ඊයේ (11) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,415.59 ක් දක්වා ඒකක 5.19 කින් පහළ ගිය අතර ගෙවී ගිය මාස 32 ක කාලපරිච්ඡේදය තුළ වාර්ත වූ අඩුම දෛනික පිරිවැටුම දිනය අවසානයේ දී වාර්තා වීම දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම විය. ඊයේ දින පිරිවැටුම රුපියල් මිලියන 112.43 ක්වූ අතර…
සන්කෙන් සමූහයට අයත් සීමාසහිත Capitol Developers සමාගම 2016 නොවැම්බර් 12 වෙනිදා කොළඹ 02, ස්ටේපල් වීදියේ අංක 24 දරන තැන ක‍්‍රමෝපායිකව වැදගත් ස්ථානයෙහි සිය ඒකක 470 ක අනුනිවාස සංකීර්ණයකින් යුතු Capitol Twin Peaks නම් වූ ද්විත්ව කුළුණු ව්‍යාපෘතිය සුවිශේෂී උත්සවාකාරයෙන් ආරම්භ කළේය. මහ නගර සහ බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රධාන අරාධිතයා ලෙස…
2017 අයවැය යෝජනා තුළින් පසුගිය වසරේ දී වාහන ආනයනය සඳහා එන්ජින් ධාරිතාව මත පදනම්ව නිෂ්පාදන බදු පැනවීමේ ක්‍රමවේදය යතුරු පැදි සඳහා ද හඳුන්වා දීමට පියවර ගැනිණි. තවද කිලෝවොට් 100 ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා නිෂ්පාදන බද්ද අඩු කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරිණි. කෙසේ වෙතත් නිෂ්පාදන විශේෂ විධි විධාන බද්ද යටතේ ආනයනික මෝටර් රථ සඳහා…
කොටස් හුවමාරු වෙළෙඳපොළ තුළ සමාගම් ලැයිස්තුගත වීම ධෛර්යයමත් කිරීමට මෙවර අයවැයෙන් තවදුරටත් පියවර ගන්න බව මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේ දී අනාවරණය කළේය. එහිදී වැඩිදුරටත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ඒ වෙනුවෙන් මෙතෙක් ලබා දී ඇති බදු සහනයන් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන බවයි. තවද 2017/18 වර්ෂය තුළ කොළඹ කොටස් හුවමාරුව තුළ අලුතින් ලැයිස්තුගත කරන සමාගම්…
බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම් මඟින් සිදු කෙරෙන “ඊෂි කෑෂ“ ද ඇතුළු මුදල් ගනුදෙනු සඳහා මූල්‍ය ගනුදෙනු ගාස්තුව නමින් රු. 10,000 කට රු. 5 ක නව බද්දක් හඳුන්වා දීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත. මෙම බද්ද හඳුන්වා දෙමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සමාජ සංවර්ධනය සඳහා දායකත්වයක් ලබා දීම සඳහා මෙය අයකරනු ලබන බවයි. තවද ආදායම්…
ආනයනික බියර් කෑන් සඳහා නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බදු හඳුන්වා දීමට මෙවර අයවැය යෝජනා තුළින් පියවර ගෙන ඇත. ඒ අනුව මිලි ලීටර් 325 ට අඩු කෑන් එකක් සඳහා රු. 10 ක්ද, මිලි ලීටර් 325 ට වැඩි කෑන් එකක් සඳහා රු. 15 ක්ද අය කෙරෙනු ඇත.
පසුගිය අයවැයේ දී මෝටර් රථ සඳහා එන්ජින් ධාරිතාව මත පදනම් වූ ඒකක අනුපාත ක්‍රමයක් යටතේ නිෂ්පාදන බදු ගණනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූ අතර එම ක්‍රමවේදයම යතුරු පැදි සඳහා ද යොදා ගැනීමට යෝජනා කරන බව මුදල් අමාත්‍යවරයා මෙවර සිය අයවැය කතාවේ දී කියා සිටියේය.
2017 අයවැය මඟින් යෝජනා කරනු ලැබූ ප්‍රාග්ධන බදු ක්‍රියාත්මක වන ආකාරය අයවැය යෝජනාවලියේ මෙසේ දක්වා ඇත. නිශ්චල වත්කම් බැහැර කිරීමේ දී ලැබෙන ලාභ සඳහා සියයට 10 ක ප්‍රතිශතයක් යටතේ ප්‍රාග්ධන බද්ධ 2017 අප්‍රේල් මස 01 වැනි දින සිට පනවනු ලැබේ. මෙය රට තුළ ආදායම් පරතරය සමනය කිරීමට ඉවහල් වන අතර දරිද්‍රතාවය දුරු කිරීමේ රජයේ වැඩපිළිවෙලට…
මත්ද්‍රව්‍ය නිවාරණය හා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා ශ්‍රී ලංකා පොලීසියට රුපියල් මිලියන 150 ක්ද, ජාතික තරුණ සේවා සභාවට රුපියල් මිලියන 50 ක්ද වෙන්කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය කතාවේ දී කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ, දුම්වැටි විරෝධී ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 500…
දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අනුබද්ධ සමාගමක් ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම ඇතුළු තවත් රජයේ සමාගම් කිහිපයක් 2017 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කරනු ලබන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය කතාවේ දී ප්‍රකාශයට පත්කරන ලදී. යෝජිත හයට් හෝටල් සංකීර්ණය, වෝටර්ස් එජ් සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් මෙලෙස ලැයිස්තුගත කිරීමට…
Video Story