Top News

Day Care සඳහා ජාතික මාර්ගෝපදේශ සකස් කෙරේ

රැකියාවන්වල නිරත වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ දරුවන් රැකබලා ගැනීම පිණිස ක්‍රියාත්මක වන ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන (Day Care Centers) සඳහා වන ඉල්ලුමද ඉහළ ගොස් තිබේ. වර්තමානය වන විට විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන විසින් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලබන අතර, ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ප්‍රමිතීන් මෙන්ම ක්‍රමවත් නියාමනයක් ඇති…

(0)Comments | July 26, 2017 3:09 pm

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව ප්‍රාථමික නිකුතු ක්‍රමයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව ප්‍රාථමික නිකුතු ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ. 2015 පෙබරවාරි මාසයේ සිට භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ක්‍රියාත්මක වූ සම්පූර්ණ වෙන්දේසි ක්‍රමය මත පදනම් වූ නිකුත් කිරීමේ ක්‍රමය වෙනුවට 2017 ජූලි 27 වන දින සිට මෙම නව ක්‍රමය බලපැවැත්වේ. නව ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රධාන පරමාර්ථය වනුයේ රජයේ දේශීය ණය ගැනීම් හා…

(0)Comments | July 26, 2017 1:54 pm

සිදුවන්නේ චරිත ඝාතනයක් – ඇමති රවී

නිකරුණේ තමන්ගේ චරිතය ඝාතනය කිරීමක් සිදුවන බවත්, ඊට බැඳුම්කර කොමිසම ඉදිරියේ පිළිතුරු දීමට තමා සූදානම් බවත් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය . අද (26) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය. මෙහිදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍යවරයා දැක්වූ ප්‍රතිචාර පහත සඳහන් වේ….

(0)Comments | July 26, 2017 1:21 pm

“බුද්ධිමත් ආයෝජනයකින් උපරිම ප්‍රතිලාභයක්”- ආයෝජක හමුව, මීගමුව

කොටස් වෙළෙඳපොළ ආයෝජනය හා එහි වර්තමාන ප්‍රතිලාභයන් සහ වර්ධනයන් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරනු ලබන ආයෝජන අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන මීගමුව Grandeeza, හෝටලයේදී  ජූලි 29 වන සෙනසුරාදා පෙ.ව 8.30 සිට ප.ව 10.30 දක්වා පැවැත්වේ. සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන අයකිරීමකින්…

(0)Comments | July 26, 2017 1:16 pm

හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ වා‍ණිජමය වශයෙන් ලාභදායී තත්ත්වයට පත් කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා රජය විසින් China Merchants Port Holdings Company Ltd (CMPort) සමාගම සමඟ අනුග්‍රාහක ගිවිසුමකට එළඹීමට නියමිතය. මේ සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ගිවිසුම අදාළ සියලු පාර්ශ්ව විමසා ශ්‍රී ලංකා රජයට වඩා සාධනීය ලෙස…

(0)Comments | July 26, 2017 12:53 pm

තෙල් වර්ජනය හවස් වෙද්දි අවසන් – ඇමති රාජිත

ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් මේ වන විට අඩාලව පවතින ඛනිජ තෙල් බෙදා හැරීමේ කටයුතු හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද (26) සවස් කාලය වන විට යථා තත්ත්වයට කරලීමට කටයුතු යොදා ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අද දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව…

(0)Comments | July 26, 2017 12:42 pm

මේ බදාදා රවී නැහැ – කොමිසමට එන්නේ ලබන බදාදා

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පෙනී සිටින ලෙස විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට ඊයේ (25) දිනයේ දී යළිත් වරක් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලදී. මේ අනුව අද (26) දිනයේ දී අමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද රාජකාරි කටයුතු හේතුවෙන්…

(0)Comments | July 26, 2017 11:18 am

විදේශ විනිමය පනත් කෙටුම්පත සම්මතයි

විදේශ විනිමය පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේ දී සංශෝධිත ආකාරයෙන් වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය. පනත් කෙටුම්පතට පක්ෂව  ඡන්ද 96 ක් ද විපක්ෂව  ඡන්ද 18ක් ද  ලැබිණි. පාර්ලිමේන්තුවේ විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසනු ලැබූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. ඒ අනුව මන්ත්‍රීවරුන් විසින් සිය ඡන්දය විද්‍යුත් ක්‍රමයට භාවිතා කිරීම…

(0)Comments | July 25, 2017 8:45 pm

රාජ්‍ය වියදම්වල ප්‍රමිතිය ගැන සැලකිලිමත් විය යුතුයි – මහ බැංකු අධිපති

රජයේ වියදම්වල ප්‍රමිතිය පිළිබඳ ඉහළ අවධානයක් දිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (25) දින ආරම්භ වුණ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව – 2017 හි ප්‍රධාන දේශනය පවත්වමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, “අපට සමාජ සංවර්ධනය, ආර්ථික වර්ධනය…

(0)Comments | July 25, 2017 4:02 pm

හම්බන්තොට වරාය ගිවිසුමට කැබිනට් අනුමැතිය

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට්ස් පෝර්ට්ස් හෝල්ඩිංග්ස් සමාගම අතර අත්සන් කිරීමට යෝජිත සහයෝගීතා ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.   මෙම ගිවිසුමට අනුව හම්බන්තොට වරාය, රාජ්‍ය-පෞද්ගලික කොටස් හිමිකාරීත්වයක් යටතේ ක්‍රියාත්මක වනු ලබන අතර රජයේ කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවේ. පෞද්ගලික කොටස් හිමිකාරීත්වය චයිනා මර්චන්ට්ස් පෝර්ට්ස් හෝල්ඩිංග්ස් සමාගම වෙත පැවරෙනු…

(0)Comments | July 25, 2017 2:06 pm