Top News

‘නුවර එළිය‘ යන්නම ඕන තැනක් – Agoda කියයි

ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda, සංචාරකයින් විසින් ආසියාවේ අනිවාර්යෙන්ම නැරඹිය යුතු  කඳුකර සංචාරක ස්ථාන පිළිබඳව නවතම මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. ඒ අනුව සන්සුන් භූ දර්ශන සහ සිසිල් දේශගුණයක් තුළ පරිපූර්ණ විවේකයක් ලබා දෙන ආසියාවේ සිත් ඇදගන්නාසුළු කඳුකර ස්ථාන අතර දෙවන ස්ථානයට ශ්‍රී ලංකාවේ නුවර එළිය නම් කර ඇත. කඳුකර ස්ථාන ඒවායේ සන්සුන් පරිසරයන්…

(0)Comments | February 5, 2026 10:58 am

ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක වන පරිදි ‘GovPAY’ ඩිජිටල් රථවාහන දඩ ගෙවීමේ පද්ධතිය සාර්ථකව නිම කෙරේ

ශ්‍රී ලංකාවේ ඩිජිටල් රාජ්‍ය පාලන ක්‍රියාවලිය නව මානයකට ඔසවා තබමින්, මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණු ‘GovPAY’ රථවාහන දඩ මුදල් ගෙවීමේ ව්‍යාපෘතිය 2026 පෙබරවාරි 03 වන දින සාර්ථකව නිම කරන ලදී. 2025 අප්‍රේල් මාසයේදී පොලිස් ස්ථාන 11ක් කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹි මෙම වැඩපිළිවෙළ, අද වන විට දිවයිනේ සියලුම පළාත් 9ම ආවරණය වන…

(0)Comments | February 5, 2026 9:01 am

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීමට ශ්‍රී ලංකාව සූදානම්

රජයක් ලෙස අප පළමුව යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් කැප වී සිටිනවා – ජනපති මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. අප රජයක් ලෙස බාහිර පාර්ශවන්ට අපේ පිරිසිදු…

(0)Comments | February 4, 2026 9:24 am

කොටස් වෙළෙඳපොළ අද පිරිවැටුම රු. බිලියන 8 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක් අද (03) දින වාර්තා වුණි. මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 3ක පහළ යාමකින් පසුවය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 52.52කින් ඉහළ ගොස් ඒකක 23,734.50ක් ලෙසින් සටහන් වුණි. S&P SL20දර්ශකයේ ඒකක 0.14කින් ඉහළ…

(0)Comments | February 3, 2026 3:53 pm

සිංගප්පූරුවේ Epdesa සමාගමට පෙට්‍රල් කොන්ත්‍රාත්තුවක්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත 2026-03-15 සිට 2026-09-14 කාලය තුළ පෙට්‍රල් 92 Unl බැරල් 300,000 ± 5%ක් බැගින් වූ නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා සැපයුම්කරුවන් 06දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය මත…

(0)Comments | February 3, 2026 2:41 pm

‘පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030‘ සඳහා කැබිනට් අනුමැතිය

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව වසර 2030 වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම සඳහා සහ වසර 2050 වන විට කාබන් උදාසීනතාව ළඟා කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත මඟින් ද එකී සැලැස්ම සකස්…

(0)Comments | February 3, 2026 2:36 pm

ඉතිහාසයේ තනි මාසයක් තුළ පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය 2026 ජනවාරියේ දී

2026 ජනවාරි මාසයේ 277,327ක වාර්තාගත සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙයි. මෙය මෙතෙක් ඉතිහාසයේ කැලැන්ඩර් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව ලෙසින් වාර්තා වේ. 2025 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙය 10% කට ආසන්න වර්ධනයක් පෙන්නුම් කරයි. ගත වූ ජනවාරි මාසය…

(0)Comments | February 3, 2026 2:20 pm

මොටර් රථවල hidden door handles තහනම් කිරීමට චීනය තීරණය කරයි

චීනය ලබන වසරේ සිට සිය රට තුළ අලෙවි කරන මෝටර් රථවල hidden door handles විශේෂාංගය තහනම් කිරීමට තීරණය කර තිබේ. ටෙස්ලා මෝටර් රථ මාදිලිය විසින් මුල් වරට හඳුන්වා දෙන ලද මෙම විශේෂාංගයෙහි පවතින් මගී ආරක්ෂක ගැටළු හේතුවෙන් මෙම තීරණය ගැනීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඊයේ…

(0)Comments | February 3, 2026 12:46 pm

බදු ප්‍රතිපත්ති විශ්ලේෂණ ඒකකය නිල වශයෙන් ස්ථාපිත කෙරේ

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් බදු ප්‍රතිපත්ති විශ්ලේෂණ ඒකකය (Tax Policy Analysis Unit – TPAU) නිල වශයෙන් ස්ථාපිත කර ඇති බව නිවේදනය කර සිටී. එම ඒකකය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කර ඇත. ආදායම් විශ්ලේෂණය, බදු ප්‍රතිපත්තීන් හි ආර්ථික හා ව්‍යාප්ති විශ්ලේෂණය, බදු වියදම් ඇගයීම, ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ කටයුතු කිරීම, ජාත්‍යන්තර බදුකරණයට…

(0)Comments | February 3, 2026 11:58 am

IFC මූල්‍ය සහය සමඟ කොමර්ෂල් බැංකුව කාන්තා ව්‍යවසායකයින්ට සහ කෘෂි ව්‍යාපාර වලට මූල්‍ය පහසුකම් පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සඳහා විශාලතම ණය දෙන්නා ලෙස තම ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව, රට පුරා විහිදී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ණය දීමේ ධාරිතාව කොමර්ෂල් බැංකුව විසින් දැන් තවත් සැලකිය යුතු ලෙස පුළුල් කරගෙන ඇත. මෙම හවුල්කාරීත්වය…

(0)Comments | February 3, 2026 11:07 am