ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් පනවා තිබූ 25%ක තීරු බද්ද 18% දක්වා අඩුකිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණි බව අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම් නතර කිරීමෙන් පසු මෙලෙස…
2026 වසරේ පෙබරවාරි මාසයේ පළමු ගනුදෙනු දිනය වූ අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙලෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් වාර්තා විය. සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් අද දින වාර්තා වූයේ අඛණ්ඩ තෙවන දිනයට ය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.63කින් පහළ ගොස් ඒකක 23,681.68ක් ලෙසින් දැක්වුණු අතර S&P SL20 දර්ශකය ඒකක…
පෑලියගොඩ මැනිං වෙළඳපොළේ දෛනික මූල්‍ය ගනුදෙනු වඩාත් විධිමත් කරමින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වා දුන් නව මාර්ගගත ගෙවීම් පද්ධතිය (Online Payment System) අද (02) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරන ලදී . fmis.uda.lk වෙබ්…
2025 වසරේ දී අවප්‍රමාණයකට ලක් වූ ශ්‍රී ලංකා රුපියල, 2026 වසරේ ජනවාරි මාසය තුළදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 0.2%ක අතිප්‍රමාණය වීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6%ක අවප්‍රමාණය වීමක් වාර්තා කළේය. කෙසේවෙතත් ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ දී 12.1%කින්…
Forbes India DGEMS 2024ට අනුව ලොව වේගයෙන්ම වර්ධනය වන සමාගම් 100 අතරට තේරී පත්වූ, අත්දැකීම් බහුල දේපළ වෙළඳාම් සහ ජීවන රටා සංවර්ධන ආයතනයක් වන Fracspace විසින් සිය ප්‍රථම ජාත්‍යන්තර ව්‍යාපෘතිය වන ‘Altaira’ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාවට පිවිසියේය. රුපියල් බිලියන 5ක එනම්, ඇමරිකානු ඩොලර් මිලියන 15ක දැවැන්ත ආයෝජනයක් සහිත මෙම ව්‍යාපෘතිය…
කණ්ඩායමේ EBITDA (2025/26 තෙවන කාර්තුව): රු. බිලියන 23.76 (පෙර වසරට සාපේක්ෂව +68% ක වර්ධනයක්) කණ්ඩායමේ බදු පූර්ව ලාභය (2025/26 තෙවන කාර්තුව): රු. බිලියන 12.89 (පෙර වසරට සාපේක්ෂව +113% ක වර්ධනයක්) කොටස් හිමියන් සතු ශුද්ධ ලාභය (2025/26 තෙවන කාර්තුව): රු. බිලියන 6.48 (පෙර වසරට සාපේක්ෂව +128% ක වර්ධනයක්) ලාභාංශ: තිරසාර වර්ධනය පිළිබඳ විශ්වාසය තහවුරු කරමින්, අධ්‍යක්ෂ…
නිදහසින් පසු ලංකා ඉතිහාසය තුළ ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කිරීමට 2025 වසර සමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දැක්වෙන නවතම දත්තවාර්තාවන්ට අනුව නිරීක්ෂණය කළ හැකියි. එම වාර්තාවන්හි තාවකාලික ඇස්තමේන්තු අනුව 2025 වසරේ ජංගම ගිණුමේ සමස්ත අතිරික්තය වාර්තා වනුයේ එ.ජ. ඩොලර් බිලියන 1.7ක් ලෙසයි. 2025 වසරේ දෙසැම්බර් මාසයේ දී…
පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2025 වසරේ දෙසැම්බර් මාසය තුළ දී එ.ජ. ඩොලර් මිලියන 301ක් ලෙසින් සටහන් වී තිබේ. ඒ අනුව 2025 වසර තුළ රථ වාහන ආනයන සඳහා වූ මුළු වියදම එ.ජ. ඩොලර් මිලියන 2,047ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි….
කොළඹ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් ස්මරණය කිරීමේ අවස්ථාවක් අද (31) පැවැත්විණ. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවේ දී මහ බැංකු ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සිහි කරමින් සහ ආබාධිත තත්ත්වයට පත් වූවන්ට සුවය පතමින් “පුනරෝද්ගමනය” ස්මාරකයට…
අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (30) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශයේ ඒකක 23,812.31ක් දක්වා ඒකක 88.58ක පහළ යාමක් වාර්තා වූ අතර S&P SL20 දර්ශකයේ ඒකක 6,641.15ක් දක්වා ඒකක14.51ක පහළ යාමක් වාර්තා වුණි. සියලු කොටස් මිල දර්ශකයට අනුව 2026 ජනවාරි මාසය තුළ දී කොටස් වෙළෙඳපොළේ 5.25%ක වර්ධනයක් සිදුව…
Video Story