Top News

ද ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි

2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ මුදල් මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව, ද ෆිනෑන්ස් සමාගම සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර තිබේ. මේ අනුව පත් කර තිබෙන නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පහත පරිදි වේ. බී.ඒ.ඩබ්. කුමාරසිරි – සභාපති/ විධායක නොවන අධ්‍යක්ෂ නිමල් මාමදූව – විධායක අධ්‍යක්ෂ ආර්. සිරිවර්ධන – විධායක…

(0)Comments | December 28, 2016 9:38 am

ලොව පළමු තරු 10 හෝටලය ශ්‍රී ලංකාවේ ඉදිවෙයි

එළඹෙන 2017 පෙබරවාරි 04 වන දින ආරම්භ වීමට නියමිත වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ව්‍යාපෘතිය තුළ, ලොව ප්‍රථම තරු 10 හෝටලය තැනෙන බව අදාළ ව්‍යාපෘතියේ නිල ෆේස්බුක් පිටුව මගින් අනාවරණය කර සිටී. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජාත්‍යන්තර හා දේශීය හෝටල් අධිකාරීන් වෙතින් තරු 10 කාණ්ඩය ලබා ගැනීමට ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්‘ බලාපොරොත්තු වන බවත් ඒ අනුව ලොව ප්‍රථම…

(0)Comments | December 28, 2016 8:40 am

ආදායම වසන් කරන්න අනුන්ගේ නමින් වාහන පාවිච්චි කරනවා VIDEO

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි කියයි ඇතැම් පුද්ගලයින් සිය ආදායම වසන් කිරීම සඳහා අනුන්ගේ නම්වලින් වාහන පාවිච්චි කරනු ලබන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජගත් චන්ද්‍රසිරි මහතා කියා…

(0)Comments | December 28, 2016 7:46 am

‘World Export Centre’ ගොඩනැගිලි ද්විත්වයට හේලීස් මුලපුරයි

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ සහ අපනයනයන් වෙත වටිනාකමක් එකතු කිරීමේ පුරෝගාමී ව්‍යාපාරය සමූහය වූ හේලීස් තම නවතම ව්‍යාපෘතිය වන ‘World Export Centre’ ගොඩනැගිලි ද්විත්වයේ ආරම්භය නිවේදනය කරන ලදී. ලොව විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පයේ හැඩතල ශ‍්‍රී ලංකාව තුළ සනිටුහන් කරමින් ඉදිකෙරෙන මෙම ගොඩනැගිලි ද්විත්වය මහල් 55 බැගින් වර්ග අඩි මිලියන 3.8ක වාණිජ කාර්යාල පරිශ‍්‍රයන් සඳහා…

(0)Comments | December 28, 2016 7:20 am

ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක සහන ණයක්

හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා වූ ආයෝජන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 150 ක සහන ණය මුදලක් ලබා දීම වෙනුවෙන් වූ ඊට අදාළ ගිවිසුම් සඳහා ඊයේ (27) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණ. මෙම ගිවිසුමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල් අමත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අත්සන් කළ…

(0)Comments | December 28, 2016 5:30 am

ධම්මික පෙරේරා ‘ද බීච් රිසෝට්‘ අත්පත් කර ගනී

අමායා ලෙසර් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වූ ‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම විකුණා දැමීමට අමායා ලෙසර් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කටයුතු කරන ලදී. මේ අනුව රුපියල් මිලියන 330 කට ‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි පූර්ණ අයිතිය ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් අත්පත් කර ගෙන ඇත. ධම්මික පෙරේරා, අමායා ලෙසර් පීඑල්සී සහ ද බීච්…

(0)Comments | December 28, 2016 5:10 am

සොක්‍රටීස් ජාත්‍යන්තර සම්මානයෙන් සාගර ගුණවර්ධන පිදුම් ලබයි

වෙනෝරා සමූහ සමාගමේ සභාපති ඉංජිනේරු සාගර ගුණවර්ධන මහතා පසුගියදා එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් හි පැවති සොක්‍රටීස් ජාත්‍යන්තර සම්මාන උළෙලේ දී සම්මානයෙන් පිදුම් ලැබීය. යුරෝපීය ව්‍යාපාරික එකමුතුව විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ දී ‘ව්‍යාපාරික හා ආර්ථික‘ කාණ්ඩය යටතේ සිදුකරන ලද බුද්ධිමය සංවර්ධන දායකත්වය වෙනුවෙන් සොක්‍රටීස් ජාත්‍ය්නතර සම්මානය සාගර ගුණවර්ධන මහතාට හිමි විය.

(0)Comments | December 28, 2016 2:24 am

මුදල් ප්‍රතිපත්ති විවරණය 30 දා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙසැම්බර් මාසය සඳහා සිදුකරනු ලබන මුදල් ප්‍රතිපත්ති විවරණය 2016 දෙසැම්බර් 30 වන සිකුරාදා දින පස්වරු 6.00 ට නිවේදනය කරනු ලබන බව දැනුම් දී සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව මාසිකව මෙම විවරණය සිදුකරනු ලබන අතර 2016 වසර සඳහා සිදුකරනු ලබන අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය මෙයයි.

(0)Comments | December 27, 2016 9:21 am

උඩ ගිය ඩොලරය අද පහළට එයි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (27) දිනයේ දී රු. 151.55 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාත සටහනෙහි මේ බව සඳහන් වේ. මීට පූර්ව දින විනිමය අනුපාත සටහනට අනුව 2016 දෙසැම්බර් 23 දින ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු. 152.97…

(0)Comments | December 27, 2016 8:26 am

තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජ සවිබලගැන්වීම තවදුරටත්

දිවයින පුරා පාසැල් මට්ටමින් ස්ථාපිත කර තිබෙන තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජ තව දුරටත් සවිබල ගැන්වීමට පියවර ගැනේ. ඒ අනුව පාසැල් ප්‍රජාව සඳහා ඩිජිටල් අධ්‍යාපනය සහ ඩිජිටල් තාක්‍ෂණය පිලිබදව දැනුම ලබා දෙනු ඇත. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ශාඛාව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ. මෙහිදී නවීන තොරතුරු තාක්‍ෂණ…

(0)Comments | December 27, 2016 5:36 am