හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ සංවර්ධනය පිළිබඳවද අප අවධානය යොමු කරනවා. හම්බන්තොට වරාය මෙන්ම මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය පිළිබඳව මේ වසර අවසන් වීමට පෙර කටයුතු කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුව, ලැගූන් ඊෂ්ට් වීව් හෝටලයේදී නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් හමුවෙමින් පැවසී ය. මඩකලපුව, Lagoon East View හෝටලයේදී නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් හමුවෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව. අද…
ආයෝජන මණ්ඩලයේ ක්‍රියාකාරකම් තුළින් සිදුවන්නේ ආර්ථිකය සංවර්ධනය වීම නොව ආපස්සට යාමක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. පසුගිය දා පැවති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව – 2017 හා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ආර්ථික සංවර්ධනයට බාධාවක් වී ඇති ආයෝජන මණ්ඩලට වසා දැමිය යුතු බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය. “අපගේ නෛතික තත්ත්වය…
ඉදිරියේ දී රාජ්‍ය සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වනු ඇති බව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද දෙරණ Biz සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. “රාජ්‍ය සමාගම් කොටස් වෙළෙඳපොළට ගැනීම සඳහා රජය මේ වන විට කටයුතු කරමින් යනවා. අපට ඉදිරියේ දී බලාපොරොත්තු වෙන්න පුළුවන්…
ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රයේ සුවිශේෂී මංසලකුණක් සනිටුවහන් කරමින් මහජන බැංකුවේ ඩිජිටල් මධ්‍යස්ථානය කොළඹ 01, යෝර්ක් වීදියේ, අංක 68 දරණ ස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතගේ අතින් විවෘත කෙරිණි. මෙය පුර්ණ වශයෙන් ඩිජිටල්කරණය වූ ප්‍රථම බැංකු මධ්‍යස්ථානයද වේ. එමෙන්ම මෙදින සිය ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වඩාත් ඉක්මන් හා පහසු සේවාවක් ලබාදීම සඳහා පීපල්ස් එක්ස්ප්‍රස් බෑන්කින් (Express…
අද සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි නව ක්‍රමයකට සිදුකරනු ලබන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. “වෙනස් පරිණත කාලයන්ගෙන් යුත් භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩ 2 ක් පමණක් එක් එක් මාසික වෙන්දේසියට ඉදිරිපත් කරනවා. නව ක්‍රමයට…
ඊයේ (26) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතිකවල පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී දින 91 බිල්පත් පොළිය සියයට 9.56 සිට 9.44 දක්වා ද, දින 182 බිල්පත් පොළිය සියයට 10.01 සිට 9.71 දක්වා ද, දින 364 බිල්පත් පොළිය සියයට 10.18 සිට 9.99 දක්වා ද පහළ ගොස් තිබේ. 2017 ජනවාරි දෙවන සතියෙන් පසු දින 182…
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 61 දක්වා දීර්ඝ වන බව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර ඇති මෙම නිවේදනයෙන්, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට කරනු ලබන සංශෝධනය 2017.02.07 දින සිට බලාත්මක වූ ලෙස සලකනු…
ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අභිමතාර්ථ සහ දර්ශක පිළිබඳ තත්ත්වය – 2017 වාර්තාවේ පළමු පිටපත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා විසින් තිරසාර සංවර්ධන අභිමතාර්ථ පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සභාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී පිරිනමන ලදී. එම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අභිමතාර්ථ සහ දර්ශක පිළිබඳ…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උඩරට දුම්රිය මාර්ගයේ සිදු කරනු ලබන ධාවන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා දුම්රිය එන්ජින් 12ක් සහ ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අතුරින් ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම සඳහා වන ව්‍යාපෘතියේ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 93.86ක් වේ….
අප්‍රිකානු කලාපය සමඟ ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යනු ලබන සබඳතා, විශේෂයෙන්ම ආර්ථික සබඳතා පුළුල් කරගැනීමේදී බටහිර අප්‍රිකානු රටවල ආර්ථික ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව සඳහා පිළිගැනීමේ තත්ත්වය ලබාගැනීම වැදගත් වේ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. බටහිර…
Video Story