Top News

ත්‍රිරෝද රථ සහ පාසල් වෑන් රථ සේවා වැඩිදියුණුවට කමිටුවක්

මගී ප්‍රවාහනයට යොදාගනු ලබන ත්‍රිරෝද රථ මඟින් හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ මඟින් ලබා දෙනු ලබන සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීමට 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු වාර්තා කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන…

(0)Comments | January 18, 2017 7:00 am

IFIAR වාර්ෂික වැඩමුළුව ශ්‍රී ලංකාවේදී

ලොව පුරා සිටින ස්වාධීන විගණන නියාමකවරුන් විසින් තම සාමාජිකයන්ගෙන් සිදුවන විගණන අඩුපාඩු පිළිබඳ සාකච්ඡා කර තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ස්වාධීන විගණන නියාමකවරුන්ගේ අන්තර්ජාතික සංසදය (IFIAR) පිහිටුවා ගනු ලැබ තිබේ. ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය 2007 වර්ෂයේ සිට එම සංසදයෙහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, එහි සාකච්ඡා සඳහා ක්‍රියාකාරී ලෙස සහභාගී වී ඇත….

(0)Comments | January 18, 2017 6:39 am

ශ්‍රී ලංකාවට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සහය

ශ්‍රී ලංකාව වෙත සහය දැක්වීමට තමාත්, තම ආයතනයත් හැම විටම ප්‍රමුඛස්ථානය ලබා දෙමින් කැපවන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලී ඡුආන් (Jin Liqun) මහතා පැවසීය. ඩවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළු සැසිවාරය අතරතුර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස හමුවෙමින් ජුආන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ යටිතල පහසුකම්, මහාමාර්ග, දුම්රිය…

(0)Comments | January 18, 2017 5:16 am

අට දෙනෙකුගේ ධනය ලෝක ජනගහනයෙන් අඩකගේ ධනයට සමාන බව හෙළිවෙයි

ලොව ජනගහනයෙන් දිළිඳුම භාගය සතු වත්කම්වල වටිනාකම, ලෝකයේ ප්‍රමුඛ ධනවතුන් 8 දෙනාගේ වත්කම්වලට සමාන බව ඔක්ස්ෆෑම් සංවිධානය විසින් අනාවරණය කර සිටී. ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව හෙළි කර තිබේ. මෙම වාර්තාව තුළින් වැඩිදුරටත් හෙළිකර ඇත්තේ අද වන විට ලොව ජනගහනයෙන් ඇති නැති පරතරය ක්‍රමයෙන් වැඩි වී ඇති බවයි….

(0)Comments | January 17, 2017 11:23 am

ශ්‍රී ලංකාව නිෂ්පාදන මධ්‍යස්ථානයක් කිරීමට කොකා කෝලා සමාගමේ අවධානය

ශ්‍රී ලංකාව කොකා කෝලා සමාගමේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සූදානම් බව එහි ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානීහු පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ කලාපයේ වැඩිම කොකා කෝලා ඉල්ලුමක් ඇති ඉන්දියාව වෙත සිය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගත හැකි බවයි. මෙමගින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් සේ ම රැකියා අවස්ථා රැසක් ද උදාකර ගත හැකි…

(0)Comments | January 17, 2017 4:29 am

මරුටි පවුලේ අලුත්ම සාමාජිකයා ලක්ෂ 4 ½ යි

ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන මරුටි සුසුකි ඉන්දියා සමාගම සිය නවතම මෝටර් රථ මාදිලිය පසුගිය සිකුරාදා එළිදක්වනු ලැබීය. මරුටි සුසුකි Ignis ලෙසින් නම් තබා ඇති මරුටි පවුලේ නවතම සාමාජිකයා වන මෙහි මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 4.59 සිට ලක්ෂ 7.8 දක්වා වන බව වාර්තා වේ. කුඩා ප්‍රමාණයේ SUV (Mini-sports utility vehicle) මෝටර් රථ මාදිලියක් වන…

(0)Comments | January 16, 2017 11:06 am

සමිට් ෆිනෑන්ස් විකිණෙයි

සමිට් ෆිනෑන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් අද (16) දිනයේ දී විකුණා දැමීය. සමිට් ෆිනෑන්ස් සමාගමේ නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 75.54% ක්වූ මෙම කොටස් හිමිකාරීත්වය මිල දී ගනු ලැබූවේ ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගම විසිනි. රු. 30.00 බැගින් කොටස් 16,996,650 ක් මෙහිදී අලෙවි කරනු ලැබූ අතර රු. 509,899,500 ක පිරිවැටුමක් මෙම ගනුදෙනුව…

(0)Comments | January 16, 2017 7:37 am

යුරෝපයට කළ මත්ස්‍ය අපනයන සියයට 200 කින් ඉහළට

2016 සැප්තැම්බර් මාසයේ දී මුහුදු ආහාර අපනයන ආදායම, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අපනයන වටිනාකම සහ පරිමාව යන දෙයාකාරයෙන්ම වර්ධනය වී තිබෙන අතර යුරෝපා සංගමය වෙත සිදු කරන ලද මුහුදු ආහාර අපනයන ආදායම, මුළු මුහුදු ආහාර අපනයන ආදායමෙන් සියයට 28.7 කට දායක වී ඇත. එසේම යුරෝපා සංගමය වෙත කරන ලද මුහුදු ආහාර අපනයන ආදායම පෙර…

(0)Comments | January 16, 2017 6:04 am

2017 මුල් දවස් 10 ට රුපියල සියයට 0.1 කින් බාල්දු වෙලා

2016 වසර අවසානයේ සිට 2017 ජනවාරි මස 10 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 0.1 ක අවප්‍රමාණය වීමක් වාර්තා කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී. තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතික හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන්වලට…

(0)Comments | January 16, 2017 5:45 am

සංවර්ධන බැඳුම්කර වෙන්දේසියක් අද ඇරඹෙයි

එක්සත් ජනපද ඩොලර් මිලියන 225 ක සංවර්ධන බැඳුම්කර වෙන්දේසියක් අද (16) දිනයේ දී ආරම්භ වන බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. වසර 1, 2 හා 3 යි මාස 02 යන පරිණත කාලවලින් යුතු මෙම බැඳුම්කර නිකුතුව අද දින පෙරවරු 11.00 ට ආරම්භ වී 2017 ජනවාරි 19 වන දින පෙරවරු 10.00 ට අවසන් වීමට නියමිතය….

(0)Comments | January 16, 2017 4:33 am