Top News

පෑන්ඒෂියා බැංකුවෙන් නිමල් යයි. ඒෂන එයි

පෑන්ඒෂියා බැංකුවේ සභාපතිවරයාව සිටි නිමල් පෙරේරා ඊයේ (අගෝස්තු 31) දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරින් ඉවත් වී තිබේ. බැංකු පනතහ අනුව යම් පුද්ගලයෙකුට මෙරට බැංකුවක සභාපති හෝ අධ්‍යක්ෂධූරයක් දැරිය හැකි උපරිම කාලය වසර 9 කි. මෙම කාලසීමාව සම්පූර්ණ කිරීම හේතුවෙක් නිමල් පෙරේරා මෙලෙසින් තමන් දැරූ සභාපතිධූරයේන ඉවත් වී ඇත. මෙහිදී පුරප්පාඩු වූ සභාපති ධූරය සඳහා…

(0)Comments | September 1, 2016 4:57 am

HNB සියයට 10 ක් ADB අතට

හැටන් නැෂනල් බැංකුවේ (HNB) ඩොලර් මිලියන 50 ක වටිනාකමකින් යුතු කොටස් ප්‍රමාණයක් පුද්ගලික නිකුතුවක් හරහා මිල දී ගැනීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන තිබෙන බව හැටන් නැෂනල් බැංකුව නිවේදනය කර සිටී. මෙය සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනයන් 9.9% කි. මෙය බැංකුවේ අතිවිශේෂ මහා සභා රැස්වීමක දී කොටස් හිමියන්ගේ අනුමත කිරීමට යටත්ව ගනු ලැබූ තීරණයකි. ‘උපක්‍රමික…

(0)Comments | September 1, 2016 4:42 am

LOLC ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක

ඇමරිකානු ඩොලර්වලින් නම් කරන ලද ඩොලර් මිලියන 150 ක බැඳුම්කර නිකුතුවක් සිදුකරන බව ලංකා ඔරික්ස් ලීසිං සමාගම නිවේදනය කර සිටී. ස්ථාවර පොළියක් යටතේ නිකුත් කරනු ලබන මෙම බැඳුම්කර සිංගපූරු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙනු ඇත.

(0)Comments | August 31, 2016 7:11 am

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට JICA ආධාර

ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායිතාවය, රාජ්‍ය සම්පත් කළමනාකාරිත්වය වර්ධනය කිරීම සහ පෞද්ගලික අංශයේ තරඟකාරිත්වය පහසු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීම යන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කරමින් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සැපයීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) එකඟවී ඇත. ඒ අනුව, ඒ සඳහා ජපන් යෙන් මිලියන 10,000ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන…

(0)Comments | August 31, 2016 6:54 am

ජපන් – ශ්‍රී ලංකා ඒකාබද්ධ සහයෝගීතා ලේකම් කාර්යාලයට කැබිනට් අනුමැතිය

2015 ඔක්තෝබර් මාසයේදී අග්‍රාමාත්‍යතුමා විසින් ජපානයේ සිදු කරන ලද නිල සංචාරයේදී උසස් මට්ටමේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සඳහා වූ විද්‍යා හා තාක්ෂණය, උසස් තත්ත්වයෙන් යුත් යටිතල පහසුකම් සහ ප්‍රාදේශීය සංවර්ධනය, අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය සහ සිවිල් ආරක්ෂාව හා සුරක්ෂිතතාව යන අංශ ආවරණය වන පරිදි ජපාන සහ ශ්‍රී ලංකා රජයන් විසින් ඒකාබද්ධ සහයෝගිතාව ප්‍රකාශයට පත් කිරීමට එකඟවන…

(0)Comments | August 31, 2016 6:48 am

සංවර්ධන ඉලක්ක කඩිනමින් සපුරාලීම පිළිබඳ, ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

ණය ගැනීමේ දී ලබා දුන් සංවර්ධන ඉලක්ක ශ්‍රී ලංකාව කඩිනමින් සපුරාලමින් සිටින බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපතිනි ඇනට් ඩික්සන් (Annette Dixon) මහත්මියකියා සිටියේ වත්මන් පාලනය යටතේ රට තුළ පවතින මූල්‍ය විනය ඊට හේතුවී ඇති බවයි. ඇය මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා…

(0)Comments | August 31, 2016 6:13 am

ලියාපදිංචි නැති යතුරුපැදි ලියාපදිංචියට මාස 04 ක කාලයක්

නීත්‍යනුකූල ලියවිලි නොමැති යතුරුපැදි පරීක්ෂා කිරීමෙන් පසු සහනයක් ලෙස ලියාපදිංචිය ලබා දීමටත්, මෙම සහනය ලබා දීමේදී නීත්‍යනුකූල වශයෙන් යතුරුපැදි ආනයනය කරනු ලබන ආනයනකරුවන්ට අගතියක් නොවන පරිදි හා මෝ‍ටර් වාහන පනතේ අඩංගු විධිවිධානවලට අනුකූල වන යතුරුපැදි සඳහා මෙය ක්‍රියාත්මක කිරීමටත්, මෙම සහනය මාස හතරක (04) කාල සීමාවකට පමණක් ලබා දීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල්…

(0)Comments | August 31, 2016 5:07 am

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ දැමීඹ තුළින් වසරේ පළමු මාස හත තුළ දී ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම ආර්ථිකයට ක්‍රමයෙන් සම්ප්‍රේෂණය වෙමින් පවතින බව මුදල් මණ්ඩලය 2016 අගෝස්තු 30 දින පැවති රැස්වීමේ දී නිරීක්ෂණය කර තිබේ. එබැවින් වසරේ ඉතිරි කාලය තුළ දී මුදල් සහ ණය සමස්තයන් හි වර්ධනය, මැදිකාලීනව උද්ධමනයට මැදි තනි අගයක…

(0)Comments | August 31, 2016 5:00 am

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මාන හතක්

ඉ- ස්වාභිමාණී 2016 වාර්ෂික සම්මාන ප්‍රදානයේ අවසන් වටය සදහා තොරතුරු තාක්‍ෂණ අන්තර්ගතයන් සහ යෙදවුම් නිර්මාණකරුවන් 42දෙනෙකු සුදුසුකම් ලබා ඇත. නිර්මාණශීලී තොරතුරු තාක්‍ෂණ අන්තර්ගතයන් හා යෙදවුම් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මේ අතර පසුගියදා ඉන්දියාවේ පැවති එම් බිලියන්ත් ජාත්‍යන්තර…

(0)Comments | August 31, 2016 4:34 am

ජේ ආර් ගේ රුපියලට ඩොලර් 399 ක ලංසුවක්

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රුව සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද රුපියලේ කාසියක් ebay වෙබ් අඩවිය හරහා වෙන්දේසියට දමා තිබේ. මෙහි ඇති විශේෂත්වය ඇමරිකානු ඩොලර් 399.00 ක් මෙම රුපියල සඳහා මිල කර තිබීමයි. මෙම කාසිය 1978 පෙබරවාරි 04 වන දින නිකුත් කරන ලද්දකි. කාසියෙ හි විකුණුම්කරුවා ebay හි…

(0)Comments | August 30, 2016 8:30 am