Top News

එරාන් වැරදියි – රවී කියයි

වොක්ස්වැගන් සමාගමේ කර්මාන්තශාලාවක් මෙරට පිහිටුවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා කළ ප්‍රකාශය වැරදි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. පසුගිය දා මාධ්‍යවේදියෙකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. පසුගිය සතියේ අද දෙරණ ‘මොකද වුණේ‘ ප්‍රවෘත්ති විශේෂාංගය හා එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ, ජාත්‍යන්තර වශයෙන් වොක්ස්වැගන්…

(0)Comments | September 4, 2016 7:52 am

CDS ආයතනය ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයෙහි 25 වන වසර සමරයි

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමක් වන මධ්‍යම තැන්පතු ක්‍රම පුද්ගලික සමාගම (CDS) ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 1991 හි ස්ථාපිත කරන ලදුව අද දිනයේදී සිය අභිමානවත් 25 වන සංවත්සරය සමරයි. මෙම අවස්ථාව උත්කර්ෂවත් ලෙස සමරනු වස්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි සභාපති තිලක් කරුණාරත්න, ශ්‍රී ලංකා සුරැකුම්පත්…

(0)Comments | September 2, 2016 11:09 am

සැම්සුන්ග් Galaxy Note 7 ට නරක කලදසාවක් – විකුණු දුරකතන යළි කැඳවයි

සැම්සුන්ග් විසින් නොබෝදා එළිදක්වන ලද සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතන මාදිලිය වූ Galaxy Note 7 යළි කැඳවීමට සමාගම විසින් තීරණය කර තිබේ. මෙම දුරකතන මාදිලිය, බැටරි ආරෝපණයේ දී හෝ ඉන් අනතුරුව, බැටරිය පිපිරීමකට ලක් වූ සිද්ධි කිහිපයක්ම වාර්තා වී තිබීම මීට හේතුවයි. ඇමරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියාව තුළින් මෙයාකාරයේ දුරකතන පුපුරා යාමේ සිදුවීම් වාර්තා…

(0)Comments | September 2, 2016 10:59 am

Reliance Jio – අම්බානිගෙන් මුළු ඉන්දියාවටම නොමිලේ ඇමතුම්. MB 1 ක් සත 5 යි

දුරකතන සන්නිවේදන ඉතිහාසය උඩුයටිකුරු කරමින් ලොව පළමු වරට ගන්නා ඇමතුම් නොමිලේ ලබා දෙන Reliance Jio ඊයේ (01) දිනයේ දී හඳුන්වා දීමට පියවර ගන්නා ලදී. ඉන්දියාවේ අංක එක් ධනවතා වන මුකේෂ් අම්බානි විසින් සිය සමාගමේ නවතම හඳුන්වා දීම ලෙසින් මෙම නිවේදනය ප්‍රකාශ කරනු ලැබුවේ සෙස සන්නිවේදන සමාගම්වලට ද ප්‍රබල අභියෝගයක් වෙමිනි. මේ අනුව හඳුන්වා දෙන ලද…

(0)Comments | September 2, 2016 7:52 am

සංකීර්ණ සැත්කම් ඇතුළුව අන්තර්ජාතික සුවසේවා පහසුකම් රැසකින් සමන්විත නව කාමර පරිශ්‍රය සමගින් වත්තල හේමාස් රෝහල ශ්‍රී ලාංකේය සුවසේවා ක්ෂේත්‍රය අතික්‍රමණය කරයි

රෝහල් සේවා ක්ෂේත්‍රයේ ACHSI ජාත්‍යන්තර ප්‍රමිතිකරණය අඛණ්ඩව දෙවැනි වරටත් හිමිකර ගත් ශ්‍රී ලංකාවේ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් ජාලයට අයත් වත්තල හේමාස් රෝහලේ සිව්වන මහල ඇතුළුව වැඩිදියුණු කරන ලද ශල්‍ය වෛද්‍ය පහසුකම් හේමාස් ව්‍යාපාර සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් එන්ඩර්බි මහතාගේ ප්‍රධානත්වයෙන් 2016 සැප්තැම්බර් 01 වන දින සුවසේවා කටයුතු සඳහා විවෘත විය. හේමාස් රෝහල්…

(0)Comments | September 2, 2016 6:44 am

සනත්, වාස් ඇතුළු ජ්‍යෙෂ්ඨයින් රැසක් යළිත් ක්‍රිකට් පිටියට

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය අනතුරු අඟවයි එළඹෙන දෙසැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත ඉන්දියන් චැම්පියන්ස් ලීග් (Indian Champions League – ICL) ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමේ දී දෙවරක් සිතා බලන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය තම සාමාජික ක්‍රීඩකයින්ට අනතුරු ඇගවීමක් කර තිබේ. මෙම සංගමය වැඩිදුරටත් මෙහිදී කියා සිටින්නේ මෙම තරඟාවලියට එක්වන ක්‍රීඩකයින්ගේ වෘත්තීයමය ක්‍රිකට් ජීවිතයට මෙමඟින්…

(0)Comments | September 2, 2016 5:52 am

වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලයක් යාපනයේ

වරාය සහ නාවික අමාත්‍යශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලය වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද යාපනයේදී විවෘත කෙරේ. මෙරට වරාය, නාවික සහ සමුද්‍රිය විෂය නියාමනය කිරීම සහ අධීක්ෂණය පැවරී ඇත්තේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයටයි. එහි උප කාර්යාලයක් පිහිටුවන පළමු අවස්ථාවද මෙය වේ. යාපන අර්ධද්වීපයේ වෙරළ මගී ප්‍රවාහනය විධිමත් කිරීම සහ නියාමනය…

(0)Comments | September 2, 2016 4:23 am

මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමෙන් පොලී අනුපාත ඉහළට

වසරේ පළමු මාස හත තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් කෙටි කාලීන පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන අතර එමගින් මූල්‍ය අංශයේ ණය අනුපාතික සහ තැන්පතු අනුපාතිකවල තියුණු ඉහළ යෑමක් වාර්තා වී ඇත. මේ අතර 2016 ජූනි මාසය තුළ දී මුදල් ප්‍රසාරණය…

(0)Comments | September 1, 2016 10:13 am

විදෙස් සංචිතය 22% කින් ඉහළට

2016 ජූලි මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය 2016 ජූනි මාසය අවසානයේ පැවති එක්සත් ජනපද ඩොලර් බිලියන 5.3 සිට ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වී ඇති ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශ කර සිටී. මෙය 22.6% ක වර්ධනයකි. 2016 ජූලි මාසය තුළ දී විදේශිකයන්ගේ වාර්තාගත පැමිණීමත් සමඟම 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා…

(0)Comments | September 1, 2016 8:53 am

එන්ට්‍රස්ට් කොටස්කරුවන්ගේ වත්කම් ‘ගල්‘ වෙයි

අර්බුදයට පත්ව සිටින මෙරට ප්‍රාථමික වෙළෙඳ සමාගමක් වන එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි කොටස්කරුවන්ගේ ඇතැම් වත්කම් ඇවිරීමට (freezes) කටයුතු කර තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය. සිය ගනුදෙනුකරුවන් විසින් ආයෝජිත රාජ්‍ය සුරැකුම්පත් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව…

(0)Comments | September 1, 2016 7:35 am