Top News

රවී ඉල්ලා අස්වෙයි – ආඩම්බරයෙන් ගත් තීරණයක්

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය තනතුරින් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. මෙහිදී හිටපු කරුණානායාක මහතා වැඩිදුරටත් කියා සිටියේ තමන් පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරනු ලබන බවයි. තමන්ට එල්ල වී ඇති චෝදනා හරහා එක්සත් ජාතික පක්ෂය හා යහපාලන රජය බිඳහෙලීමේ කුමන්ත්‍රණයක් දියත් වන බවත් එබැවින්…

(0)Comments | August 10, 2017 1:55 pm

මෙන්ඩිස්ට නියෝගයක්

ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ 2013 වසරේ සිට මේ දක්වා විගණනය කරන ලද සියලූම ගිණුම් හා බැංකු වාර්තා වහාම ඉදිරිපත් කරන ලෙස භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් හෝල්ඩිංග්ස් වෙත දැනුම් දී ඇත. ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන කොටස්කරුවා, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වන අතර කොමිසමේ මෙම නියෝගය…

(0)Comments | August 10, 2017 11:34 am

ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනය මිලියන 8.6 යි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 වසරේ පළමුවන කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කොට ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් රටේ රැකියා නියුක්තිය, රැකියා වියුක්තිය හා ශ්‍රම බලකාය වැනි සංඛ්‍යාති රැසක උපනතිය පිළිබඳ කාලීන දත්ත ඉදිරිපත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණය පවත්වනු ලබයි. මෙම සමීක්ෂණය 1990…

(0)Comments | August 10, 2017 11:02 am

පානීය නොවන ස්ප්‍රීතු සඳහා බදු පැනවේ

පානීය නොවන ස්ප්‍රීතු ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50,000 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවකට යටත් කර ඇති අතර, ඒ අනුව මෙතනෝල් ස්ප්‍රීතු ලීටර් 01 ක් සඳහා රුපියල් 25 ක නව බද්දක්ද, මහා භාණ්ඩාගාරය විසින් පනවා ඇත. මෙම නව බදු පැනවීම අගෝස්තු 01දා සිට ක්‍රියාත්මක වන අතර මෙම නව බදු පැනවීම සම්බන්ධයෙන් අංක 2029/50 සහ 28.07.2017…

(0)Comments | August 10, 2017 10:30 am

කොළඹ කොටස් අදත් බසී. කැල්ටෙක්ස් 22% කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,506.03 ක් ලෙසින් සටහන් වූ අතර මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 18.10 ක පහළ යාමකි. මේ අතර S&P SL20 දර්ශකය ද දිනය අවසානයේ දී පහළ යාමක් වාර්තා කළ අතර එය ඒකක 19.87 කින් පහළ ගොස් ඒකක 3,734.21 ක් ලෙසින් සටහන් විය. අද…

(0)Comments | August 9, 2017 4:56 pm

භාණ්ඩාගාර බිල්පත් පොළිය තවදුරටත් පහළට

අද (09)දින ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතවල තවදුරටත් පහළ යාමක් වාර්තා වී තිබේ. මේ අනුව දින 91 බිල්පත් පොළිය 9.03% සිට 8.87% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 9.16% සිට 9.02% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 9.48% සිට 9.38% දක්වා ද පහළ ගොස්…

(0)Comments | August 9, 2017 4:18 pm

සංචාරක පැමිණීම ජූලි මාසයේදීත් පහළට

පසුගිය ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව 205,482 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වේ. මේ අනුව 2017 වසරේ පළමු මාස 07 තුළ දී 1,215,926 ක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය පසුගිය 2016 වසරේ පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 1,173,618 හා සැසඳීමේ දී සියයට 3.6 කි….

(0)Comments | August 9, 2017 3:45 pm

ශ්‍රී ලංකාවට පෞද්ගලික ආයෝජන ලබා දෙන රටවල් ලැයිස්තුවේ පස්වන ස්ථානය චීනයට

ශ්‍රී ලංකාවට ආධාර සහ ආයෝජන ලබා දෙන ප්‍රධාන රාජ්‍යයක් බවට චීනය පත්ව තිඛෙන බවත් කොළඹ  වරාය නගරය සහ හම්බන්තොට වරාය ආයෝජන වැනි රාජ්‍ය මට්ටමේ විශාල පරිමාණ ආයෝජනයන්ට අමතරව චීන පෞද්ගලික  අංශයේ සමාගම් හරහා මෙරටට ලැඛෙන ආයෝජනද වැඩි වෙමින් පවතින බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා පවසයි.  ලංකාව චීනයේ එක් තීරයක්-එක් මාවතක් (One…

(0)Comments | August 9, 2017 2:29 pm

දශ ලක්ෂ 30,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

අද (09) දිනයේ දී රුපියල් දශ ලක්ෂ 30,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් කැඳවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. මෙහිදී දින 91, දින 182 හා දින 364 යනාදී පරිණත කාලයන්ගෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් පිළිවෙලින් රුපියල් දශ ලක්ෂ 2000, 15000 හා 13000 බැගින් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට…

(0)Comments | August 9, 2017 11:06 am

නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත අලුත්වෙයි

නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළියෙල කරනු ලැබ ඇති නව සංවර්ධන සැලැස්මට අනුව, නේවාසික, වාණිජ, විවේක, විනෝද කටයුතු හා පොදු පහසුකම් සහිත අංග සම්පූර්ණ තිරසර නාගරික ප්‍රදේශයක් ලෙස කොළඹ, නාරා‍හේන්පිට, කිරිමණ්ඩල මාවත ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. එකී සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා එම ප්‍රදේශයේ පිහිටි විවිධ රජයේ ආයතන විසින් භුක්ති විඳිනු ලබන ඉඩම් යොදා ගැනීමටත්,…

(0)Comments | August 9, 2017 10:49 am