පළ කර තිබේ. 2017 දේශීය තරඟ සමය වෙනුවෙන් සංවිධානය කරනු ලබන නව විස්සයි-20 ලීග් තරගාවලියක් වන මේ සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සහභාගී කරගන්නා බවත්, ඊට විදෙස් ක්‍රීඩකයින්…

(0)Comments | February 13, 2017 5:48 am

මහින්ද්‍රා ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාර ක්ෂේත්‍ර තුනකට පිවිසෙයි

ඉන්දියාවේ ඩොලර් බිලියන 17.8 ක වත්කම්වලට හිමිකම් කියනු ලබන මහින්ද්‍රා සමූහයේ අනුබද්ධිත සමාගමක් වන මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ලිමිටඩ්, ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාර අංශ තුනක් සඳහා ඇතුළත් වන බව නිවේදනය කර සිටී. මේ අනුව ශ්‍රී ලංකාව තුළ ට්‍රක් හා බස් රථ, ඉදිකිරීම් උපකරණ සහ බලශක්ති ව්‍යාපාරය අංශ වෙත පිවිසීම නිල වශයෙන් නිවේදනය කරන ලදී. මහින්ද්‍රා…

(0)Comments | February 13, 2017 5:02 am

වාහන එකලස් කිරීමේ ආයතනයට සහන සැලසීමේ තීරණය ගනු ලැබුවේ නීතිපති උපදෙස් මතයි

පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කිරීමේ පෞද්ගලික ආයතනයක් විසින් ආනයනය කරන ලද වාහන අමතර කොටස් අඩංගු බහාලුම් 8ක් රේගුවෙන් නිදහස් කරන මෙන් මහා භාණ්ඩාගාරයේ ලේකම් විසින් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් නීතිපතිතුමන් විසින් දෙන ලද උපදෙස් මත අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බව මුදල් අමාත්‍යාංශය දන්වා සිටී. මේ…

(0)Comments | February 13, 2017 4:42 am

විද්‍යාත්මක සහයෝගීතාවයට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙයි

ශ්‍රී ලංකාව සහ යූරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානය (CERN) අතර උච්ච ශක්ති භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ ජාත්‍යන්තර සහයෝගීතා ගිවිසුමකට (ICA) එළැඹීම, පසුගිය 8 වැනි දා ජිනීවාහිදී සිදු කෙරිණි. මේ සඳහා දෙපාර්ශවය නියෝජනය කරමින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ CERN හි ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබද අධ්‍යක්ෂ ධූරය දරණ චාලට් වරකාවුල්ලේ මහත්මිය…

(0)Comments | February 12, 2017 6:18 am

ඉතිරිකිරීමේ බලාපොරොත්තු ඉහළ යද්දී දූෂණය අඩුවන බලාපොරොත්තු යළිත් කඩා වැටෙයි

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2016 දෙසැම්බර් මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2016 දෙසැම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…

(0)Comments | February 9, 2017 7:53 am

මල්ටි ෆිනෑන්ස් ගොඩගන්න Fairway සූදානම්

අර්බුදයට පත්ව ඇති මල්ටි ෆිනෑන්ස් පීඑල්සී මූල්‍ය සමාගම වෙත රුපියල් මිලියන 550 ක ආයෝජනයක් කිරීමට මෙරට ප්‍රමුඛ පෙළේ දේපළ වෙළෙඳ සංවර්ධන සමාගමක් වන Fairway හෝල්ඩිංග්ස් (පුද්) සමාගම තීරණය කර තිබේ. මේ අනුව මල්ටි ෆිනෑන්ස් හි කොටස් මිලියන 41.1 ක්, කොටසක් රුපියල් රු. 13.40 බැගින් මිල දී ගැනීමට Fairway හෝල්ඩිංග්ස් විසින් කටයුතු කරනු ලබන අතර ඒ…

(0)Comments | February 9, 2017 6:44 am

ඛනිජ තෙල් දත්ත පද්ධතියට DRS ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් ගබඩා කිරීම සහ බෙදාහැරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයනු ලබන සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමෙහි (CPSTL) දත්ත පද්ධතිය බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම තහවුරු කිරීම සඳහා ආපදා ප්‍රතිසාධන විසඳුමක් (DRS – Disaster Recovery Solution) ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස…

(0)Comments | February 9, 2017 6:01 am